Sunday, November 9, 2014

ආදරේ ගබ්සාවිය.............




ආදරේ ගබ්සාවිය.............

තාලය අහිමි කවියක
එළි වැට බිදන් සුසුමක් නැගෙයි
අරැතක් නොදත් කවියක්
ගබ්සා කරයි මතකය පවා
පෙරදාක පේමයෙහි
සොදුරිය මෙය ආදරයද
සින්නක්කරව ඉල්ලන මාව
හදවතට ගිණි තියන
ඇස් දෙකට නිදි නොදෙන 
වෙහෙසකර හැගීමට
ආදරේ නම තිබ්බෙ කවුරුන්ද
සමාවෙන්න
ඔබ විසින් ගබ්සාකලා
මතකය පවා ප්‍රේමයෙහි
දැන් ඉතින් ඒ අතීතය පවා 
අරුතක් නොමැති කවියකි

( https://www.facebook.com/photo.php?fbid=532793993464022&set=pb.100002002790094.-2207520000.1415600156.&type=3&theater )

No comments:

Post a Comment