Monday, November 17, 2014

මේ කොළඹ මන් දැක්ක ලස්සනම දසුස්න ඒකයි............



මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

විදුලි එළි ඇස් නිලන්කාරය
අපි ගිහින් කැත වෙයිද
විහාර මහාදේවි උයනත්
දැන් හරිම භයන්කාරය
බාට දාපු දෙපයට
පල නොකිය පලා බෙදන
නිදහස් චතුරස්‍රය හතරැස්ය
අහස සොයන් උස යන
මහා මන්දිර අද්දර
පොළවත් අහිමි මිනිසුන්ය
ලැම්බෝගිනි යන පාරක
ෆුට් බෝඩ් එකේ ඉඩ සොයන
මැද පන්තියේ මහතුන්ය
කොටුවත් දැන් හරිම ලස්සන
ගල් අල්ලලා පොළවට
මග ඇරුණු බදුල්ලෙ ට්‍රේන් එක
ගතටත් වඩා හිත වෙහෙස රාත්‍රිය
ගල් අල්ලන පොළවට 
අයිය වැඩ ජයටම
රෑත් නෑ නිවාඩුව
බඩගින්නෙ අඩන පොඩි උන්
ගැනම සිහිකර දිරි ගන්න
පොළව සිප ගන්න යකඩ මිටියට
දුක හිතෙන් නැද්ද උඹ ගැන
දඩියෙන් තෙමුණු මුහුණයි
කදුළක් නලියන දෑසයි
බුලත් විට කහට දත් දෙපලයි
උඩ බලන් දුවන උන්ට උව
පුදන ඔය හිනාවයි
මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

( https://www.facebook.com/photo.php?fbid=604391259637628&set=pb.100002002790094.-2207520000.1416290071.&type=3&theater )

No comments:

Post a Comment