Sunday, November 9, 2014

නුඹ එනකන් වෙරේනියා....................



නුඹ එනකන් වෙරේනියා....................

මන් ඇරීනාවට පෙම් කරන් නෑ වෙරේනියා
ලේ වැකි බිමක
මරලතෝනි ගිගුම් දෙන 
සුසුම් පා කල කදුලේ අඩවියට
මන් යන් නෑ වෙරේනියා ආයෙම
නුඹ නමින් අවසන් සටනට ගියේ මම
කඩු කිණිසි පහරවල්
සිරුර විනි විදින
මට කමක් නෑ වෙරේනියා
නුඹ නමින් හෙළි තුඩට 
පපුව දෙන්නට
සටන අවසන නුඹ සොයන ඇසිල්ලක
නුඹ කොහෙද ගියෙ වෙරේනියා
අත්මය නතර කල
නුඹේ උණුසුම
කෙළෙස මා අත් හරින්නෙම්ද
ඇරීනාවක් නිසා
ඇරීනාවට ගියෙත් මම
නුඹ නිසාමයි වෙරේනියා
වෙරේනියා නැති ස්පාටකස්ගෙ කතාවක්
තියේවිද වෙරේනියා
සිලේරස් ගග බඩ
තාමත් මන් බලන් ඉන්නව
නුඹ එනකන් වෙරේනියා...........

( https://www.facebook.com/photo.php?fbid=671462349597185&set=pb.100002002790094.-2207520000.1415599971.&type=3&theater )

No comments:

Post a Comment