Sunday, November 2, 2014

හීන පැළ කරන්නී නුඹ.................




හීන පැළ කරන්නී නුඹ.................

ඉරිතැලුණු හදවතට
ආදරේ ඉසින්නී
ගිණිදැල් අතර
සිසිලක් පතන්නී
බොල්වෙච්ච ජීවිතේ
අරුතක් සොයන්නී
රිදුණු පා යුග
පිරිමදින්නේ නැතිව
ජිවිතේ ගිරි දුර්ග
තරණය කරන්නී
සුසුම් මද පවනින්
සැනසුම ලබන්නී

ජීවිතේ ඇරීනාවක්
අනුන්ගේ හිනාවකට
අපි අපිම යුධ වදින
කඩු කිණිසි ලෙලදෙවන
ලේ අතුණු බහන්
විසිරුණු බිමට
රතු රෝස ගෙන එනු මැනවි
බිහිරන්ගෙ ලෝකයක
හදවතක් ගැහෙන හඩ
අසන්නට එනු මැනවි
විඩාදෙන ගමනට
පැතුමක් උව බර ගෙනෙයි
වත්තන් කරගනු මැනවි
ඔය පැතුම් අත හැරෙයි

වෙහෙස ගෙන නිදිවරා
පද බදින ජීවිතේ ගීතයක්
තනුවක් නැතිව එය
ගයන්නේ කෝම
ජීවිතේ හඩ නගා
ගයන උන් දෙස බලනු
වැඩි දෙනෙක් ගයන්නේ
වැරදිච්චි තනුවකට
ඉතින් ලස්සන කොහිද
තනුව පැටලුණු ගීතයක
ඉතින් නුඹ අසාපන්
තනුව පැටලෙයි බලාපන්

නුඹෙ සිහින ලෝකයම
කිටි කිටියෙ ළමැදට
දැන් ඉතින් තද කරගන්න
සීරුවට පය තබා
කෙම් බිම වෙත එන්න
නුඹට මට නොව හැමෝටම
වසන්තය ගෙන එන්න
පාරමී පුරමු අද
හදවතේ දෙවොල ළග
ප්‍රේමයේ ගීතිකා කියා
හදවතට වාරු ගෙන
සිනාසලමින් නැගිටින්න
සෙනෙහසක් ඵල දරන්නට
හීන පැළ කරන්නී නුඹ......

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=632791333464287&set=pb.100002002790094.-2207520000.1414998806.&type=3&theater )

No comments:

Post a Comment