Monday, November 3, 2014

අපිට තාම කෙළවුන් නෑනෙ......




අපිට තාම කෙළවුන් නෑනෙ......


කේතුමතී පුරයක
උපන් නැගණිය
කිමද මේ සරදම්
කරන්නේ මහ රජුට
පාර කාපට්ය
ජොගින් පාත් මනරම්ය
අධිවේගී මාර්ගයක
ලස්සන නුඹත් දුටුවද
ගමේ පාසල වැහුවාට
ඇයිද විස්සෝප මෙතරම්

නුඹ ඇයිද එල්ලුනේ
බාල්කෙක එල්ලුනේ
හිටියනම් තිබුණ
මැදපෙරදිගට යන්නට
ඇණ ගහන් එන්නට
නැත්තන් කලාපෙට යන්නට
බඩකුත් අරන් තනිවෙන්නට
බැරිමනම් සභාපති කෙනෙක්ගෙන්
දූෂණය වෙන්නට
උගෙ ඇල්බම් එකෙන් 
උඹටත් ඉඩක් වෙන්කරගන්නට
වැරදිකාරිය නුඹයි
එල්ලුනේ මක්කට

යුද්ධයක් දිනුව
විශ්මිතයි විශ්වයම
ආසියාවෙ ආශ්චර්ය
SB මාම හදනවලු
ආසියාවෙ දැනුම් කේන්ද්‍රය
සතියට පහ හයක්
ඉස්කෝල වැහුනට මොකද
චෝගම් තිබ්බෙ ලන්කාවෙනෙ
ලෝකයම හමුවෙන තැනක
උඹල වගේ උන් මග ඇරුණට
ගානක් නෑ අපිට

කක්කුස්සි වලක් වුව
අපිට හරි සුවදයි
මේ දුගද නසන්නට
හදන උන්ට මන්ඤ්න්
විහින් නැහෙන්නට අපේ
නට් ලූස් නෑ තාම
මරණයේ මල් වට්ටියටවුව
ලේ පැල්ලම් දැක දැකම
අත ගසා දෑත් බැද
දෙන්නෙමු සාධු කාර
උඹ වගේ එකෙක් නොව
දාහක් මළත් කම් නැත
අනේ පව් යැයි කියා
සුසුමක් හෙළනවා පමණමයි
මොකද ඉතින්
අපිට තාම කෙළවුන් නෑනෙ......

[ සදුනි ශානිකා නැගණියගේ මරණයෙන් කම්පතිව......... ]
( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=589740467769374&set=pb.100002002790094.-2207520000.1415004853.&type=3&theater )

No comments:

Post a Comment