Friday, November 21, 2014

ලෝක තරුණ ආතල්......................



ලෝක තරුණ ආතල්......................

මහත්වරුනි හම්බන්තොට
දැන් හරි ෂෝක් නේද
ලෝකෙම කොල්ලො කුරුට්ටො
ගෙන්නල පෙන්නුවම
ආඩම්බරයි නේද
උඩුවියන් රතුපලස්
රස භොජුන් සැරසිලි
ඇස් රිදෙන
දිව ගිලෙන
ආශ්චර්ය දැන්නම්
දැනෙනවා බොක්කටම
දවස් එකසිය පනහක් ඇත්තට
හැරිලවත් බැලුවෙ නැත
රට පුරා උපවාස බිම්වල
ප්ලේන්ටියෙන් බඩ පුරවන
සරසවියෙ තාරුණ‍යය

චූ කරන්නවත් නැගිටින්න
ඉඩක් නෑ මැෂිමෙන්
රුපියල් දහදාහක
පඩි ලබන වහලියන්
මතකද පෑන්ටි මහන
වෙළද කලාපෙ තාරුණ‍යය

පෙම්වතාට රැවටුණු
අවුරුදු දාහතරෙදිම
මොකක්ද පටලෙ ඉරුණු
පැයට දාහට විකිණෙන
මරදානෙ මඩමෙ තාරුණ‍යය

ජීවිතේ හීන කරගහන්
පොට වැරදිච්චි මාවතේ
ආත්මයම උගසට තිබ්බ
බස් එකේ හන්දියේ
මට මුණ ගැහුන තාරුණ‍යය

කැදවන්නෙ කවුද කවද්ද්ඩ සමුළුවකට
අහන්නට ඇත්තම ප්‍රශ්න
හොයන්නට විසදුම්
පරිස්සමින් මහත්වරුණි
උන් උන්ගෙම සමුළුවක්
කැදවාවි දවසක
ඔය මැදුරු පදනම්
දෙදරාවි එදවස

සීතළ කරපු මැදුරක
සාද කථාවන් පිරුණ
සිනාවෙන් සරසපු
අයිසින් කේක් කන
කූල් ඩ්‍රින්ක්ස් බොන
ලෝක තරුණ ආතල්........

( https://www.facebook.com/photo.php?fbid=642539115822842&set=pb.100002002790094.-2207520000.1416634187.&type=3&theater )

No comments:

Post a Comment