Monday, November 3, 2014

මන් ආදරෙයි වෙරීනියා...................




මන් ආදරෙයි වෙරීනියා...................

නුබියානු කතර බිම
මිනිසත්කම පන නැසුව
වහල් බිම රන් සොයා
සෙනේහය දියකරණ
යදමක ඇමිණුව මරණය
පමණක්ම උරුමවුණ
වහල මන්
මොනතරම් පුදුමයිද
නුඹෙ ළමැද සුව විදින

කැපුවාවෙ මස් මඩුව
වහලුන්ගෙ පොර කොටුව
ඇරීනාව මට සරසවිය
පිළිගන්නෙ කවුරැන්ද
දණගහපු ජීවිතය
වඩා අගනා මරණය
පසක් කළ ඩ්‍රාබා
නීග්‍රෝ කළු වහල
දැල්වුවා ගිණි සිළුව
අදිටනේ සිහිනයේ
රෝමයම රත්කළ

මතකද ඒ රාත්‍රිය
නිරැවත් කළා නුඹ
හදවත මගේ අඹියස
නුඹේ නිරැවත
බලෙන් නරඹපු
එකෙකු නොදුටුව
අරැම ලස්සන
රාගයෙන් තොර නොවුණු රෑයම
ආලයෙන් අඩු නොවුණි බිදකුදු
උන්ට බැරිවුණි
යදම් දමනට
හදේ උපදින ආදරයකට
වහල් බවෙ කරැමයට එරෙහිව
පළමු අසිපත් පහර ගැසුවේ
වෙරීනියා නුඹයි
ආදරය නාමයෙන්

මහ මැදුරැ කුමකටද
නිල් අහස තරු පිරැණ
සුව යහන් කුමකටද
නුඹෙ උකුලෙ සුව සදන
ලෝකයම දික්විජය කළ
රෝමයමට එදිරිව කැරළි ගැසු
වහල මන් ස්පාටකස්
වෙරීනිය නුඹයි
ලේ වැකි පිහි තුඩක
ආදරය රන්දන

සිලේරස් නදිය අසබඩ
වහල්ලු අපි
අභිමානය බින්ද
අදිරදය රෝමයෙ
දස දහස් ගණනින්
රෝම වෘකයින්
ඇදෙනවා ඇති
පපු කැවුතු වළදන්න
නුඹේ උණුසුම් හාදුවෙන්
තෙමනු මා දෙතොල
නුඹේ කුස ඉන්න
පුන්චි දරැවට
හදනව අපි ලෝකයක්
වහල්ලු නැති
යදම් නැති
කස පහර නැති
උන්ගෙම ලෝකයක්
ඔය කුසත් අරගෙන
වෙනද මෙන් මා සමග
සටන් බිමට නිදහසේ
නාවාට කම් නැත
දෙන්න මට අසිපත
ඉතින් මට අවසර
මන් ආදරෙයි වෙරීනියා........

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=562334950509926&set=pb.100002002790094.-2207520000.1415004914.&type=3&theater )

No comments:

Post a Comment