Sunday, December 28, 2014

අපට නොනගතය තාම.............



අපට නොනගතය තාම.............


එරබදු ගහ
කොහේ අද
කපා ගත්තා 
පුටු සෙටිය ගෙට
අළුත් සළු ඉණ
දවටනා දා
තාම කුණු ගද
හමනවා මට
නැවුම් සුවදට
මකාලිය බැරි

සොයුරු පෙම් අද
හරිම සුවදයි
උපවාස බිම පිස
නැගෙන සුළගට
අම්මට කිරි බත්
රහ නෑලු මේ වර
නන්ගි ඔන්චිල්ලාව
බැදල නෑ අද
තල්ලු දෙන්නට
අයිය නෑ ළග
අප්පච්චි තනිවම
වැඩ අල්ලලා අර
අළුත් හේනට

යටත් වුණු වෙර සිදුණු
ලෝකෙට ජවය දෙන
සටන් බිම අත නෑර
අරගලය තුළ රැදුණු
සොයුර නුඹය මට
අවුරුදු කුමරුවන්
මෙදා අවුරුද්දට
මොන තරම් රස උනත්
අම්මගෙ කිරිබත් කට
ගිල්ලෙ අමාරුවෙන්
අව්වෙ වේලෙන
නුඹල සිහිවී

කවි ලියන් නෑ මම
මෙදා අවුරුද්දට
අපට නොනගතය තාම
පතන ලොව බිහි කරණ
නැකත එනවා ළගම
මකුළු දැල් කඩා හදෙහි
දූවිලි පිසිමු අධිටනෙහි
ධයිරය සෝදවා
සහෝදරකම් ඔප දමමු
ධනවාදෙ කුණු ගොඩට
වත්ත කෙළවර ගිණි ගහමු
ඉතින් සැරසෙමු
රතු මල් පිපෙන
අපේ අවුරුද්දට

( https://www.facebook.com/photo.php?fbid=629799553763465&set=pb.100002002790094.-2207520000.1419821379.&type=3&theater )

මරදානෙ පොඩි නන්ගි.....




මරදානෙ පොඩි නන්ගි.....


මරදාන වීදි කෙළවර
මට හරිම අප්‍රියයි
නන්ගියේ නුඹ තවම
ගෙට උනේවත් නෑ නේද
සාය උස්සා මහත්තයායැයි
අදුරු මුල්ලට අඩගසන
පෙති දිග නෑරැණු
පුන්චි මල් පොහොට්ටුව
තලා රොන් ගන්න
බඹරැන් අඩු නැතුව
අම්මගෙන් උරමවූ
රස්සාව නුපුරුදු නිසාදෝ තවම
කකුල් මැද්දෙන් ගැලුවෙ මුත්‍රා
ගැණුම්කරු අභියසදි
නන්ගියේ දන්නවාද
සාය අස්සෙන් ඒ බේරුණේ
මානව ශිෂ්ඨාචාරයම බව
ඔහු සමග නුඹ අදුරෙ
සැගවෙනා කල
කළු ගලක් වගේ හදවත
හරි බරයි නන්ගියේ
එතකොටයි හිතෙන්නෙ
අධිවේගී මාර්ගයක් පොළවේ ගසා
ගුවන් තොටුපළකට පයින් ගහන්න
වරායකට කක්ක කරන්න
කොල්ලො දෙන්නෙක් පේනවා
පාප්ප බාල්දියක්
පොස්ටර් මිටියක්
ගෙවුනු බාටා
සායම් ගිය කමිස
රෑ අදුරටත් හොරෙන් 
ඇලවෙනව පොස්ටරයක්
ඉල්ලනව අයිතියක්.නිදහසක්
නන්ගියේ ඇහෙනවාද
මේ අදුරෙ රජ කරන්නෙ
යක්කු විතරක් නෙමෙයි
ඉවසපන් නන්ගියේ තව ටිකක්
අප සැවොම කෙලසනා
සමාජය පෙරලනා දවසක්
ළගදිම ඒවි නන්ගියේ
ඔන්න උන් දෙන්න
මන් ළගින් ඇදෙනවා
අනේ උන් බදාගෙන
ඉඹින්නට හිතෙනවා
ගිහින් එන්නම් නන්ගියේ.................

( https://www.facebook.com/photo.php?fbid=491567627586659&set=pb.100002002790094.-2207520000.1419821528.&type=3&theater )

ඔව් ඒ ආදරේ හඩ....................

ඔව් ඒ ආදරේ හඩ....................


ඇහුනාද ඒ හඩ
තරු කතා කරන හඩ
මල් සිනහ නගන හඩ
කිටි කිටියෙ හිරවෙච්ච බස් එකක
වාහන හෝන් නද
මියුරු ලෙස කන් පලන
ඉස්සරහට පස්සට
නැගෙන හඩ බෙරිහන
දහසක් ඝෝෂාව මැද
ඇහුනාද ඒ හඩ
සමනළුන් තටු සලන හඩ
මී මැස්සො පැණි උරන හඩ
වෙඩි උණ්ඩ ෂෙල් වෙඩි අතෙර
අත්පොළසන් විසිල් නාද
අදෝනා වැළපිලි එක්ක
සිනහ හඩ දෝරෙ යන
ඇහුනාද ඒ හඩ
පිනිබිදු වැටෙන හඩ
සා පැටව් අඩන හඩ
තනිවෙනා නිමේෂෙක
හිත රිදෙන ඇසිල්ලක
නෙත් තෙමෙන විරහවක
ඉකිබිදුම් සීරුවට
කටොර බස් හති අරින
ඇහුනාද ඒ හඩ
අපේ හදවත් කතා කරන හඩ
ඔව් ඒ ආදරේ හඩ..........

Thursday, December 18, 2014

අපි එපාද ඔය සටනට..................



අපි එපාද ඔය සටනට..................


කවුළුවෙන් එපිට වැසි වැටෙන
රකුසු ඇස් ඉගිකරන
විසල් වූ නගරයක
ගිණිකන වැටෙන කාන්තිය
දහසක් විදුලි බුබුළු මැද
මහා කළුවරක් මට දැනෙන
කේතලය කියන සින්දුවට
කැහැ කැහෑ ළිප ගාව
අම්මා කරන අරගලය
උදෑසන කැන්දගෙන එයි
අපේ ගෙදරට තාම මතකයි
මහා කළු ගලක් වන් අප්පච්චි
වේලිච්ච අත්තකට
පය තිබ්බ කරුමයට
කළු ගලුත් අඩන්නට ඇති
අද වගේ කළුවරයි එදත්
පොඩි මල්ලි දඩබ්බර
කොල්ලො එක්කල රස්තියාදුව
අම්මා අඩ අඩ ලියනව
ඇවිල්ල අනින්නලු ටොකු
නන්ගි හරි හොද කෙල්ල
පවුලට එකම හිනාව
මේ පාරත් පළවෙනියලු පන්තියෙ
කැම්පස් හීන දකින අහින්සකීට
කීයක් හරි යවන්න ඕනෙ ඉක්මනටම
හීන පොදි ගහගෙන
ආවෙ කොළඹට
ජීවිතේ දියවෙන්නෙ ජුකී මැෂිමට
බෝඩිමට කෑමට ලැබෙන සොච්චම
ඉතිරියක් කොහෙද ගෙදරට
පෙම්බර හැගුම් මෝදු කළ
මෝටසයිකල් අනන්ගය මග රැක්ක
ගෑණුකම මට දුන්න
වාෂ්ප උන ඉක්මන
තවත් ගොදුරු හොයනවා ඇති
ඉව අල්ලමින් නොඉදුල්කමක
මේ පළමු රාත්‍රිය
ඇස් වලට කදුළු කොහිද
හදවතක ගෙල මිරිකලයි මෙහි ආවෙ
ජීවිතේ සින්න කළ සමාජෙක
තව ඉතින් කුමක් මන් රකින්නද
නන්නාදුනන කයකට යටවෙවී
ලිගුවකින් කාසි දොවනට
වැහි දියෙන් බොද වෙච්ච
ජනෙල් කවුළු අතරින්
රෑ අදුරට හොරෙන් ඇලවෙන
රතු පාට පෝස්ටර්
මගෙ පස්ස මිරිකලා
සයනෙට අදින මිනිසුන් අතර
පහළ වීදියේ
සටන් කරන දෑස් දිදුලන
මොනතරම් සුන්දරද නුඹලා
ඒත් සහෝදරවරුනි
අපි එපාද ඔය සටනට

( https://www.facebook.com/photo.php?fbid=756492481094171&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

Wednesday, December 10, 2014

ජීවිතේ කොහෙද පැණිරස............


ජීවිතේ කොහෙද පැණිරස............

විදුළි බුබුළු දසතින් දෙන ආලෝක
විහාර මහා උයනයි මේ
ඇස් අදහාගනු කෝම
හැමදේම පිළිවලයි
ලස්සනයි චමත්කාරයි
වතුරමල් සෙල්ලම් උයන්
ආලෙන් වෙලුණු පෙම්වතුන්
ඇග බහින්න තාලෙට දුවන
සිරියාවන්ත බඩ මහත නෝනවරුන්
අපි දැන් හරිම දියුණුයි
" ඒහි පස්සිකෝ "
ඔබාම වර ඇවිත් බලපන්
අනේ මගෙ වීදුරු ෆැන්ටසියට
පත්තර පිටුවක් ගල් ගහන

ඒක පුද්ගල ආදායම
හැට හුට හමාරලු
අජිත් මාම කියනව
ආර්ථික සන්වර්ධනේ
ගහනවලු දොඹේ
ගෙදර යන ගමන්
බඩු අරන් යන රටක
ගෙදරටම ගෙනැවිත්
පීස දෙන රටක
කරවිල කැවෙ මක්කට

ලැම්බෝගිනි පදින
ලිබරල් සිහින මනරම්
පොඩි ගෙයක් හදාගෙන
තාප්පයක් ගේ වටේට
හිටියම මට මොකටද
නරක්වුණාට රජරට වකුගඩු
මන් කොහොම හරි
මගෙ පොඩි එකාව
දානවනම් ඉන්ටනැෂනල්
මන් ඉගෙන ගත්ත ගමේ ඉස්කෝලෙ
වැහුනට මට පාන්ද
ගමට යන පාර කාපට්
ගමේ පාරවල් කොන්ක්‍රීට්
උන් කන්නෙ කරවිල

ජීවිතේ කොහෙද පැණිරස
බඩගින්න ඇවිළෙන ආමාෂෙක
හැමදාම තිත්තයි ජීවිතය
රසයක් සොයා තනිවම
හති වැටුම විතරයි දිවුමක
ජීවිතය සොයා යන ගමනක
ආදරය පැලකරමු පොළවක
කටු අකුළු බාධක මතින්
වැටි වැටී නැගිටින්න
සමාජෙම පැණිරස කරමු
එතෙක් මතකයෙ රන්දන්න
උන් කන්නෙ කරවිල........

( https://www.facebook.com/photo.php?fbid=597837476959673&set=pb.100002002790094.-2207520000.1418275762.&type=3&theater )

අන්සතු කළ හැකිද ප්‍රේමය........................



අන්සතු කළ හැකිද ප්‍රේමය........................


පැතුමක්ය මුමුණනා
රෑ තුන්යම කණට ළන්ව
සැඩ සුළන් හමන කළ
ගිගුම් දී වැසි වැටෙන
දුරක ඇති කෙම් බිමට
පා නගන්නට වෙර ඇතිද
හදවතක දැල්වෙන
ප්‍රේමයේ පහන් සිළ
නිවන්නට හැකිවේද
නපුරු වැහි හිරිකඩට
හිමි උනත් නොවුනත් ශරීරය
අන්සතු කළ හැකිද ප්‍රේමය
සම්මතේ නයි පොළොන්
වග වළස් රුදු සතුන්
පරදවා තරණය කරණු මිස
කෙළසනම් ඉඩ දෙමුද
බිළිවන්නට සම්ප්‍රදායේ තිරිසනුන්ට


Thursday, December 4, 2014

ඊට පස්සෙ සනීපයි......................



ඊට පස්සෙ සනීපයි......................

උතුමානො බලන හැමතැනම
දැකලාම අපිට බඩයන
ලයිට් කණු මත වැඩ ඉන්න
මග යන එන දුගී මහජන
කැන්දලා මැදුරට
ලොබ නැතිව කන්න දෙන
ලැම්බෝගිණි පරදන
බඩේ ගින්දර නැග එන
දිළිසෙනා සන්වර්ධනයක
කළුපාට ජීවිත
කුණු වෙච්ච වකුගඩු
දොර වැහුණු පාසල් ළග
හූල්ලන පොඩි එවුන්
ගගට පැන පන නහගන්න
කිරි සප්පයො එක්ක
පෙළ ගැහුණු අම්මල
මැෂිමක මැහෙන
මඩමක තැලෙන
සයුරෙන් එහා 
දෙව්ලොව අපායක
ඇණ ගැහෙන
කොරියානු හීන ළග හෙම්බත්
ඇස් වල නලියන ප්‍රශ්නය
දෙමළ ඩෑස්පෝරාව
18වන සන්ශෝධනය
යුධ අධිකරණය
විධායක ජනාධිපති ක්‍රමය
දෙමළ ඩෑස් පෝරාවෙ උන්
හන්දියක් ගානෙ එල්ළල
නෙළුම් කුළුණ උඩ
18වන සන්ශෝධනය පුච්චමු
යුධ අධිකරණයෙ කෑලි ගලවල
තව ජොගින් පාත් එකක් හදමු
විධායක ජනාධිපති පුටුව කඩල
හදමු හොද අගමැති අටුවක්
ඊට පස්සෙ සනීපයි...........

( https://www.facebook.com/photo.php?fbid=749903425086410&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )

කථාවත් දැන් බොහෝ දුරකය.................



කථාවත් දැන් බොහෝ දුරකය.................


කථාවත් දැන් බොහෝ දුරකය
හිනාවක් නැති ඇස්
ඉඩෝරෙක අද
සුවද තැවරුණු
හීන අද්දර
කදුළු ඉල්ලයි
නෙතු කවුළු බිදිනට
කෙටි උනත් පණිවිඩයක
අමුණලා එවන්නේ නුඹ හදවතයි
ස්නේහයේ උල්පතක
නිම නොවෙයි වැගිරීම
ආදරේ ජල බිදිති
සාර කොට හදමඩල
ළෙන්ගතු උණුහුමක්
හොයනවා හැම තැනම
ආයෙ ආයෙම වැළදගන්නට
නළියන්නෙ දෙතොළග
හාදුවක් පුදන්නට
ඇස් වසන් ඇසිල්ලක
විදින සුව අපමණ........

Sunday, November 30, 2014

නුඹ දන්නවද වෙරෝනිකා.........



නුඹ දන්නවද වෙරෝනිකා.........

දුක දරා සිසිරයේ
වසන්තය එළඹිලා
අතු අගින් පුන්චි මල්
එකින් එක පිබිදිලා
ස්නේහයේ උණුසුමින්
සියරා මස්රාමව සැනසිලා
ඒ උනත්
නුඹ නොමැති වසන්තය
මට තවම සීතලයි
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

ජීවිතේ වෙර සිදුණු
අප පෙම් කළ
අහින්සක මිනිසුන්ගෙ දෑස් අග
අදිටනේ පහන් සිළු දැල්විලා
උන් නගන සිනහ හඩ අසන්නට
ගිහින් එන්නම් කියල ගිය
ඒත් කිසිදා නේන
නුඹලත් මෙතන හිටියනම්
මොනතරම් අපූරුද
සිනහවක් දියකරන්
කදුලක්ම මතුවෙලා
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අරගලය පිටදමා
හදේ ගැඹුරක සැගවූ
කිසිදා නොකියූ
රහසක් නොවුණු රහසක්
එබිකම් කොට නුඹේ දෑසට
සුසුමින් පහස ලැබ
සිත් පුරා විදි නුඹේ සුවදම
තනිවෙනා වෙරළ කොණ
ළන්වී සවනතට
පවසන්න දුටු හීනය
වරදක්ද? පාපයක්ද?
මොක උනත් කම් නොමැත
වැළලිලා හදෙහිම
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

සාන්ත ක්ලේරා වීදි කෙළවර
දන්නා හදුනන මළ සිරුරක්
අවසන් මොහොතෙත්
තුවක්කුව අතනොහැරි
නොදැක්කා සේ ඇය මතින් පැන
ඉදිරියට දුවන්නට වුණ
අසරණ පෙම්වතෙක්
හැමදාම රෑට
මන් ළගට විත්
වෙඩි තියනව හදවතට
ගිණි තියනව ආත්මයට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අපි හදපු ඉස්කෝලෙ
නුඹේ පොඩි ගෝලයින්
එයාලගෙ පුන්චි ගුරුතුමී
දස අතේ හොයනවා
විප්ලවය දිනුව අපි
පොඩිකමට එකෙක් මට කියනවා
නුඹ කියපු කතාවක
අන්තිමට මොකද උනේ
උන් මගෙන් අහනව
පොඩි එවුන් එක්ක මන්
නුඹේ මතකය සුරැකි
වන වදුළු වෙත ඇදෙනවා
මේ ගස් අතර
උඹලගෙ ගුරුතුමී ඉන්නව
නුඹ කියා හිතාගෙන
අනේ උන් ගස් වලට
ආදරෙයි කියනවා
අඩන්නේ සතුටටද
දුකටද නොදැනම මමත්
ගහකට ආදරෙයි කියනව
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අප්රිමකාව දුර ඈත
අරගලය ඇවිලිලා
චේ එක්ක මාත්
නැව් නගිනව හෙට උදේ
කියල යන්නයි ආවෙ
සියර මස්ට්රාආවට
ඒවගේම නුඹට
පුලුවන් උනොත්
ගිහින් එන්නම්
පෙරදාක පොඩි කෙල්ල නුඹ
ඒත් දැන් නුඹ ගාව
මන් පුන්චිදැයි හිතෙනව
නුඹ නමින් කවි ලියන
පන්හිදෙන් සමුගනිමි
මතකයන් පමණක්ම
සින්නක්කරව අරන් යමි
පරමවූ ප්‍රේමයක
අරුමය දැනෙයි මට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

(  https://www.facebook.com/photo.php?fbid=518166158260139&set=pb.100002002790094.-2207520000.1417401171.&type=3&theater )






Friday, November 21, 2014

ස්නේහයේ ගරිල්ලෝ.................



ස්නේහයේ ගරිල්ලෝ.............

වසන්තයෙ හිම මිදුණු
සාපලත් යුගයක
සිසිරයට උණුසුමක්
අරන් ආවේ නුඹලයි
ඝනදුරැ දවාලක
පහන් සිළක් සේ දැල්වුණ
සිහිනයම නුඹලයි
ඒ බව ඇත්තයි, ඇත්තමයි
ඒ උනත්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

වෙර සිදුණු යටත් වුණු
එකම අච්චුවේ මුහුණු
දැකලාම හෙම්බත්ව
අධිෂ්ඨානයෙන් විකසිත
ප්‍රේමයෙන් ආතුර
අරැම මිනිස්සු වගයක් 
ඇවිල්ලා සියරා මස්ට්‍රාවට
ආරන්චි මාත්‍රයටම
තබා දිවියම පරදුවට
ආවෙමි සොයන් නුඹලාව
එදා මන් නෙමෙයි අද
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

නොකපන රැවුල් කොන්ඩ
කාකි ඇදුමෙන් වැසුණු
අවි අත දැරැව
කිසිදා නෙත නොදුටු
පිළිවලක් ඇති
සුරුට්ටු උරන
අපිළිවෙල මිනිස්සු
සිනහව හරි සරලයි
කියන බස්නම් ගැඹුරැයි
මුලදි කුනු හරැප වාගෙයි
කාලය ගෙවී ඇත
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

වෙනසක් දැනුණ
අපේ ඇස් හමුවුණු පළමු දින
මතකද දොළ ගාව වාඩිය
නුඹෙ නමින් කිති කැවුණු
කිසිදා හමුනොවුණු සිතුවිලි
නුඹේ ඇස් මත ඇදුණු සිතුවමක
විප්ලවේ රතු ධජ අතර
මාවත් සිත්තම් වෙලා අස්සක
මන් දැක්ක හිටියට
නොදැක්ක සේ බොරැවට
වැසිදාට වාඩිය ගාව දොළෙන්
කර තබන් නුඹ එගොඩ කළ
ඒ පුන්චි කෙල්ල නෑ ඉතින්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

සිහිනයක් වෙනුවෙන්
දිග ඇරැණු අරගලය
අපි අපිව උරගාන
නිමේෂය ඇවිදින්
සිත පුරා ඇවිළෙන
හද පුරා කකියන
දෙතොලගින් පොපියන
ඔය වචන ටික ගිළගනින්
බර වෙච්ච හදවතින්
බෑ ළය දෙන්න එඩිතරව
උන් එවන උණ්ඩයට
අනේ... මට සමාවෙයන්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

යනවාලු අල්ලන්න
සාන්ත ක්ලේරා හවානා
ඉන්නලු නැවතිලා
සියරා මස්ට්‍රාව බලාගෙන
පිස්සුද නුඹට
වෙරෝනිකත් ආසයි බලන්න
රතු මල් පිපුන හවානාව
සියුමැලි අතින් වුව
කොකා ගැස්සුවොත්
මනුස්සයෝ.....
පිටවෙන්නෙ වෙඩි උණ්ඩමයි
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

ආසයි මන් නුඹත් එක්ක
හැන්දෑවක ඇවිදින්නට
සිසිල් සුළග වෙරළ කොනක
හිස තියාන ළය මඩලට
බොළද වදන් තෙපලන්නට
හිරු සැගවෙන නිමේෂයක
දෙතොල් අගින් එක්වෙන්නට
කවදා හරි නුඹේ නමින්
මව් සිහිනය කුස දරන්න
පාගාගෙන ඒ සිතුවිලි
ඔපදමනෙමි තුවක්කු බද
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

එමි යන්න නුඹ එක්ක
පිටිපස්සෙන් නොව එක පෙලට
වෙඩි උණ්ඩ වැසි මැද්දෙ
දළුලාවි ප්‍රේමයම
අතර මග මියදුනත්
නොනවතිමි නුඹ ගාව
නුඹෙ උණ්ඩත් ගෙන අතට
වෙඩි තබමි පෙර සේම
දිනන දා අප පැතුම
ඉකිගසා හඩන්නෙමි
කෑගසා කියන්නෙමි
මන් නුඹට ආදරෙයි
දැන් යන්න වෙලාවයි
දෙන්න මට තුවක්කුව
පරම වූ ප්‍රේමයක
අරුමය එයයි
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්...

( https://www.facebook.com/photo.php?fbid=510069819069773&set=pb.100002002790094.-2207520000.1416634842.&type=3&theater )

ලෝක තරුණ ආතල්......................



ලෝක තරුණ ආතල්......................

මහත්වරුනි හම්බන්තොට
දැන් හරි ෂෝක් නේද
ලෝකෙම කොල්ලො කුරුට්ටො
ගෙන්නල පෙන්නුවම
ආඩම්බරයි නේද
උඩුවියන් රතුපලස්
රස භොජුන් සැරසිලි
ඇස් රිදෙන
දිව ගිලෙන
ආශ්චර්ය දැන්නම්
දැනෙනවා බොක්කටම
දවස් එකසිය පනහක් ඇත්තට
හැරිලවත් බැලුවෙ නැත
රට පුරා උපවාස බිම්වල
ප්ලේන්ටියෙන් බඩ පුරවන
සරසවියෙ තාරුණ‍යය

චූ කරන්නවත් නැගිටින්න
ඉඩක් නෑ මැෂිමෙන්
රුපියල් දහදාහක
පඩි ලබන වහලියන්
මතකද පෑන්ටි මහන
වෙළද කලාපෙ තාරුණ‍යය

පෙම්වතාට රැවටුණු
අවුරුදු දාහතරෙදිම
මොකක්ද පටලෙ ඉරුණු
පැයට දාහට විකිණෙන
මරදානෙ මඩමෙ තාරුණ‍යය

ජීවිතේ හීන කරගහන්
පොට වැරදිච්චි මාවතේ
ආත්මයම උගසට තිබ්බ
බස් එකේ හන්දියේ
මට මුණ ගැහුන තාරුණ‍යය

කැදවන්නෙ කවුද කවද්ද්ඩ සමුළුවකට
අහන්නට ඇත්තම ප්‍රශ්න
හොයන්නට විසදුම්
පරිස්සමින් මහත්වරුණි
උන් උන්ගෙම සමුළුවක්
කැදවාවි දවසක
ඔය මැදුරු පදනම්
දෙදරාවි එදවස

සීතළ කරපු මැදුරක
සාද කථාවන් පිරුණ
සිනාවෙන් සරසපු
අයිසින් කේක් කන
කූල් ඩ්‍රින්ක්ස් බොන
ලෝක තරුණ ආතල්........

( https://www.facebook.com/photo.php?fbid=642539115822842&set=pb.100002002790094.-2207520000.1416634187.&type=3&theater )

Thursday, November 20, 2014

ආදර බර පුන්චි කෙල්ල...........


ආදර බර පුන්චි කෙල්ල...........

සියරා මස්ට්‍රාවේ සුපිපි කුසුම
ඔත්තුකාර රකුසු ඇසින්
වහන් වෙවී තිරිගු ඇද්ද
චේගෙ පස්සෙ වැටුණු
ගරිල්ලාට පෙමින් බැදුණු
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

ගිණියම් සටන් බිම
සැරි සරන රතු සමනළිය
වෙඩි උන්ඩ සිදුරු මත
ස්නේහයේ ඔසු ගල්වන
හැන්දෑවෙ ගිණිමැලය ළග
ගී කියන කිරිල්ලිය
ඒ ගීය මට නේද?
අසන්නේ මන් කොහොම
සටන් බිම ඇවිළිලා
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

අප සිහින සමාජය
උදෙසා මහ පොළවෙ අරගලය
චේ ඊයෙත් මට කිව්ව
සහෝදරය ජය අපිට
කියුබානු බිම පුරා
රතු ධජ ලෙළෙනා දිනෙක
ඉඩදෙනවාද මට
ආදරණීය මිනිසුන් අතර
හවානා වීදි කෙලවරක
නුඹේ මුව සිපගන්න
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

දැරැවාට ගිණි අවිය
හරි බරයි මට මේක
මේ මහා වගකීම
උර මතින් බිම තබන දින
පන්හිදම තුරුළුකොට
ලියමි කවි දහසක්
වෙරෝනික නුඹෙ නමට
ඇතැගිලි බැද නුඹත් එක්ක
ඇවිදින්නට අනන්තයට
තුරුලු කරන් ළය සයනෙට
ළන්වී ඔබෙ සවනට
රණ ගී ගැයු මුවගින්
ආසයි මට මුමුණන්නට
හරිම සරළ පෙම් කවියක්
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

වෙලාව ඇවිදින් යන්න
හැරදමා සියරා මස්ට්‍රාව
එළිමහනෙ අවදානම්
වීදියෙ සටන් බිමට
එක් වරක් මෙහෙ බලනු
කදුළු පිරි දෙනෙතින්වුව
සිනහවනු දැන්ම
මතකය අරන් යමි යන්න
තුවක්කුව පමනක් නොවේ
දැන් දැන් බර මෙමට
දිනන දා විප්ලවය
රතු ධජය ගෙන දුවන් එමි
හද බැදි සියරා මස්ට්‍රාවටම
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

ඇත්ත කටුකයි
ඒ කටුක බව ඇත්තයි
යළි නො එන්නට ඉඩ බෝමයි
වෙඩි වැදුණු දින සාය ඉර
නුඹ බැන්ද වෙළුම් පටිය
පපුව ළග උඩ සාක්කුවෙ
ඇත තාම සත්තයි
වෙරෝනිකා
ඉතින් මන් නාවොත්
සියරා මස්ට්‍රාව පාමුල
අපි හදපු පුන්චි ඉස්කෝලෙ
පොඩි උන්ට කියාපන්
එකෝමත් එක කාලෙක
අර පේන කදු අතර
රෝස මල් අතින් ගත්
මිනිස්සු වගයක් හිටිය
ඔයාලට ගොඩක් ආදරය කළ
ඒ ආදරයටම ජීවිතය දිය කළ
නුඹේ පුන්චි ගෝලයො අතර
අන්තිම පෝළිමේ කෙළවර
පොඩි එකෙක්ගෙ දෑසින්
අපි හදපු සොදුරු ලොව
මන් දකින්නම්
ඔසවන්න උන්ව ඉහලට
අපිටත් වඩා දුර ඈත
ලෝකය උන් දකින්නට
පරම වූ ප්‍රේමයක
අරුම කියනුව
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

( https://www.facebook.com/photo.php?fbid=507355226007899&set=pb.100002002790094.-2207520000.1416543635.&type=3&theater )

ප්‍රමාද වූ කවියකි මේක..................




ප්‍රමාද වූ කවියකි මේක..................

ප්‍රමාදවූ කවියක්
ලියන්නට මම
මග ඇරුණු අකුරු අද
හොයනවා හැම තැනම
කැඩපතක් අද්දර
පැමිණිල්ල ගොනු කරන්නට
කදුළු පිරි නුඹෙ දෙනෙත යට
සිනාවක් තවරන්න
මහමෙරක ආදරේ
හකුළුවා හාදුවක
නුඹේ නළලත වැඩ ඉන්න
ප්‍රේමයේ හුස්මක්
මොනතරම් සැහැල්ලුද
පියඹමුද අපි
කිරළ පැටවුන් එක්ක
උදුපියළිය අරන්
හදේ හාවට දෙන්න
නුවර යමු කොච්චියක
ගැරඩියෙක් හොයාගෙන
අතර මැද මහන්සියට
ඉස්සො වඩයක් කමුද
මතකයන් රාමු කර
නිදහස් චතුරස්‍රෙ එල්ලමුද
බලන්නට එන අයට
වෝකර්ස් කැෆේ එකෙන්
ආප්ප දෙමු නේද
රතු පාට සිත්තම
නුඹේ පින්සල් පාරෙන්
තව තවත් හැඩ වෙන්න
සෙනෙහසක් අද්දර
අර මහා කදු ශිඛර
සමතලා වනු ඇත
ජීවිතේ වන්දනාවක
ප්‍රේමයක් මතුරමින්
එන්න යමු හොයාගෙන
සිසිළ දෙන නිම්නයක්
සැනසුම් සුසුම්
මද පවන විදින්නට
සිහිනයක් මත නැගිට
ප්‍රමාද වූ කවියකි මේක
තවම පරක්කු නැති..........

( https://www.facebook.com/photo.php?fbid=709976649079088&set=pb.100002002790094.-2207520000.1416542591.&type=3&theater )

Monday, November 17, 2014

මේ කොළඹ මන් දැක්ක ලස්සනම දසුස්න ඒකයි............



මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

විදුලි එළි ඇස් නිලන්කාරය
අපි ගිහින් කැත වෙයිද
විහාර මහාදේවි උයනත්
දැන් හරිම භයන්කාරය
බාට දාපු දෙපයට
පල නොකිය පලා බෙදන
නිදහස් චතුරස්‍රය හතරැස්ය
අහස සොයන් උස යන
මහා මන්දිර අද්දර
පොළවත් අහිමි මිනිසුන්ය
ලැම්බෝගිනි යන පාරක
ෆුට් බෝඩ් එකේ ඉඩ සොයන
මැද පන්තියේ මහතුන්ය
කොටුවත් දැන් හරිම ලස්සන
ගල් අල්ලලා පොළවට
මග ඇරුණු බදුල්ලෙ ට්‍රේන් එක
ගතටත් වඩා හිත වෙහෙස රාත්‍රිය
ගල් අල්ලන පොළවට 
අයිය වැඩ ජයටම
රෑත් නෑ නිවාඩුව
බඩගින්නෙ අඩන පොඩි උන්
ගැනම සිහිකර දිරි ගන්න
පොළව සිප ගන්න යකඩ මිටියට
දුක හිතෙන් නැද්ද උඹ ගැන
දඩියෙන් තෙමුණු මුහුණයි
කදුළක් නලියන දෑසයි
බුලත් විට කහට දත් දෙපලයි
උඩ බලන් දුවන උන්ට උව
පුදන ඔය හිනාවයි
මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

( https://www.facebook.com/photo.php?fbid=604391259637628&set=pb.100002002790094.-2207520000.1416290071.&type=3&theater )

වමට පියවර තබමු අද අපි.....................


වමට පියවර තබමු අද අපි.....................

විඩාබර දෑසකින්
පාළුදෙන මනසකින්
මළසොහොන් හැගීමක්
කරගහන් කොහේදෝ යන්නෙ අපි
තරු කොහේ වළාකුළුත්
හොයන්නට නැති
අහස් වියන් යට
වල් පැළත් කරවෙච්ච
ගිණියම් පොළවකි මේක
ජය කණුව නැති තරගෙක
පළමුවැනියා හොයමුද
පින්තාරු සිනහවක අපි
සතුට සරුන්ගල් අරිමුද
හීන පන නහපු පොළවක
අධිටනක් දියවෙලායාවිද
වැරදිච්ච තැන් අපමණ
මොනතරම් වටිනවද හෙටකට
ඉතින් නින්දා දෙන්නෙ කුමටද
පාරම්බෑවට ඔච්චර
සරුවපිත්තල ක්‍රමයක
උත්තර ලැබුනද උඹලට
රකින්නට කොච්චර
මිනිස් පරඩැල් අතර
පියාසර හොයමු අද
අළුතින් දළු දාන
මිනිසුන් දසත
දැවුණු වනයක
අළුත් පැළ ගැන
රදවමු අපි සිහිනයක්
වෙරගෙන ඉතින් හදවතට
වමට පියවර තබමු අද අපි.........

( https://www.facebook.com/photo.php?fbid=741142465962506&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )

දෙනවද ඔය සිනහව............



දෙනවද ඔය සිනහව............


කථාකරණ ඇස් වලට ළන්ව
හාදුවක් ඔය මුවග 
තවරනා ඇසිල්ලක
පූජනීය නිහඩබව
ගහකොළත් අවනත අපට
සිමෙන්ති බන්කුවක්
මොන තරම් සිනිදුයිද
හිතයි මට අත්වැල් බැද
දිවයන්න නුවරට
පයින්ම මහ රෑක
නුඹ එක්ක දොඩවමින්
බොළද බස් කප්පරක්
ඉන්නවද බලන්න
ගැරඩියෙක් පේරාදෙණියෙ
වැව් බැම්මෙ සුළග
තාමත් සීතළද
පාන්දර කෝච්චියෙ
නිදිසුව විදින
නුඹේ හැඩ බලන්නට
රෑ අදුර ඉරිසියයි
මන් නුඹේ මුව සිඹිනවට
බසයට නැගී සිනහවෙන සද
හිතුන ඉල්ලන්න
දෙනවද ඔය සිනහව
ගෙදර ගෙනියන්න....


Friday, November 14, 2014

කණාමැදිරි එළියක්...............



කණාමැදිරි එළියක්...............


ඇස් නිළන්කාරවෙන
දහසක් විදුලි එළි මැද
වෙහෙසකර සිතට
සුව සදන
කණාමැදිරි එළියක්
ගිණිකන නොවැටුණට
මොනතරම් ලස්සනද
සැහැල්ලුවට පාවෙන.........


ගිහින් එන්නම් කියන්න....................



ගිහින් එන්නම් කියන්න....................


මතකයි තාම ඒ දවස
ෆයිල් කවරත් තුරුළු කරගෙන
අපි ආවෙ සරසවියෙ හෝඩියට
බිම බලන් ඇවිද යන
භිය පිරුණු නෙතු අතෙර
හිතවතුන් මුව සොයන
සෙනෙහසක ගාල් වෙන්නට
එකෙක් එනතුරු
හැටක් බඩවල
පනුවන්ට දුක් දුන්නු
පැය ගණන් අල වෙද්දි
අපි එක්ක තනි රැක්ක
ප්ලේන්ටිය බුදු වෙන්න
දේශපාලනය ඉතිහාසය
සාහිත‍ය ආගම
කලාව දර්ශනය
එහා ගෙදර අක්කගෙ
වැලේ වනපු යට සාය
අරකද මේකද
ටොන් ගණන් මුසාවාද
වැමෑරුව ලෙක්චර්ත් කට් කරන්
පෙම්වතාගෙ පෙම්වතීගෙ
ආරවුල් පලහිලව්
කිය කියා ඇඩුව කදුළු
එකතු කළානම් බාල්දි වලට
නියන් කාලෙට අස්වද්දනව
අක්කර ගාණක් කුඹුරු
සිනහවුණු රණ්ඩුවුණු
මතකයන් ඉතිරිකර
කාලය ඉගිල ගිය
ලෙක්චර්ස් එසයින්මන්ට්
මිඩ් ප්‍රසන්ටේෂන්
පදමට අනා විරේකවන
එන්ඩ් එක්සෑම්
කෝළම අවුල
වන්කගිරියෙන් බැහැල
අපි නොගිය සීපාදෙ
කවදත් සෙවණ
කැන්ටිම ළග රැදුණ
ඉදහිට මත්වෙන්න
මධුවිත තහනම්ද
ගීයක තාලෙ ඇල්ලෙන
වීදි රත්වෙන
සටන් පාඨත් හිග නැත
පේරාදෙණිය යාපහුව
බතලේගල නුවර එළි
හන්තාන යාපනේ
තව ගොඩක් තැන්වල
අපෙ සිනහ හඩ ඇත
ඉක්මනට ඉවරකර
යන්නයි ඉන්නෙ
පාරම් බෑව
සමුගන්න තත්පරේක
තවත් දවසක් ඇත්නම් හිතෙන
කුප්පියක රහ බලල
ගෝල්ෆේස් යන්න
ආසයි උඹලත් එක්ක
ආයෙමත් හෙවන්ස්වල
අල වෙන්න
ආයෙ එන් නැති උනත් 
ගිහින් එන්නම් කියන්න..............

( https://www.facebook.com/photo.php?fbid=739586122784807&set=a.169941886415903.41399.100002002790094&type=1 )

උස ගියත් අහසට..............



උස ගියත් අහසට..............


උස ගියත් අහසට
මුල් ඇද්දෙ පොළවට
බය වෙන්නෙ මොකටද
අහසට ළග වගේ පෙණුනට
සෙවණක් සැදුවෙ
ඵල දැරුවෙ
මුල් ඇද්දෙ පොළවට.....

Thursday, November 13, 2014

දස සිල් අරන් ඔක්කොම.................



දස සිල් අරන් ඔක්කොම.................


වයිශාවන්ගෙ නගරෙක
දස සිල් අරන් ඔක්කොම
දානෙ වළදන ලස්සන
සිල් රෙද්දෙ දිස්නය
මළ මිනී උඩින් එළු
පාවඩ මතින් වඩමවන
පාරිශුද්ධ කරඩුව
මරණයක් අද්දර සිනාසුනු
බැතිබර හඩින් නගයි සාදු
උපාසක අම්මලගෙ හැඩරුව
කොච්චරනම් සුන්දරද

පෙරදා රැයේ
කිරි සුවද නැසු පිච්ච මලක
රතු පැහැ වසා ඇදි සුදු සරන්
ගොක් කොළ තොරන් බදින
සත් ගුණවත් උපාසක මහත්වරු
අභිධර්මෙ ගැඹුරු තැන්
කතා කරණ අපූරුව
නෙළුම් මල් වට්ටි හිසින් ගෙන
පිච්ච මල් පාගගෙන
අන්න එනව බණ මඩුවට
කියමු දැන් තවත් සාදුකාරයක්

මේ පින්වත් නගරෙ කෙළසන
එකම වසලිය ඇයයි
බණ මඩුවෙ බාල්කෙ එල්ලල
උපාසක අම්මෙ තාත්තෙ
ඔය පුන්යවන්ත දෑතින්
ගහපන් ඇයට ගල්

( https://www.facebook.com/photo.php?fbid=540172746059480&set=pb.100002002790094.-2207520000.1415936242.&type=3&theater )

ස්පාටකස් මැයි ගීතය



ආදරේ සදාතනික පැහැය..........................

කම්හලක යකඩ ගොඩවල් අතර
දියව යන මිනිසුන්ට
ජීවිතේ වැරදුණු මැහුම
හොය හොයා ජන්ගි මහන
කලාපෙ සොයුරියනට
පිට පැළෙන ගිණි අව්වෙ
පිට කොටුවෙ වේල් අදින
නාටාමි සොයුරන්ට
වියළි කටොර බිම
දහඩියෙන් දෝවනය කර
සරුබිම් කරණ
වකුගඩු අහිමි ගොවියන්ට
දස අතේ රතු ධජ
දෑකැතිද මිටි
තොපේ සතුරන්ම වේදිකාමත
තොපිට විරුවන් කරණ
රුපියල් පන්සීයට 
ගල් කාලට
මහේශාඛ්‍යය වේදිකා අද්දර
වෙරිමරගාතෙ සරන් කඩන්
නුඹලා හදවතට ඇණ ගහන
උඹලගෙම කිව්ව දවසක
අයිතියත් උන් අරගෙන
පෑගෙන තැලෙන පොඩිවෙන
දුක් විදින මිනිසුන්ට
කියන්නට ඇත කථාවක්
ජීවිතෙත් උඹලගෙන් උදුරගෙන
ක්ෂිජ ඉම පොළවේ ගැහුව
නුඹලා දකින හීනවත්
නුඹලගෙද හිතුවද

මිනුසුනේ කල් ඇවිත්
අළුත් ඉරකට නැගෙන්නට
උදාගිරින් ඉඩ නැත්නම්
අවරගිර අහසින්
දවාලක නොවේනම්
රෑ මැදියමක හෝ
කඩා පනින්නට අහසට
දුක් විදින මිනිසුනේ
ආදරේ කරල්ලා
දහඩියට කදුළට
නුඹලගේ සුසුමකට
කරගැට නැගුණු දෑත්
සිපගනිල්ලා තදින්
අත්වැල් බැදන් කිටි කිටියෙ
ඇවිදන් වරෙව් සටන් බිමට
ජීවිතේ ලබන්නට
හීනයක් හොයන්නට
ආදරේ දිනන්නට
ඒ සෙනෙහෙ දිනන දා
නව ලොවක් ගොඩ නැගේවි
ඇත්තමයි ඒ ලෝකෙ
උඹලගෙයි උඹලගෙමයි
දන්නවද දෙයක්
ආදරේ සදාතනික පැහැය
රතු පාට මිස කුමක්...............

( https://www.facebook.com/photo.php?fbid=640072646069489&set=pb.100002002790094.-2207520000.1415933402.&type=3&theater )