Sunday, November 30, 2014

නුඹ දන්නවද වෙරෝනිකා.........



නුඹ දන්නවද වෙරෝනිකා.........

දුක දරා සිසිරයේ
වසන්තය එළඹිලා
අතු අගින් පුන්චි මල්
එකින් එක පිබිදිලා
ස්නේහයේ උණුසුමින්
සියරා මස්රාමව සැනසිලා
ඒ උනත්
නුඹ නොමැති වසන්තය
මට තවම සීතලයි
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

ජීවිතේ වෙර සිදුණු
අප පෙම් කළ
අහින්සක මිනිසුන්ගෙ දෑස් අග
අදිටනේ පහන් සිළු දැල්විලා
උන් නගන සිනහ හඩ අසන්නට
ගිහින් එන්නම් කියල ගිය
ඒත් කිසිදා නේන
නුඹලත් මෙතන හිටියනම්
මොනතරම් අපූරුද
සිනහවක් දියකරන්
කදුලක්ම මතුවෙලා
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අරගලය පිටදමා
හදේ ගැඹුරක සැගවූ
කිසිදා නොකියූ
රහසක් නොවුණු රහසක්
එබිකම් කොට නුඹේ දෑසට
සුසුමින් පහස ලැබ
සිත් පුරා විදි නුඹේ සුවදම
තනිවෙනා වෙරළ කොණ
ළන්වී සවනතට
පවසන්න දුටු හීනය
වරදක්ද? පාපයක්ද?
මොක උනත් කම් නොමැත
වැළලිලා හදෙහිම
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

සාන්ත ක්ලේරා වීදි කෙළවර
දන්නා හදුනන මළ සිරුරක්
අවසන් මොහොතෙත්
තුවක්කුව අතනොහැරි
නොදැක්කා සේ ඇය මතින් පැන
ඉදිරියට දුවන්නට වුණ
අසරණ පෙම්වතෙක්
හැමදාම රෑට
මන් ළගට විත්
වෙඩි තියනව හදවතට
ගිණි තියනව ආත්මයට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අපි හදපු ඉස්කෝලෙ
නුඹේ පොඩි ගෝලයින්
එයාලගෙ පුන්චි ගුරුතුමී
දස අතේ හොයනවා
විප්ලවය දිනුව අපි
පොඩිකමට එකෙක් මට කියනවා
නුඹ කියපු කතාවක
අන්තිමට මොකද උනේ
උන් මගෙන් අහනව
පොඩි එවුන් එක්ක මන්
නුඹේ මතකය සුරැකි
වන වදුළු වෙත ඇදෙනවා
මේ ගස් අතර
උඹලගෙ ගුරුතුමී ඉන්නව
නුඹ කියා හිතාගෙන
අනේ උන් ගස් වලට
ආදරෙයි කියනවා
අඩන්නේ සතුටටද
දුකටද නොදැනම මමත්
ගහකට ආදරෙයි කියනව
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අප්රිමකාව දුර ඈත
අරගලය ඇවිලිලා
චේ එක්ක මාත්
නැව් නගිනව හෙට උදේ
කියල යන්නයි ආවෙ
සියර මස්ට්රාආවට
ඒවගේම නුඹට
පුලුවන් උනොත්
ගිහින් එන්නම්
පෙරදාක පොඩි කෙල්ල නුඹ
ඒත් දැන් නුඹ ගාව
මන් පුන්චිදැයි හිතෙනව
නුඹ නමින් කවි ලියන
පන්හිදෙන් සමුගනිමි
මතකයන් පමණක්ම
සින්නක්කරව අරන් යමි
පරමවූ ප්‍රේමයක
අරුමය දැනෙයි මට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

(  https://www.facebook.com/photo.php?fbid=518166158260139&set=pb.100002002790094.-2207520000.1417401171.&type=3&theater )






Friday, November 21, 2014

ස්නේහයේ ගරිල්ලෝ.................



ස්නේහයේ ගරිල්ලෝ.............

වසන්තයෙ හිම මිදුණු
සාපලත් යුගයක
සිසිරයට උණුසුමක්
අරන් ආවේ නුඹලයි
ඝනදුරැ දවාලක
පහන් සිළක් සේ දැල්වුණ
සිහිනයම නුඹලයි
ඒ බව ඇත්තයි, ඇත්තමයි
ඒ උනත්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

වෙර සිදුණු යටත් වුණු
එකම අච්චුවේ මුහුණු
දැකලාම හෙම්බත්ව
අධිෂ්ඨානයෙන් විකසිත
ප්‍රේමයෙන් ආතුර
අරැම මිනිස්සු වගයක් 
ඇවිල්ලා සියරා මස්ට්‍රාවට
ආරන්චි මාත්‍රයටම
තබා දිවියම පරදුවට
ආවෙමි සොයන් නුඹලාව
එදා මන් නෙමෙයි අද
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

නොකපන රැවුල් කොන්ඩ
කාකි ඇදුමෙන් වැසුණු
අවි අත දැරැව
කිසිදා නෙත නොදුටු
පිළිවලක් ඇති
සුරුට්ටු උරන
අපිළිවෙල මිනිස්සු
සිනහව හරි සරලයි
කියන බස්නම් ගැඹුරැයි
මුලදි කුනු හරැප වාගෙයි
කාලය ගෙවී ඇත
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

වෙනසක් දැනුණ
අපේ ඇස් හමුවුණු පළමු දින
මතකද දොළ ගාව වාඩිය
නුඹෙ නමින් කිති කැවුණු
කිසිදා හමුනොවුණු සිතුවිලි
නුඹේ ඇස් මත ඇදුණු සිතුවමක
විප්ලවේ රතු ධජ අතර
මාවත් සිත්තම් වෙලා අස්සක
මන් දැක්ක හිටියට
නොදැක්ක සේ බොරැවට
වැසිදාට වාඩිය ගාව දොළෙන්
කර තබන් නුඹ එගොඩ කළ
ඒ පුන්චි කෙල්ල නෑ ඉතින්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

සිහිනයක් වෙනුවෙන්
දිග ඇරැණු අරගලය
අපි අපිව උරගාන
නිමේෂය ඇවිදින්
සිත පුරා ඇවිළෙන
හද පුරා කකියන
දෙතොලගින් පොපියන
ඔය වචන ටික ගිළගනින්
බර වෙච්ච හදවතින්
බෑ ළය දෙන්න එඩිතරව
උන් එවන උණ්ඩයට
අනේ... මට සමාවෙයන්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

යනවාලු අල්ලන්න
සාන්ත ක්ලේරා හවානා
ඉන්නලු නැවතිලා
සියරා මස්ට්‍රාව බලාගෙන
පිස්සුද නුඹට
වෙරෝනිකත් ආසයි බලන්න
රතු මල් පිපුන හවානාව
සියුමැලි අතින් වුව
කොකා ගැස්සුවොත්
මනුස්සයෝ.....
පිටවෙන්නෙ වෙඩි උණ්ඩමයි
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

ආසයි මන් නුඹත් එක්ක
හැන්දෑවක ඇවිදින්නට
සිසිල් සුළග වෙරළ කොනක
හිස තියාන ළය මඩලට
බොළද වදන් තෙපලන්නට
හිරු සැගවෙන නිමේෂයක
දෙතොල් අගින් එක්වෙන්නට
කවදා හරි නුඹේ නමින්
මව් සිහිනය කුස දරන්න
පාගාගෙන ඒ සිතුවිලි
ඔපදමනෙමි තුවක්කු බද
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

එමි යන්න නුඹ එක්ක
පිටිපස්සෙන් නොව එක පෙලට
වෙඩි උණ්ඩ වැසි මැද්දෙ
දළුලාවි ප්‍රේමයම
අතර මග මියදුනත්
නොනවතිමි නුඹ ගාව
නුඹෙ උණ්ඩත් ගෙන අතට
වෙඩි තබමි පෙර සේම
දිනන දා අප පැතුම
ඉකිගසා හඩන්නෙමි
කෑගසා කියන්නෙමි
මන් නුඹට ආදරෙයි
දැන් යන්න වෙලාවයි
දෙන්න මට තුවක්කුව
පරම වූ ප්‍රේමයක
අරුමය එයයි
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්...

( https://www.facebook.com/photo.php?fbid=510069819069773&set=pb.100002002790094.-2207520000.1416634842.&type=3&theater )

ලෝක තරුණ ආතල්......................



ලෝක තරුණ ආතල්......................

මහත්වරුනි හම්බන්තොට
දැන් හරි ෂෝක් නේද
ලෝකෙම කොල්ලො කුරුට්ටො
ගෙන්නල පෙන්නුවම
ආඩම්බරයි නේද
උඩුවියන් රතුපලස්
රස භොජුන් සැරසිලි
ඇස් රිදෙන
දිව ගිලෙන
ආශ්චර්ය දැන්නම්
දැනෙනවා බොක්කටම
දවස් එකසිය පනහක් ඇත්තට
හැරිලවත් බැලුවෙ නැත
රට පුරා උපවාස බිම්වල
ප්ලේන්ටියෙන් බඩ පුරවන
සරසවියෙ තාරුණ‍යය

චූ කරන්නවත් නැගිටින්න
ඉඩක් නෑ මැෂිමෙන්
රුපියල් දහදාහක
පඩි ලබන වහලියන්
මතකද පෑන්ටි මහන
වෙළද කලාපෙ තාරුණ‍යය

පෙම්වතාට රැවටුණු
අවුරුදු දාහතරෙදිම
මොකක්ද පටලෙ ඉරුණු
පැයට දාහට විකිණෙන
මරදානෙ මඩමෙ තාරුණ‍යය

ජීවිතේ හීන කරගහන්
පොට වැරදිච්චි මාවතේ
ආත්මයම උගසට තිබ්බ
බස් එකේ හන්දියේ
මට මුණ ගැහුන තාරුණ‍යය

කැදවන්නෙ කවුද කවද්ද්ඩ සමුළුවකට
අහන්නට ඇත්තම ප්‍රශ්න
හොයන්නට විසදුම්
පරිස්සමින් මහත්වරුණි
උන් උන්ගෙම සමුළුවක්
කැදවාවි දවසක
ඔය මැදුරු පදනම්
දෙදරාවි එදවස

සීතළ කරපු මැදුරක
සාද කථාවන් පිරුණ
සිනාවෙන් සරසපු
අයිසින් කේක් කන
කූල් ඩ්‍රින්ක්ස් බොන
ලෝක තරුණ ආතල්........

( https://www.facebook.com/photo.php?fbid=642539115822842&set=pb.100002002790094.-2207520000.1416634187.&type=3&theater )

Thursday, November 20, 2014

ආදර බර පුන්චි කෙල්ල...........


ආදර බර පුන්චි කෙල්ල...........

සියරා මස්ට්‍රාවේ සුපිපි කුසුම
ඔත්තුකාර රකුසු ඇසින්
වහන් වෙවී තිරිගු ඇද්ද
චේගෙ පස්සෙ වැටුණු
ගරිල්ලාට පෙමින් බැදුණු
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

ගිණියම් සටන් බිම
සැරි සරන රතු සමනළිය
වෙඩි උන්ඩ සිදුරු මත
ස්නේහයේ ඔසු ගල්වන
හැන්දෑවෙ ගිණිමැලය ළග
ගී කියන කිරිල්ලිය
ඒ ගීය මට නේද?
අසන්නේ මන් කොහොම
සටන් බිම ඇවිළිලා
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

අප සිහින සමාජය
උදෙසා මහ පොළවෙ අරගලය
චේ ඊයෙත් මට කිව්ව
සහෝදරය ජය අපිට
කියුබානු බිම පුරා
රතු ධජ ලෙළෙනා දිනෙක
ඉඩදෙනවාද මට
ආදරණීය මිනිසුන් අතර
හවානා වීදි කෙලවරක
නුඹේ මුව සිපගන්න
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

දැරැවාට ගිණි අවිය
හරි බරයි මට මේක
මේ මහා වගකීම
උර මතින් බිම තබන දින
පන්හිදම තුරුළුකොට
ලියමි කවි දහසක්
වෙරෝනික නුඹෙ නමට
ඇතැගිලි බැද නුඹත් එක්ක
ඇවිදින්නට අනන්තයට
තුරුලු කරන් ළය සයනෙට
ළන්වී ඔබෙ සවනට
රණ ගී ගැයු මුවගින්
ආසයි මට මුමුණන්නට
හරිම සරළ පෙම් කවියක්
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

වෙලාව ඇවිදින් යන්න
හැරදමා සියරා මස්ට්‍රාව
එළිමහනෙ අවදානම්
වීදියෙ සටන් බිමට
එක් වරක් මෙහෙ බලනු
කදුළු පිරි දෙනෙතින්වුව
සිනහවනු දැන්ම
මතකය අරන් යමි යන්න
තුවක්කුව පමනක් නොවේ
දැන් දැන් බර මෙමට
දිනන දා විප්ලවය
රතු ධජය ගෙන දුවන් එමි
හද බැදි සියරා මස්ට්‍රාවටම
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

ඇත්ත කටුකයි
ඒ කටුක බව ඇත්තයි
යළි නො එන්නට ඉඩ බෝමයි
වෙඩි වැදුණු දින සාය ඉර
නුඹ බැන්ද වෙළුම් පටිය
පපුව ළග උඩ සාක්කුවෙ
ඇත තාම සත්තයි
වෙරෝනිකා
ඉතින් මන් නාවොත්
සියරා මස්ට්‍රාව පාමුල
අපි හදපු පුන්චි ඉස්කෝලෙ
පොඩි උන්ට කියාපන්
එකෝමත් එක කාලෙක
අර පේන කදු අතර
රෝස මල් අතින් ගත්
මිනිස්සු වගයක් හිටිය
ඔයාලට ගොඩක් ආදරය කළ
ඒ ආදරයටම ජීවිතය දිය කළ
නුඹේ පුන්චි ගෝලයො අතර
අන්තිම පෝළිමේ කෙළවර
පොඩි එකෙක්ගෙ දෑසින්
අපි හදපු සොදුරු ලොව
මන් දකින්නම්
ඔසවන්න උන්ව ඉහලට
අපිටත් වඩා දුර ඈත
ලෝකය උන් දකින්නට
පරම වූ ප්‍රේමයක
අරුම කියනුව
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

( https://www.facebook.com/photo.php?fbid=507355226007899&set=pb.100002002790094.-2207520000.1416543635.&type=3&theater )

ප්‍රමාද වූ කවියකි මේක..................




ප්‍රමාද වූ කවියකි මේක..................

ප්‍රමාදවූ කවියක්
ලියන්නට මම
මග ඇරුණු අකුරු අද
හොයනවා හැම තැනම
කැඩපතක් අද්දර
පැමිණිල්ල ගොනු කරන්නට
කදුළු පිරි නුඹෙ දෙනෙත යට
සිනාවක් තවරන්න
මහමෙරක ආදරේ
හකුළුවා හාදුවක
නුඹේ නළලත වැඩ ඉන්න
ප්‍රේමයේ හුස්මක්
මොනතරම් සැහැල්ලුද
පියඹමුද අපි
කිරළ පැටවුන් එක්ක
උදුපියළිය අරන්
හදේ හාවට දෙන්න
නුවර යමු කොච්චියක
ගැරඩියෙක් හොයාගෙන
අතර මැද මහන්සියට
ඉස්සො වඩයක් කමුද
මතකයන් රාමු කර
නිදහස් චතුරස්‍රෙ එල්ලමුද
බලන්නට එන අයට
වෝකර්ස් කැෆේ එකෙන්
ආප්ප දෙමු නේද
රතු පාට සිත්තම
නුඹේ පින්සල් පාරෙන්
තව තවත් හැඩ වෙන්න
සෙනෙහසක් අද්දර
අර මහා කදු ශිඛර
සමතලා වනු ඇත
ජීවිතේ වන්දනාවක
ප්‍රේමයක් මතුරමින්
එන්න යමු හොයාගෙන
සිසිළ දෙන නිම්නයක්
සැනසුම් සුසුම්
මද පවන විදින්නට
සිහිනයක් මත නැගිට
ප්‍රමාද වූ කවියකි මේක
තවම පරක්කු නැති..........

( https://www.facebook.com/photo.php?fbid=709976649079088&set=pb.100002002790094.-2207520000.1416542591.&type=3&theater )

Monday, November 17, 2014

මේ කොළඹ මන් දැක්ක ලස්සනම දසුස්න ඒකයි............



මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

විදුලි එළි ඇස් නිලන්කාරය
අපි ගිහින් කැත වෙයිද
විහාර මහාදේවි උයනත්
දැන් හරිම භයන්කාරය
බාට දාපු දෙපයට
පල නොකිය පලා බෙදන
නිදහස් චතුරස්‍රය හතරැස්ය
අහස සොයන් උස යන
මහා මන්දිර අද්දර
පොළවත් අහිමි මිනිසුන්ය
ලැම්බෝගිනි යන පාරක
ෆුට් බෝඩ් එකේ ඉඩ සොයන
මැද පන්තියේ මහතුන්ය
කොටුවත් දැන් හරිම ලස්සන
ගල් අල්ලලා පොළවට
මග ඇරුණු බදුල්ලෙ ට්‍රේන් එක
ගතටත් වඩා හිත වෙහෙස රාත්‍රිය
ගල් අල්ලන පොළවට 
අයිය වැඩ ජයටම
රෑත් නෑ නිවාඩුව
බඩගින්නෙ අඩන පොඩි උන්
ගැනම සිහිකර දිරි ගන්න
පොළව සිප ගන්න යකඩ මිටියට
දුක හිතෙන් නැද්ද උඹ ගැන
දඩියෙන් තෙමුණු මුහුණයි
කදුළක් නලියන දෑසයි
බුලත් විට කහට දත් දෙපලයි
උඩ බලන් දුවන උන්ට උව
පුදන ඔය හිනාවයි
මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

( https://www.facebook.com/photo.php?fbid=604391259637628&set=pb.100002002790094.-2207520000.1416290071.&type=3&theater )

වමට පියවර තබමු අද අපි.....................


වමට පියවර තබමු අද අපි.....................

විඩාබර දෑසකින්
පාළුදෙන මනසකින්
මළසොහොන් හැගීමක්
කරගහන් කොහේදෝ යන්නෙ අපි
තරු කොහේ වළාකුළුත්
හොයන්නට නැති
අහස් වියන් යට
වල් පැළත් කරවෙච්ච
ගිණියම් පොළවකි මේක
ජය කණුව නැති තරගෙක
පළමුවැනියා හොයමුද
පින්තාරු සිනහවක අපි
සතුට සරුන්ගල් අරිමුද
හීන පන නහපු පොළවක
අධිටනක් දියවෙලායාවිද
වැරදිච්ච තැන් අපමණ
මොනතරම් වටිනවද හෙටකට
ඉතින් නින්දා දෙන්නෙ කුමටද
පාරම්බෑවට ඔච්චර
සරුවපිත්තල ක්‍රමයක
උත්තර ලැබුනද උඹලට
රකින්නට කොච්චර
මිනිස් පරඩැල් අතර
පියාසර හොයමු අද
අළුතින් දළු දාන
මිනිසුන් දසත
දැවුණු වනයක
අළුත් පැළ ගැන
රදවමු අපි සිහිනයක්
වෙරගෙන ඉතින් හදවතට
වමට පියවර තබමු අද අපි.........

( https://www.facebook.com/photo.php?fbid=741142465962506&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )

දෙනවද ඔය සිනහව............



දෙනවද ඔය සිනහව............


කථාකරණ ඇස් වලට ළන්ව
හාදුවක් ඔය මුවග 
තවරනා ඇසිල්ලක
පූජනීය නිහඩබව
ගහකොළත් අවනත අපට
සිමෙන්ති බන්කුවක්
මොන තරම් සිනිදුයිද
හිතයි මට අත්වැල් බැද
දිවයන්න නුවරට
පයින්ම මහ රෑක
නුඹ එක්ක දොඩවමින්
බොළද බස් කප්පරක්
ඉන්නවද බලන්න
ගැරඩියෙක් පේරාදෙණියෙ
වැව් බැම්මෙ සුළග
තාමත් සීතළද
පාන්දර කෝච්චියෙ
නිදිසුව විදින
නුඹේ හැඩ බලන්නට
රෑ අදුර ඉරිසියයි
මන් නුඹේ මුව සිඹිනවට
බසයට නැගී සිනහවෙන සද
හිතුන ඉල්ලන්න
දෙනවද ඔය සිනහව
ගෙදර ගෙනියන්න....


Friday, November 14, 2014

කණාමැදිරි එළියක්...............



කණාමැදිරි එළියක්...............


ඇස් නිළන්කාරවෙන
දහසක් විදුලි එළි මැද
වෙහෙසකර සිතට
සුව සදන
කණාමැදිරි එළියක්
ගිණිකන නොවැටුණට
මොනතරම් ලස්සනද
සැහැල්ලුවට පාවෙන.........


ගිහින් එන්නම් කියන්න....................



ගිහින් එන්නම් කියන්න....................


මතකයි තාම ඒ දවස
ෆයිල් කවරත් තුරුළු කරගෙන
අපි ආවෙ සරසවියෙ හෝඩියට
බිම බලන් ඇවිද යන
භිය පිරුණු නෙතු අතෙර
හිතවතුන් මුව සොයන
සෙනෙහසක ගාල් වෙන්නට
එකෙක් එනතුරු
හැටක් බඩවල
පනුවන්ට දුක් දුන්නු
පැය ගණන් අල වෙද්දි
අපි එක්ක තනි රැක්ක
ප්ලේන්ටිය බුදු වෙන්න
දේශපාලනය ඉතිහාසය
සාහිත‍ය ආගම
කලාව දර්ශනය
එහා ගෙදර අක්කගෙ
වැලේ වනපු යට සාය
අරකද මේකද
ටොන් ගණන් මුසාවාද
වැමෑරුව ලෙක්චර්ත් කට් කරන්
පෙම්වතාගෙ පෙම්වතීගෙ
ආරවුල් පලහිලව්
කිය කියා ඇඩුව කදුළු
එකතු කළානම් බාල්දි වලට
නියන් කාලෙට අස්වද්දනව
අක්කර ගාණක් කුඹුරු
සිනහවුණු රණ්ඩුවුණු
මතකයන් ඉතිරිකර
කාලය ඉගිල ගිය
ලෙක්චර්ස් එසයින්මන්ට්
මිඩ් ප්‍රසන්ටේෂන්
පදමට අනා විරේකවන
එන්ඩ් එක්සෑම්
කෝළම අවුල
වන්කගිරියෙන් බැහැල
අපි නොගිය සීපාදෙ
කවදත් සෙවණ
කැන්ටිම ළග රැදුණ
ඉදහිට මත්වෙන්න
මධුවිත තහනම්ද
ගීයක තාලෙ ඇල්ලෙන
වීදි රත්වෙන
සටන් පාඨත් හිග නැත
පේරාදෙණිය යාපහුව
බතලේගල නුවර එළි
හන්තාන යාපනේ
තව ගොඩක් තැන්වල
අපෙ සිනහ හඩ ඇත
ඉක්මනට ඉවරකර
යන්නයි ඉන්නෙ
පාරම් බෑව
සමුගන්න තත්පරේක
තවත් දවසක් ඇත්නම් හිතෙන
කුප්පියක රහ බලල
ගෝල්ෆේස් යන්න
ආසයි උඹලත් එක්ක
ආයෙමත් හෙවන්ස්වල
අල වෙන්න
ආයෙ එන් නැති උනත් 
ගිහින් එන්නම් කියන්න..............

( https://www.facebook.com/photo.php?fbid=739586122784807&set=a.169941886415903.41399.100002002790094&type=1 )

උස ගියත් අහසට..............



උස ගියත් අහසට..............


උස ගියත් අහසට
මුල් ඇද්දෙ පොළවට
බය වෙන්නෙ මොකටද
අහසට ළග වගේ පෙණුනට
සෙවණක් සැදුවෙ
ඵල දැරුවෙ
මුල් ඇද්දෙ පොළවට.....

Thursday, November 13, 2014

දස සිල් අරන් ඔක්කොම.................



දස සිල් අරන් ඔක්කොම.................


වයිශාවන්ගෙ නගරෙක
දස සිල් අරන් ඔක්කොම
දානෙ වළදන ලස්සන
සිල් රෙද්දෙ දිස්නය
මළ මිනී උඩින් එළු
පාවඩ මතින් වඩමවන
පාරිශුද්ධ කරඩුව
මරණයක් අද්දර සිනාසුනු
බැතිබර හඩින් නගයි සාදු
උපාසක අම්මලගෙ හැඩරුව
කොච්චරනම් සුන්දරද

පෙරදා රැයේ
කිරි සුවද නැසු පිච්ච මලක
රතු පැහැ වසා ඇදි සුදු සරන්
ගොක් කොළ තොරන් බදින
සත් ගුණවත් උපාසක මහත්වරු
අභිධර්මෙ ගැඹුරු තැන්
කතා කරණ අපූරුව
නෙළුම් මල් වට්ටි හිසින් ගෙන
පිච්ච මල් පාගගෙන
අන්න එනව බණ මඩුවට
කියමු දැන් තවත් සාදුකාරයක්

මේ පින්වත් නගරෙ කෙළසන
එකම වසලිය ඇයයි
බණ මඩුවෙ බාල්කෙ එල්ලල
උපාසක අම්මෙ තාත්තෙ
ඔය පුන්යවන්ත දෑතින්
ගහපන් ඇයට ගල්

( https://www.facebook.com/photo.php?fbid=540172746059480&set=pb.100002002790094.-2207520000.1415936242.&type=3&theater )

ස්පාටකස් මැයි ගීතය



ආදරේ සදාතනික පැහැය..........................

කම්හලක යකඩ ගොඩවල් අතර
දියව යන මිනිසුන්ට
ජීවිතේ වැරදුණු මැහුම
හොය හොයා ජන්ගි මහන
කලාපෙ සොයුරියනට
පිට පැළෙන ගිණි අව්වෙ
පිට කොටුවෙ වේල් අදින
නාටාමි සොයුරන්ට
වියළි කටොර බිම
දහඩියෙන් දෝවනය කර
සරුබිම් කරණ
වකුගඩු අහිමි ගොවියන්ට
දස අතේ රතු ධජ
දෑකැතිද මිටි
තොපේ සතුරන්ම වේදිකාමත
තොපිට විරුවන් කරණ
රුපියල් පන්සීයට 
ගල් කාලට
මහේශාඛ්‍යය වේදිකා අද්දර
වෙරිමරගාතෙ සරන් කඩන්
නුඹලා හදවතට ඇණ ගහන
උඹලගෙම කිව්ව දවසක
අයිතියත් උන් අරගෙන
පෑගෙන තැලෙන පොඩිවෙන
දුක් විදින මිනිසුන්ට
කියන්නට ඇත කථාවක්
ජීවිතෙත් උඹලගෙන් උදුරගෙන
ක්ෂිජ ඉම පොළවේ ගැහුව
නුඹලා දකින හීනවත්
නුඹලගෙද හිතුවද

මිනුසුනේ කල් ඇවිත්
අළුත් ඉරකට නැගෙන්නට
උදාගිරින් ඉඩ නැත්නම්
අවරගිර අහසින්
දවාලක නොවේනම්
රෑ මැදියමක හෝ
කඩා පනින්නට අහසට
දුක් විදින මිනිසුනේ
ආදරේ කරල්ලා
දහඩියට කදුළට
නුඹලගේ සුසුමකට
කරගැට නැගුණු දෑත්
සිපගනිල්ලා තදින්
අත්වැල් බැදන් කිටි කිටියෙ
ඇවිදන් වරෙව් සටන් බිමට
ජීවිතේ ලබන්නට
හීනයක් හොයන්නට
ආදරේ දිනන්නට
ඒ සෙනෙහෙ දිනන දා
නව ලොවක් ගොඩ නැගේවි
ඇත්තමයි ඒ ලෝකෙ
උඹලගෙයි උඹලගෙමයි
දන්නවද දෙයක්
ආදරේ සදාතනික පැහැය
රතු පාට මිස කුමක්...............

( https://www.facebook.com/photo.php?fbid=640072646069489&set=pb.100002002790094.-2207520000.1415933402.&type=3&theater )

ඉනික්බිති මේ හුදෙකළාව.............



ඉනික්බිති මේ හුදෙකළාව.............

ඉනික්බිති මේ හුදෙකළාව
මොනතරම් සුන්දරද
ඇගේ සිනාවෙන් සරස
මගේ හදවත අද
උණුසුම්ය ප්‍රේමයේ
ආදරණීය පන්හිද ඉතින්
සමාඅවසර මට
පෙරදාක හැමදාම
නුඹ එක්ක තනිවුණ
බන්කුව ළග
ප්‍රේමයේ තිරින්ග
තදකළා මම
ඇගේ ප්‍රේමෙට ගොඩවෙන්න
උකුළත නිදිසුව විදින
ඇසිල්ලක මතකය දැල්වුණා
තනියම අඩපු බන්කුව මේක
මතකය පවා බර දෙවන
සුසුමකින් මා ගිණිගන්න
ඇගේ එක් හාදුවක් පවා
නිවාලයි ජීවිතය
අරුමයකි මට තාම
ඇය කොහොම කළු ගල්
දිය කරන්නේ මෙහෙම
ආදරේ කියන්නේ ඒක
දැනෙනවා මට එහෙම
මුවට මුව ළන්ව
සුසුම් ඉවකරණ මොහොතක
දෙගොඩ යයි ආදරය
ගැබ්බරව සෙනෙහසින්
ඉපදෙනා හිනාවක
අසිරිය දකින්නෙමි
ඇගේ දිළිසෙන ඇස් අගින්
ඉතින් බන්කුව උඹව
දකින හැම වාරයක
ඇගේ උණුසුම දැනෙනවා මට.........

( https://www.facebook.com/photo.php?fbid=655333624543391&set=pb.100002002790094.-2207520000.1415933396.&type=3&theater )

මේ හාදුව උඹලටයි...................



මේ හාදුව උඹලටයි...................

පුරවර අහස් කුස
තරු නැතිව ඉකිගැහුව
කළුවරම තුරුළුකර
කැන හිවළුන් උඩු බුරන
මග වැරදි මාවතේ
ඉතින් අපි අතරමන්
පැතුම් දිය කරපු පොළවට
සිහිනයේ ගිණි සිළුව අරගෙන
පිය නගන සොයුරනේ
ඉඩදෙන්න මට වැළදගන්නට
ඔබේ පාමුල 
තබමි මේ කවි

උපවාස බිම නොවේ එය
ස්නේහයේ බිම් කඩයි
සහෝදරකම් කදවුරු බදින
නිමේෂය ඇවිත් අද
අපේ ධ්‍රයිර්යය උරගාන
අත් වැල් බැදන් කිටි කිටියෙ
සොයුරණි මෙහේ දිව එන්න
ආදරේ හොයාගෙන

තනි තනිව දුටු හීන
එක නූලෙ අමුණනන
පුරවර අම්ම ගෙල පැළද
හැඩ බලා සැනසෙන්න
ජීවිතේ කටොර මග
සිනාසළමින් ඇවිදින්න
පන ගැහෙන සීතලට
ප්‍රේමයේ උණුසුම දෙන්න
විද්‍යාල මන්දිරය
අද දවසෙ දෙදරන්න
එකම එක සටන් පාඨයක්
අපි ඔක්කොම මොර දෙන්න

අපේ උරුමය රැදුණු
අපිට තහනම් බිම්කඩක
අයිතිය පතා අරගලය
හදවතින් මුව තබමු
පිනිබාන මදුරුවො කන
පේමන්ට් එකේ රාත්‍රිය
මොනතරම් සුන්දරද
සොයුරු පෙම පොරවගෙන
අරගලේ උණුසුමට ගුළිවෙච්ච

ඉතින් සගයිනි අසව්
තව තවත් එක්වෙයව්
නව යුගය බිහි කරණ
ජය දදය ඔසවගෙන
කදු මුදුන වෙත යමව්
කළු පාට අහස් කුස
අනේ පුන්චි තරු කැට
අර එකින් එක පායනා
කැන හිවල් හඩ පැරද
සින්හ ගර්ජන දසත
ඇසෙනවා අපට
පරපුරක උරුමයට
සටන් වැදි සොයුරනේ
කවියකින් එවන
මේ හාදුව උඹලටයි...........

( https://www.facebook.com/photo.php?fbid=658253614251392&set=pb.100002002790094.-2207520000.1415933396.&type=3&theater )

Wednesday, November 12, 2014

ගිනි පුපුරක් පමණක් එහි දමන්න.......




බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක් පමණක් එහි දමන්න. ගිනි ගන්නා සුළු කිසියම් දෙයක් එහි වේ නම් එය ගිනි ගනු ඇත.

( ඇනටෝල් ෆ්‍රාන්ස් )
( පරිවර්තනය - වී. අන්ද්‍රාදි )

Tuesday, November 11, 2014

සින්ඩරෙල්ල වැරදිද?




සින්ඩරෙල්ල වැරදිද?
( ඉතිහාසය විසින් සගවන ලද සින්ඩරෙල්ලාගේ
සත‍ය්‍ය කථාව )

ඔව් මමයි කුමරිය මාළිගයෙහි
වළන් හේදුව කුස්සියෙ
සින්ඩරෙල්ලත් මමමයි

විඩාබර දිවියක
බැණුම් පමණයි උරැමය
සිහිනයක්වත් නොමැතිව
නුඹමවිය සැනසිල්ල
කුමරුන් වැඩිය හැමදාම
කුස්සිය පිටිපස්සට

වියළි වැලි කතර
පොළව ඉරිතැලුව
සිපගන්න වැහි බින්දු
මොනතරම් සනීපද
ඒ වගෙයි මටනම්
නුඹෙ දසුන මනරම්
ඔය වදන් සිහිලැල්

සුරගනක් ආවැයි
යන්න මග කීවැයි
යායුත්තෙ කොහිදැයි
නිච්චියක් නැතිවයි
යායුතුම විය
නොයාසිටිනු බැරි විය
විකල්පයක් නැති විය
මාත් උත්සවයට පිටවිය

කුමරුන් මන බැන්ද රූ සපුවයි
ඔහු සමග සිනාවුණු දත් දෙපළයි
රෑ පුරා ඔහු හා නැටුවයි
ඒත් හදවත
නුඹ ළගම රැදුනයි
මොකක් හරි වැරදිනි
ගැලවෙන්න බැරිවිණි
කරුමයක සිරවිණි
සපත්තුව ගැලවිණි

ඔහු සමග මා ගියේ සතුටින්
කෙළස නුඹ මෝඩයෝ සිතුවේ
ආදරය සැකද මාගේ
සපත්තුව පයට සරිලනා කළ
විලන්ගු වැටුණි ජීවිතයට
ඔහු රජුයි දෙරණේ
මා සින්ඩරෙල්ලයි කුස්සියේ
රාජකීය මන්ගල උළෙල
චිතකය විය හදවතෙහි
මධු සමයෙ සයනයක
සියදිවි නසාගත්ත මගේ ආත්මය
ඔව් මන් ගියේ නෑ කුස්සියටට
කෙළස මා විදගම්ද
මතකයන් පාරන හදවතම

මේ දියමන්ති ඔටුන්න
හරි බරයි මගේ සිරසට
මේ දිස්න දෙන්නේ
නුඹේ දහඩියයි
දුප්පතුන්ගේ රුධිරයයි
මතකයි තාම මට
පිළිකන්නෙ දේශපාලනේ
මේ සියලු අසිරිය
වධකාගාරයක සිරියයි

කැරැල්ල ඇරඹුණා
වීදි දිග රත්වුණා
රජ මැදුරත් හෙල්ලුනා
කැරලි නායකය කදිමයි
ඔහු හරිම තරුණයි
සේවිකාවන්ගෙ කුටු කුටුවයි
ඒ නුඹද සිතුනයි
තිබුනනම් අසිපතක් අරගෙන
නුඹ සමග රණ බිමට යන්නට
අවැසිනම් මගෙ දිවිය පුදනට
දැන් දැනේ මට
කුස්සියෙ සින්ඩරෙල්ල
මොනතරම් වාසනාවන්තද

අඩන්නට කදුළුවත්
ආවෙ බොහොමත් කාලෙකින්
හෙට දවසෙ නුඹ මැරෙනව
වීරයෙක්ව හැම හදක වැජඹෙනව
මම වැඩියෙන්ම වයිර කරණා
මිනිහට ආදරය කළ
කුමරියව හෙට දවසෙ
සුරගන කතාවක ලියවේවි
රත්තරනෙ දැන් කියනු
සින්ඩරෙල්ල වැරදිද?

( https://www.facebook.com/photo.php?fbid=557893947620693&set=pb.100002002790094.-2207520000.1415771507.&type=3&theater )

පරාජිත පෙම්වතා වෙමි.................



පරාජිත පෙම්වතා වෙමි.................
(ඉතිහාසයෙන් සගවනලද සින්ඩරෙල්ලාගේ පෙම්වතාගේ අවසන් සටහන )

රජ මැදුරට ගිය සින්ඩරෙල්ල
සේද සළු නැති
විළවුන් සුවද නැති
ගොමස්කඩ ගවුමට ඉසිණු
දහඩිය සුවද හැර
රජ කුමරුවන්
අහක බලන් ගිය කාලෙක
නුඹ කොච්චරනම් ලස්සනද
මම කිව්ව මතකද

නපුරු කුඩාම්මයි
සොහොයුරියො දෙන්නයි
උපන්නත් මැදුරෙ
නුඹ හිටියෙ අපේ පන්තියෙ
නුඹ වළන් හෝදද්දි
උදළු මිටට හේත්තු වෙලා
පැය ගණන් නුඹ දිහා
බලන් සිටි අසරණය
එහා ගෙදර වත්තෙ වෙඩ කරපු
කොල්ල දැන් අමතකද

මුනිවත රැකපු
නෙත් සැරය විනිවිදපු
හදවතත් නතරවුණු
මදහසක අරුමය
කුමරුවන්ගෙ ඉතිහාසෙක
පිටු කඩා සගවපු
සුරගනක් ඇවිත් ගිණිබින්ද
අපෙ අහින්සක ප්රේණමයට

මාත් එක්ක පැනයන්න
කදුකරයෙ සැගවෙන්න
පුන්චි පැල්පතක අපි
සෙනහසින් ගුළි වෙන්න
හිටියෙ නුඹ ඇගිලි ගැන ගැන
රජ මැදුරෙ සැප හීන
සරුව පිත්තල ලෝක
නුඹෙ දෑස් අන්ධ කළ
ධනවාදෙ සුරගන
ලස්සනට හිටියට
ඔය ගෑණි නපුරුයි
වඩා නුඹෙ කුඩාම්මට

නුඹ ගියා රජ මැදුරට
කදුළු සගවා මාගෙ ඇස් අග
නුඹේ මන්ගල පෙරහැර
වැඩකාර කෙල්ලො ඔක්කොම
අත වැනුවෙ උඩ පැන පැන
අපේ එකෙක් ගොඩ ගියා සතුටට
ඒත් උන් තවමත්
ඒ තැන්වලම හෙම්බත්
රජ මැදුරෙ කුස්සියට
ගියාද නුඹ නිකමට
සින්ඩරෙල්ලලා තවමත්
වළන් හෝදනව දැක්කද

නුඹේ සැමියගෙන්
මරණ දඩුවම ලැබූ
කැරළිකාරයා මමයි
හෙට උදේ එල්ලන
ඔහු ළගින් වාඩිවී
නුඹත් නරඹනු සතුටින
නුඹේ කුස්සියෙ සින්ඩරෙල්ලලා
අතේ අසිපත් ළෙලදෙනා දින
සුරගනන් කුමටද
උන්ම දිනාවි
උන්ගෙ උරුමය
බර වෙච්චි හදවතින්
නුඹෙන් සමුගන්නා
පරාජිත පෙම්වතා වෙමි.........

( https://www.facebook.com/photo.php?fbid=554091571334264&set=pb.100002002790094.-2207520000.1415771507.&type=3&theater )

ආදරේ පාට තවරන කිරිල්ලිය නුඹ.............



ආදරේ පාට තවරන කිරිල්ලිය නුඹ.............

සිත් අහස පුරාවට
ආදරේ පාට තවරන කිරිල්ලිය නුඹ
අවැසිවිට අහසම
තටු අතෙර සගවාන
උණුසුමෙන් මා නිවන
නුඹෙ හඩින් එකලුවන
මගේ හද අරණ අද 
මල් දරයි නුඹෙ නමින
කළු කරන් සිත් අහස
කදුළු වැසි ඇද හැලෙන දින
හද අරණ කළඹවමින
සුසුම් සුළි කුණාටුව
එනු මැනවි තටු සලා
ඉම සොයන් ප්‍රේමයක
නුඹේ තොල් මත
මගේ ආදරේ තවරන්න
මේ වැස්ස නිමවෙන්න
ආයෙමත් මල් පීදෙන්න...........

( https://www.facebook.com/photo.php?fbid=694261453983941&set=pb.100002002790094.-2207520000.1415771476.&type=3&theater )

නව ලිබරල් වෙසක් මෙන්න.......................




නව ලිබරල් වෙසක් මෙන්න.......................

සේල් සේල් වෙසක් සේල්
එන්න එන්න ගන්න ගන්න
අඩුකලා ත්‍රිපිටකය
චතුරාර්ය සත්‍යය ගත්තොත්
ඇත්තමයි පන්සිල් නිකන්
ඉතිපිසෝ භගවා ලාභෙට
කවදාවත් ලැබෙයිද
කරණීය මෙත්ත මේ ගාණට
සෝවාන් ගත්තෙ අපෙන්නම්
සකෘදාගාමි අඩුවට
අරහත් වෙන්නම 
පැකේජ් එක ගත්තොත්
සෑහෙන්න වාසියි
අසූහාරදහසක් ධර්මස්කන්ධය
එකම වහළක් යටින් ගන්න
දෑත් නළලේ බැදන්
පින්වතුනි පොළිමේ එන්න

වෙසක් එකට රෙදි කඩවල්
සුදු පාටයි හරි දැහැමියි
ශාක්‍යසින්හ මන්ගල්‍යට
අපේ කඩේ යට ඇදුනුත්
සුදු පාටයි හරි සිල්වත්
බොදුනු ODEL
හම්බ NO LIMIT
සිල් රෙදි විකුණනව තරගෙට
හරක් මස් නොකන
මස් කඩ ළග
කුකුල්ලුන්ට බුදු සරණයි
අද බොන් නෑ ඉවසාපන්
හෙට ඉදලා කුඩු ගහපන්

කඩෙන් ගත්ත කූඩු දැකල
උණ ගහ අර අඩනවා
සිල් සුවදක් නෑ දැනෙන්නෙ
කාසි ගදයි හැම තැනකම
බුදුන් දෙසූ දහම කොහිද
සිහළ බොදුනුකම තවරපු
ඈයො නටන නාඩගම්ය
සල්ලි වලින් ඉම සොයනා
ලොවක මේක අරුමයක්ද
බජව් දමා නිවන් සොයන
නව ලිබරල් වෙසක් මෙන්න........

( https://www.facebook.com/photo.php?fbid=651100861633334&set=pb.100002002790094.-2207520000.1415771479.&type=3&theater )