Monday, November 3, 2014

ආදරෙන් වෙඩි තියන්නට.........



ආදරෙන් වෙඩි තියන්නට.........

පන්හිද ඉතින් නාඩන්න
කවි හිත මැරිල නෑ
සගයිනේ වනු සමා
සටන් බිම මග ඇරියෙ නෑ
පුරවර බිම පාමුල
හදවත තබා ආවෙමි
සටන් කරණ නුඹලගෙ තනියට
රජ මැදුරෙ උව සැප කොහිද
නුඹලත් එක්ක අව් කට්ටෙ
වේලෙන්න තිබ්බනම්
හැකි විගස දිව එමි
ස්නේහයේ සටන් බිමට
ප්‍රේමයේ අවිදරන්නට
ආදරෙන් වෙඩි තියන්නට.........

( රිවිහාර පින්නදුව )
(  https://www.facebook.com/photo.php?fbid=619733188103435&set=pb.100002002790094.-2207520000.1415004749.&type=3&theater )

No comments:

Post a Comment