Monday, November 10, 2014

මම ත්රනස්තවාදියෙක්මි........



මම ත්රනස්තවාදියෙක්මි........

ඇරඹුමක් නැති අවසනක් නැති
මේ තමයි සතුට යැයි කිය කියා
හති දම දමා දුවන ජිවිතේ
මන් ඔබ ළගට විත් අසන්නෙමි
ඔකද ජීවිතය?
එය අසා ඔබ ත්රතස්තවෙයි
ඒ හෙයින්
ඔව්, මන් ත්රතස්තවාදියෙක්මි

ප්රෙභාකරන් කපෝතියි
කොටි ටික විනාසයි
දෙමළ ගෙරි හැත්ත කුජීතයි
කිරිබත් කකා සින්හ කොඩි වනන
ආශ්චර්යමත් යුධ සැමරුමකදි
මන් ඔබ ළගට විත් අසන්නෙමි
දැන් ඉතින් සනීපද?
එය අසා ඔබ ත්රීස්තවෙයි
ඒ හෙයින්
ඔව්, මම ත්ර්ස්තවාදියෙක්මි

විවාහයක සිරකර පන නසන
දෙපසට ගලපා කරණ ගනු දෙණුව
වෙරළ බඩ කුඩය යට කරණ රගපෑම
දෙතොලගින් එක්වෙන නිමේශෙක
සෙවනක ඉසිලූ කුඩය මෑත්කර
මන් ඔබ ළගට විත් අසන්නෙමි
ෂුවර්ද ආදරය?
එය අසා ඔබ ත්රතස්තවෙයි
ඒ හෙයින්
ඔව්, මම ත්ර්ස්තවාදියෙක්මි

අධිවේගී මග දෙස බලා
ආඩම්බරෙන් පපුව කෙලින්කර
පුස්සයිකලෙන් ගෙදර යන
බස් එකේ හිරවෙලා එල්ලිලා
නෙළුම් පොකුණට සාදු කිය කියා
ගෙදර ගොස් මෙගා බලන
ඓඨ්ණ් නිව්ස් බලන ඒ සොදුරු අඩ පැයේ
මන් ඔබ ළගට විත් අසන්නෙමි
ලයිට් බිල කීයද?
එය අසා ඔබ ත්රදස්තවෙයි
ඒ හෙයින්
ඔව්, මම ත්ර්ස්තවාදියෙක්මි

මානව සාරය සතපවා මහ පොළවෙ
අපට අප අහිමිකළ
සමාජය පෙරලන්න
හෙළයේ කලාකරුවන් වීරයන් දෙවිවරුන්
කුරා කුහුඹු උන් සැම මග ඇර
ඩයිනෝසිරස් විප්ලවවාදීන් පසුපස
රතු ධජ අරන් ඇදෙන දිනෙක
මන් ඔබ ළගට විත් අසන්නෙමි
එනවද අපිත් එක්ක
එය අසා ඔබ ත්ර්ස්තවෙයි
ඒ හෙයින්
ඔව්, මම ත්ර්ස්තවාදියෙක්මි....

( https://www.facebook.com/photo.php?fbid=503438396399582&set=pb.100002002790094.-2207520000.1415600172.&type=3&theater )

No comments:

Post a Comment