Monday, November 3, 2014

විහග නුඹ තව එතනමද ඔය...................



විහග නුඹ තව
එතනමද ඔය...................


අහිමි අහසට
නෙත් යොමාගෙන
බිදුණු අත් තටු
රිදුම් දෙන සද
නෙත් අගින් මේ
ගලන කදුලැලි
විහග නුඹ තව
එතනමද ඔය

වැහි වළාකුළු
අහස වැසුවද
අකුණු සර ඇස් නිලන්කාරය
ගිගුම් හඩදී සවන් පිරුණද
අහස දෙස තව
බලා හිද කිම
වැහි කෝඩෙ ආවට
වැස්ස නෑ අද

ගිණි ගහන මද්ධහන
ඉමක් නැති වැලි කතර
උරැම එයනම් නුඹට
වැස්ස ගැන තව හඩා කිම
බිදුණු අත් තටු ඔහේ තිබියදි
සුසුම් අහසට එක් කරාපන්
විදින විදවන කටෝරය අද
වසන්තය මෙහි කවද එන්නද
සිසිරයත් හිමි නැති කළට කතරට

( රිවිහාර පින්නදුව ) 
( https://www.facebook.com/photo.php?fbid=566528853423869&set=pb.100002002790094.-2207520000.1415004904.&type=3&theater )

No comments:

Post a Comment