Sunday, November 30, 2014

නුඹ දන්නවද වෙරෝනිකා.........



නුඹ දන්නවද වෙරෝනිකා.........

දුක දරා සිසිරයේ
වසන්තය එළඹිලා
අතු අගින් පුන්චි මල්
එකින් එක පිබිදිලා
ස්නේහයේ උණුසුමින්
සියරා මස්රාමව සැනසිලා
ඒ උනත්
නුඹ නොමැති වසන්තය
මට තවම සීතලයි
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

ජීවිතේ වෙර සිදුණු
අප පෙම් කළ
අහින්සක මිනිසුන්ගෙ දෑස් අග
අදිටනේ පහන් සිළු දැල්විලා
උන් නගන සිනහ හඩ අසන්නට
ගිහින් එන්නම් කියල ගිය
ඒත් කිසිදා නේන
නුඹලත් මෙතන හිටියනම්
මොනතරම් අපූරුද
සිනහවක් දියකරන්
කදුලක්ම මතුවෙලා
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අරගලය පිටදමා
හදේ ගැඹුරක සැගවූ
කිසිදා නොකියූ
රහසක් නොවුණු රහසක්
එබිකම් කොට නුඹේ දෑසට
සුසුමින් පහස ලැබ
සිත් පුරා විදි නුඹේ සුවදම
තනිවෙනා වෙරළ කොණ
ළන්වී සවනතට
පවසන්න දුටු හීනය
වරදක්ද? පාපයක්ද?
මොක උනත් කම් නොමැත
වැළලිලා හදෙහිම
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

සාන්ත ක්ලේරා වීදි කෙළවර
දන්නා හදුනන මළ සිරුරක්
අවසන් මොහොතෙත්
තුවක්කුව අතනොහැරි
නොදැක්කා සේ ඇය මතින් පැන
ඉදිරියට දුවන්නට වුණ
අසරණ පෙම්වතෙක්
හැමදාම රෑට
මන් ළගට විත්
වෙඩි තියනව හදවතට
ගිණි තියනව ආත්මයට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අපි හදපු ඉස්කෝලෙ
නුඹේ පොඩි ගෝලයින්
එයාලගෙ පුන්චි ගුරුතුමී
දස අතේ හොයනවා
විප්ලවය දිනුව අපි
පොඩිකමට එකෙක් මට කියනවා
නුඹ කියපු කතාවක
අන්තිමට මොකද උනේ
උන් මගෙන් අහනව
පොඩි එවුන් එක්ක මන්
නුඹේ මතකය සුරැකි
වන වදුළු වෙත ඇදෙනවා
මේ ගස් අතර
උඹලගෙ ගුරුතුමී ඉන්නව
නුඹ කියා හිතාගෙන
අනේ උන් ගස් වලට
ආදරෙයි කියනවා
අඩන්නේ සතුටටද
දුකටද නොදැනම මමත්
ගහකට ආදරෙයි කියනව
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අප්රිමකාව දුර ඈත
අරගලය ඇවිලිලා
චේ එක්ක මාත්
නැව් නගිනව හෙට උදේ
කියල යන්නයි ආවෙ
සියර මස්ට්රාආවට
ඒවගේම නුඹට
පුලුවන් උනොත්
ගිහින් එන්නම්
පෙරදාක පොඩි කෙල්ල නුඹ
ඒත් දැන් නුඹ ගාව
මන් පුන්චිදැයි හිතෙනව
නුඹ නමින් කවි ලියන
පන්හිදෙන් සමුගනිමි
මතකයන් පමණක්ම
සින්නක්කරව අරන් යමි
පරමවූ ප්‍රේමයක
අරුමය දැනෙයි මට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

(  https://www.facebook.com/photo.php?fbid=518166158260139&set=pb.100002002790094.-2207520000.1417401171.&type=3&theater )






2 comments:

  1. http://rivharapinnaduwa.blogspot.com/2014/11/blog-post_69.html

    ReplyDelete
  2. http://rivharapinnaduwa.blogspot.com/2014/11/blog-post_41.html

    ReplyDelete