Sunday, November 9, 2014

අන්තරේ වැඩ බලන ප්‍රේමවන්තය.........




අන්තරේ වැඩ බලන ප්‍රේමවන්තය.........

ඉරිතැළුණු පොළවක
සිහින පැළකරන
බලාපොරොත්තුවෙ වැහි වළාවක්
හිස් අහසෙ රන්දන
අසීරැම නිමේෂයෙ
සටන් බිම හැර නොයන
තනියම ගොඩයන්න දගළන ලෝකෙක
සාමූහිකත්වය ගැනම තෙපලන
වචනයෙන් නොනැවතුන
සැපවිදින වෙද සිහින අතහැරිය
පොතේගුරු විප්ලවවාදීන් හිරිවැටෙන
මහ පොළවෙ සිටවූ රතු ධජය
අරගලය අද්දරදි
හමා එන චන්ඩ සුළගට
ප්‍රේමයත් ගහගෙන ගියද
විප්ලවේ පහන් සිළ
නිවෙන්නට ඉඩ නොදුන්
ඇත්ත ඔය මහා ලොකු කදු වැටි
සමතලා වනු ඇත දවසක
මානව සාරය මුල් ඇද මහ පොළවට
මිනිසත්කම දළුලනු ඇත
වීදි පුරා රතු දජ ලෙලදෙන දිනක
නුඹ පිටිපස්සෙ මෙලසම ලිලිපුට්ටන්ව
අපිත් ඉදිනු ඇත 
අත නොහැර රතු ධජය
හැම මගුළටම කවි ලියන පෑනට
අද ගොඩක් වෙඩ නමුත්
අයියෙ උඹට කවියක් නොලිය කොහොමද
දෙවි පිහිට නොපතන නුඹට
ලැබියන් තව වෙර බල හදට
අන්තරේ වැඩ බලන ප්‍රේමවන්තය
මේ උපන්දින සුභ පැතුම නුඹටයි..........
( https://www.facebook.com/photo.php?fbid=534543803289041&set=pb.100002002790094.-2207520000.1415598506.&type=3&theater )

2 comments:

  1. කළකට ඉහත නජිත් සහෝදරයා වෙනුවෙන් ලියුවකි. දේශපාලනික අර්ථයෙන් මෙහි සදහන් කරුණු දුර්වල බව පිළිගනිමි

    ReplyDelete
  2. හරිම රහයි...
    අපූරුයි සහෝදරයා...

    ReplyDelete