Monday, November 3, 2014

අහස නුඹ පරාදයි.........................




අහස නුඹ පරාදයි.........................

අහසට බර වැඩිද ඔච්චර
වැහි දිය හලන්නෙම පොළවට
තරහද අපිත් එක්ක
වහින්නෙ හැමදාම
සයුර රළ දිව ඇවිත්
වෙරළ ඉම සිපගද්දි
ප්‍රේමයක් හාදු දුනි
අපේ හදවත් වලට
සුළග දග කෙරුවද
කුඩය ගහගෙන ගියද
ආදරේ අපි ගාව
ඉතින් අපි භය නෑ අහසට

ගාලු මුවදොරම
පොගවලා වතුරක
තෙත බරිත බන්කුවක
ඉදන් කන ඉස්සො වඩේ
මොන තරම් රහද
අහස නුඹ කළු කරන්
තව තවත් ඔරවපන්
නුඹට නෑ ඒ සතුට
ඇය අසළ විදින මම
තව තවත් තද කරන්
වැහැපන් හොදට
නුඹට හොරෙන් වැහි බින්දු
පවා සුභ පතනවා අපට

වෙනද මහ බර දෙවන
සුසුමක් පවා අද
මොන තරම් සැහැල්ලුද
ඇගේ මුවගට ලන්ව
දකින එක හිනාවක
ලස්සන කොහොම පවසම්ද
ඉතින් ඉරිසියාද උඹලට
වැස්සට පෙගි පෙගී
ගාලු පාරෙ උඩ පහළ
දිව්ව දහසක් දෙනට
මග ඇරුණු ලස්සන ලෝකයක්
තිබුණ වෙරළ ළග
ඉහිලුව කුඩයක් යට
අහස නුඹ පරාදයි..........

( රිවිහාර පින්නදූව )
( https://www.facebook.com/photo.php?fbid=641134945963259&set=pb.100002002790094.-2207520000.1415004749.&type=3&theater )

No comments:

Post a Comment