හොඳ පරාජිතයින් හා නරක ජනතාව
තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් වී ඇත. ජයඝෝෂා, අදෝනා, විචාර හැම තැනම ඇහෙන කාල සීමාවක්. කාලෙකට කළින් කොටින්ගෙන් රට බේරාගනිමු වගේ මේ පාර නැගල ගිය අදහස වුණේ හොරකම් නොකරණ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේනුතු යවමු කියන එකයි. කළින් වගේම මේ සටන් පාඨය උඩට උස්සන්න ගොඩක් දුරට මැදිහත් වුණේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතාව ඒ කිව්ව කතාව අසන්නේ නැතිව ඉදලාම නැති හැඩය. හර්ෂලා එරාන්ලා පාර්ලිමේන්තුවට තේරීපත්වී ඇත. ගිය වර වැඩි ආසන ගණනක් ලැබෙද්දීත් මර්වින්ලා පාර්ලිමේන්තු යන විට පළාත් සභාවට වී සිටින්නට සිදුවූ නීතීඥ සිසිර ජයකොඩි වැනි අය ගම්පහින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. නමුත් ඡන්දදායකයා ඒ හැන්දෙන් හැමෝටම බෙදා නැත. පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුම ඇතැම් පිරිස් එළියේ සිටියදී කිසිදු සුදුසු කමක් නොමැති පිරිස් ඡුන්දය ජයග්‍රහණය කර ඇත. මේ කාරණය සමාජජාල අවකාශයේ තදින් මතුවී ඇති අයුරු දැක ගතහැකිවිය. එහිදී ප්රබලව සන්සන්දනය වූයේ දකුණු පළාතේ පාර්ලිමේන්තු අසුන අහෝසිවූ සුනිල් හදුන්හෙත්ති සහ ජය ලැබූ ගීතා කුමාරසිංහ හා නිශාන්ත මුතුහෙට්ටිගමයි. බොහෝ ජවිපෙ හිතවාදී පිරිස් හා වෙනත් පාර්ශව පවා ඉතා කළකිරීමෙන් අදහස් දක්වනු දැකගත හැකිවිය. ජනාධිපතිවරණය සමයේ බුද්ධිමත් යැයි කියූ ඡුන්ද දායකයා, මැතිවරණ දින වන තුරු මැතිවරණ ඉතිහාසයේ වෙනසකට සූදානම් වී සිටි ඒ ඡුන්ද දායකයා එක රැුයින් බත් කන හරකුන් ලෙසින් රූපාන්තරණය කරන්නට විය. මිනිස්සුන්ට තේරෙන් නෑ, මිනිස්සුන්ට කොච්චර හොද කළත් වැඩක් නෑ, දැන් ඔය තෝරල යවපු අය පිස්සු නටද්දි තේරේවි මේ වගේ හිතේ දුකට කියන කතා ගොඩක් අහන්න දකින්න ලැබුණා.
ඇත්තටම ඔය විදිහට බැලූවොත් උගත් බුද්ධිමත් හොද වගේ නිර්ණායක අනුව ගීතා කුමාරසිංහලට වැඩිය වෘත්තීමය දේශපාලන කි‍්‍රයාධරයෙක් වෙච්ච සුනිල් හදුන්හෙත්ති සහෝදරයගෙ සුදුසුකම ගැන තර්කයට ලියුම්කරුට කිසිම ගැටළුවක් නෑ. හැබැයි එහෙම බලද්දි ගාල්ලෙ අජිත් කුමාර සහෝදරයත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ කෙනෙක්, පහුගිය කාලය පුරාවට පනත් ගණනාවකදි ඒවට විරුද්ධව තනිව පෙනී සිටියෙ අජිත් සහෝදරයා. හැබැයි කවුරුත් අජිත් කුමාර පාර්ලිමේනතුවට තේරුන් නෑ කියල හොටු පෙරනවා දැක්කෙ නෑ. ඒ වගේ ඔය උගත් බුද්ධිමත් හොද වරණයන්ට අනුව පාර්ලිමේන්තුවට යන්න ඕන ගොඩක් දෙනෙක් වමේ පක්ෂ ඇතුළෙ වගේම වෙනත් පාර්ශව වලත් උන්නා. ඒත් ඒ අය වෙනුවෙන් ඒ වගේ දුක් වීමක් දකින්න ලැබුණ් නෑ. ගැටළුව පවතින්නේ සුදුසු පුද්ගලයන් තේරී පත් නොවී නුසුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් වීමනම් ඒ වෙනත් පාර්ශව වල පිරිස් ගැනත් ඒ කණගාටුව පැවතිය යුතුයි. නමුත් මේ බොහෝ තැන්වල පවතින්නේ තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබීම තුළ ඇතිවුණ සිත් වේදනාව සමනය කර ගැනීමට ගන්නා උත්සහායක් විනා අන් දෙයක් නොවෙයි.
වමේ දේශපාලනය තුළ අප මෙම නිශ්චිත දේශපාලන සිදුවීම කියව ගන්න ඕනෙ කොහෙමද? එක පැත්තකින් ජනපි‍්‍රය දහරාවේ වම ලෙසින් නියොජනය වන ජනතා විමුක්ති පෙරමුණ ගත්තද අනිත් පසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වමේ පක්ෂ ගත්තද ඡුන්ද සංඛ්‍යාවෙන් ගතහොත් අසාර්ථක වී ඇත. ඒ තත්වය මිනිස්සුන්ට පවරා වමට නිදොස් විය හැකිද? එක අතකට ඔය වම කළ කී දෑ වල එක්තරා ශේෂ පත්රයකි. මෙම මැතිවරණයේදී ජවිපෙ සියයට හතරයි දශම ගණනක ඡුන්ද ප්‍රතිශතයක් ලංකාවෙන්ම ලබාගෙන තිබේ. නමුත් මේ තරම් ප්‍රචාරණ දැන්වීම් සදහා වියදම් නොකර, මුහුණු පෙන්වා පුද්ගල ප්රතිරූප ඉහළට ඔසවන්නේ නැතිව, අඩු පාඩු මැද වුවත් ජනපි්රයවාදී නොවන වාමාංශික වැඩපිළිවලක් සහිතව ඡුන්දයට ඉදිරිපත් වී ජවිපෙ 2001 දී සියයට දහයකට ආසන්න ඡුන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ලදී. ජවිපෙ අපේක්ෂකයින්ගේ මුහුණවල් තාප්ප පුරා ඇළවෙද්දී, ප්‍රතිපත්ති ප්‍රකාශයේ කවරයට පවා අනුර දිසානායකගේ රූපය පැමිණෙද්දී අප ඒ ගැන විමසන විට ජවිපෙ හිතවතුන් පැවසුවේ මෙය මිනිසුන් ආකර්ෂණයට කරණා උපක්‍රමයක් බවයි. එසේනම් දැන් ඒ උපක්‍රමය අසාර්ථක වී ඇත. එය ජවිපෙ ප්‍රතිපත්තිමය පරිණාමයේ නිරූපණයක් නොවේනම් ඔවුන්ගේ හැසිරීම ඉදිරියේ සැළකිය යුතු ලෙස වෙනස් විය යුතුව ඇත.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදව සැළකීමේදී අතීතයේදී මෙන් අනාකුත් ප්‍රධාන පක්ෂ දෙකෙන් කැපී පෙනෙන වෙනසක් නොවූ අතර එම පක්ෂ දෙකට ඡුන්දය නොදී ජවිපෙට ඡුන්දය දීමට ඔවුන් මතු කරණ ලද කාරණය වූයේ ඔවුන්ගේ අපේක්ෂකයන් ලයිස්තුව උගතුන් බුද්ධිමතුන්ගෙන් සමන්විත වීමයි. අනෙක් කාරණය එම අපේක්ෂකයින් සොරකම් නොකරන හොද අය වීමයි. ඒවගේම අළුත් පරපුර වැනි සංවිධාන මතුකළ ශක්තිමත් විපක්ෂය, ආණ්ඩුව කරවන ආණ්ඩුව වැනි සාධයන්ද මතුකරණ ලදී. සමාජ වෙනසක් හෝ වෙනත් එවැනි ප්‍රතිපත්තිමය කාරණයක් මිනිසුන් අතරට නොගෙනෙන්ට මිනිසුන්ට ශක්තිමත් විපක්ෂ යන කතාව අදාල නොවන අතර ඔවුන් සිතන්නේ දිනවන්නේ කවුද යන්නය. අවසන එය මහින්දද රනිල්ද වැනි තැනකට ලඝුවීම වැළැක්විය නොහැක. අනිත් අතින් ආසියානු පසුගාමී සමාජ ශේෂයන් කරපින්නාගෙන යන සමාජයක් ලෙස ඇතැම් ග්‍රාමීය ප්‍රභූන් වෙත මිනිසුන් නිතැතින් ආකර්ෂණය වනු දැක ගත හැකිය. ඒ මිනිසුන් වෙත දේශපාලනය ගෙන යන්නේ නැතිව, ඔවුන් දියුණු කරන්නේ නැතිව මෙන්න අපේ එකාට උපාධියක් තියෙනවා, එයා හොරකන් කරන් නෑ කියුවට ඵලක් නැත. මිනිසුන්ට එය අදාල නැත ගමේ එකාට ගොස් කතිරය ගසා එයි. එයට ඒ මිනිසුන්ට බැන වැදී ඵලක් නැත. වරද ඇත්තේ සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්නා බලවේග වෙතය.
දැන් කෙනෙකුට අසන්නට පුළුවන් එහෙනම් ඩිමෝ බට්ටො අරන් හන්දි හන්දි ගානෙ ගිහින් විකල්ප ආර්ථික වැඩපිළිවලක් ගැන කිව්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ වෙනත් වාමාංශික පක්ෂයකට මෙම ඡුන්ද ප්‍රතිඵල අනුව ජනතාව ආකර්ෂණය වෙලා තියෙනවාද කියල. එවැනි තත්වයකුත් නැහැ. පැහැදිලිවම පවතින සමාජ ප්‍රශ්න වලට පිළිතුර ලෙස වාම විකල්පයක් පිළිබදව අදහස ගොඩනගන්න, ඒ ගැන මිනිස්සු අතර කතිකාවතක් හදන්න, වම ගැන විශ්වාසයක් හදන්න ලංකාවේ වමේ ව්‍යාපාරය අසමත් වෙලා තියෙනවා. මෙතන ගැටළුව ලෝක පරිමාණව වමේ ව්‍යාපාරය නැවත අළු දූලි මතින් නවතාවයකින් නැගී සිටින මොහොතක ලංකාවේ වමේ ව්‍යාපාරය ජනතාවගෙන් ඈත් වීමත්, ලිබරල් සංශෝදනවාදයන්ට පසුබැසීමත්ය. එසේම පසුගිය කාල සීමවේ ප්‍රධාන දේශපාලන ධාරාවන්ට වෙනස්ව විකල්ප දේශපාලනයක් උදෙසා ලංකාව තුළ යම් අවකාශයක් ගොඩනැගුන අතර එය ජවිපෙ විසින් හුදු ජනපි්රයවාදය තුළ ප්‍රධාන දේශපාලන ධාරාවටම ගැටගසන ලද අතර අනෙකුත් වාමාංශික පක්ෂයන්ද එම අවකාශයට කඩාපැන එය තමන්ගේ ග්‍රහණයට ගැනීමට අපොහොසත්විය.
මේ සියළු කරුණු සාරාංශ ගත කළහොත් නැවත නැවතත් පසක් වෙන කාරණය වමේ දේශපාලනය නැතහොත් සමාජ වෙනසක් වෙනුවෙන් කරණා දේශපාලනය පිළිබදව නැවත නැවතත් වමේ අවකාශය තුළ සංවාදයට බදුන් කළ යුතු බවයි. එතනින් ඔබ්බට ජනතාව සකී‍්‍රය වෙන කම්හල් ගොවිබිම්වල අරගල තුළට යමින් මිනිසුන් අතර හිදිමින් ඔවුන්ගේ ඡුන්දය තම පක්ෂය වෙතට නොව ඔවුන් වම වෙත මතවාදීව දිනා ගැනීමේ දුෂ්කර මාවතට සමාජ වෙනසක් වෙන්වෙන් පෙනී සිටිනා සියළු පක්ෂ හා සංවිධාන යොමුවිය යුතුය. තම පක්ෂ අනන්‍යතාවයන් අතහැර වාමාංශික අනන්‍යතාවයක් තුළ සියළු දෙනාම පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් තමන්ද වෙනස් වෙමින් දියුණු වෙමින් මිනිසුන් වෙනස් කිරීමේ කාර්්‍යය ඇරඹිය යුතුව ඇත. මොකක් හෝ දෙයක් කේවල් කොට ඔළු ගෙඩි ටිකක් දිනා ගැනීමෙන් කළ හැකි සමාජ වෙනසක් නොමැත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ වේදිකාවල පැවසූ පරිදිම අප සියල්ලන් එකතු වී අළුත් ජනතාවක් පත්කර ගත යුතුව ඇත.