පක්ෂ විපක්ෂය වෙනුවට සැබෑ විපක්ෂය
මං පුංචිම කාලෙ ගෙදර සහෝදර සහෝදරියො කවුරුත් නැති හින්ද තනියමයි සෙල්ලම් කළේ. රූපවාහිණියෙන් බලන කාටුන් චිත‍්‍රපටි වගේ වැඩසටහන්වල චරිත තනියම රඟපාන එක ඕනෙම පොඩි දරුවෙක් කරන දෙයක් ඒත් මට ප‍්‍රශ්නයක් තිබුණ, මං ඒ කතාවල වීරයා වුනාට පස්සෙ කවුද දුෂ්ඨය වෙන්නෙ? ඒකට උත්තරේ වුනේ මගේ සතුරා මංම වෙන එක. වීරයත් මන්ම රඟපානව, සතුරත් මන්ම වෙනව. සෙල්ලම් කරන්න කවුරුත් නැති එකේ ප‍්‍රශ්නෙත් මඟ ඇරෙනව. මට මේ දේ මතක්වුනේ පහුගිය කාලෙ පුරාවටත් දැන් ආයෙ ඡුන්දෙ කිට්ටු වෙලා වැඩියෙනුත් මතුවෙලා තියෙන හොද විපක්ෂයක් නැත්නම් ශක්තිමත් විපක්ෂයක් කියන කතා බහත් එක්කයි.
ඇත්තටම විපක්ෂය කියන්නෙ මොකක්ද? පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂය ඉඳගන්න පැත්තට අනිත් පැත්තෙ ඉඳගන්න කට්ටියද? පාර්ලිමේන්තුවෙදි කුණුහරුප කියාගෙන එළියට ගිහින් කැන්ටිමෙන් දෙන්න බැන ගත්ත හැටි කතා වෙවී එකට බුරියානි කන එකද? සරළ අදහසක් තියෙනව විපක්ෂය කියන්නෙ ආණ්ඩු පක්ෂෙ කරණ හොද දේට උදව් කරල නරක දේට විරුද්ධ වෙන කට්ටියක් කියල. ආණ්ඩුවෙ වංචා දූෂණ වෙනවනම් කෑ ගහල ඒව සමාජෙට එළිකරල ඒවට විරුද්ධව විරෝධය හදන එක, අකාර්යක්ෂම වෙද්දි ඒ ගැන විවේචනය කරණ එක වගේ අදහසක්. ජනතා විමුක්ති පෙරමුණ වගේ විපක්ෂයෙ බලය ගන්න ඕනෙ කියල ගොඩක් මැද පන්තිය පිරිස් අතර කථිකාවතක් හැදෙන්නෙත් මේ තර්කය ඇතුළෙ. ජවිපෙ පසුගිය කාල සීමාව ඇතුළෙ වංචා දූෂණ පිළිබද ප‍්‍රමුඛ විවේචකයාගේ භූමිකාව අයිති කරගන්නවත් එක්කයි. ඒ අනුව මේ පවතින සමාජ ක‍්‍රමය ඇතුලෙ ධනේෂ්වර පක්ෂයක් රට පාලනය කරණකොට ඒක අවුල්කර ගන් නැතුව කරගෙන යන්න මුර බල්ලගෙ භූමිකාව හොදටම කරන්න පුළුවන් කාටද කියල හොයන එක තමයි විපක්ෂයෙ භූමිකාවෙදි සළකන්නෙ. ඇත්තටම විපක්ෂය කියන්නෙ පවතින ක‍්‍රමයේ රැකවලූන් කියන එකද?
දැන් කෙනෙක් මට චෝදනා කරන්න පුළුවන් මිනිස්සුන්ට පොඩි හරි දෙයක් දිනා ගන්න එතකොට කවද හරි සමාජ වෙනසක් වෙනකන්ම ඉන්න ඕනෙද කියල. චංචා දූෂණ වලට විරුද්ධවෙන එක වගේ දේවල් නරකද? ඒ වගේ දේවල් නේද ඇත්තටම විපක්ෂයකින් වෙන්න ඕනෙ කියල. ඒවගේ දේවලූත් විපක්ෂයෙන් වෙන්න ඕනෙ. හැබැයි විපක්ෂයෙ වෙන්න ඕනෙ ඒක විතරමද? උසස් පෙළ විභාගය හොදට සමත් වෙන්නනම් හැම විෂයකම හැම ප‍්‍රශ්න පත‍්‍රයකටම හොදට ලෑස්තිවෙලා උත්තර ලියන්න ඕනෙ. කෙනෙක් එක විෂයක පළමු ප‍්‍රශ්න පත‍්‍රයට හොදට ලෑස්ති වෙනව. වෙන එක විෂයක්වත් පොඞ්ඩක්වත් පාඩම් කරන් නැතුව. වෙන විෂයනුත් පාඩම් කරන්න තියෙනව කියල අදහසක්වත් නැතුව. දැන් මං ගිහිං එයාගෙන් අහද්දි ඇයි ඕකම පාඩම් කර කර ඉද්දි අර වගේම කෙනෙකුට අහන්න පුළුවන් ඇයි පාඩම් කරණ එක නරකද කියල. අපි මෙතනදි බලන්න ඕනෙ උසස් පෙළ සමත්වෙනව කියන සමස්ථ කි‍්‍රයාවලියට සාපේක්ෂවයි. ඒ වගේම අතනදිත් බලන්න ඕනෙ රටක විපක්ෂයෙ කාර්්‍යයභාරය කියන කාරණයට සාපේක්ෂවයි.
මෙතනදි තැන් දෙකකින් මේ කාරණය දිහා අපි බලන්න ඕනෙ. කල්පනා කරල බලන්න පහුගිය කාල සීමාව පුරා විපක්ෂය කියන සාධකයේ හැසිරීම. අත්අඩංගුවට ගත්ත කෙනෙක් පැය 48ක් අත්අඩංගුවේ තබාගන්න ඉඩදෙන මර්දන පනතට, පාසල් වල ගාස්තු අය කිරීම නීත්‍යානුකූල කිරීමේ පනත වගේ දේවල් වලට ඔය විපක්ෂය විපක්ෂ වෙන් නෑ. ජවිපෙ පවා ඒ තීරණාත්මක පනත්වල ඡුන්දය විමසන වෙලාවල විපක්ෂයෙ භූමිකාව ඉටුකරමින් කැන්ටිමට වෙලා තේ බොනවා. මහින්ද ගෙනාපු අයවැයම අතුරු අයවැය කියල ගේද්දි, සේනක බිබිලෙගෙ නම සිල්ලරට විකුණල සමාගම් තර කරණ ෙඖෂධ පනත ගේද්දි අජිත් කුමාර සහෝදරය ඇර ඔය කොයි කවුරුත් යස අගේට අත ඉස්සුව. ඉතිං නියමින් හෝ අනියමින් හැම ප‍්‍රතිපත්තිමය කාරණාවකටම සහාය දෙනවා. ඒත් මහබැංකු අධිපති වංචා කරද්දි විපක්ෂය කඩු හෙලි අමෝර ගන්නව. මේ සමාජ ක‍්‍රමයෙ නඩත්තුවට ඕනෙ කරණ ප‍්‍රතිසංස්කරණ, යෝජනා වලට විපක්ෂය නිහඩයි හැබැයි වංවා දූෂණ වගේ ඒ වැඬේ පිළිවලකට කරන්න බාධාවෙන වැඩ වලට විරුද්ධයි. පවතින වෙළඳ පල ධනේෂ්වර සමාජ භාවිතාවන් තව තවත් තහවුරු කරගන්න ගන්න කි‍්‍රයාමාර්ග වලට සහාය දෙන ගමන් ඒක හරියට කරගන්න බාධාවෙන පසුගාමී කි‍්‍රයාවන්ට විරුද්ධවෙන විපක්ෂයේ භූමිකාව සැබෑ විපක්ෂයේ භූමිකව වෙත ගෙන යා යුතුව තියෙනවා. ඒකට විපක්ෂයෙ භූමිකාව කියන්නෙ මොකක්ද කියල හරියටම අඳුන ගන්න වෙනවා.
ඇත්ත විපක්ෂයක් කියන්නෙ පවුලේ සංවාදයක් වගේ අපි අපි ඇතුළෙ පුංචි පුංචි ආරවුල් විසඳගන්නව කියන එකට නෙමෙයි. උදාහරණයක් ගත්තොත් පවතින සමාජ ක‍්‍රමය ඇතුළෙ හැමෝම හැම දෙයක්ම වෙළඳ භාණ්ඩයක් කරන්න හදනවා. ඒ අනුව සෞඛ්‍යත් වෙළද භාණ්ඩයක් කරන්න ඔය කොයි පාලකයත් ඡුන්දෙදි අපේ මූණට නොකීවට උත්සහ කරණව. දැන් සැබෑ විපක්ෂයක කාර්්‍යයභාරය වෙන්නෙ සෞඛ්‍ය ඇමතිවරයා ගත්ත කොමිස් කුට්ටියක් ගැන කියන එක විතරක් නෙමෙයි. මේ සෞඛ්‍ය වෙළඳ භාණ්ඩයක් කරණ ප‍්‍රතිපත්තියත් එක්ක කොන්දේසි විරහිතව ගැටෙන්න ඕනෙ. ඒත් අපි විපක්ෂයෙ කාර්්‍යය භාරය කියල දකින්නෙ මීට වඩා හරිම සරළ දෙයක්. ඇත්තටම ඒක විපක්ෂයද කියන ප‍්‍රශ්නෙත් එනවා. ආණ්ඩුව ගෙනියන ප‍්‍රතිපත්තියට විරුද්ධවීමක් නෙමෙයි ඇත්තටම එතන කරන්නෙ ඒකට උදව් කිරීමක්. නැත්නම් ඒකට පක්ෂ වීමක්.
සැබැවින්ම පවතින සමාජ ක‍්‍රමය තුළ සැබෑ විපක්ෂයේ භූමිකාව පවතින සමාජ ක‍්‍රමයෙන් වෙනස්ව වඩා යහපත් සමාජයක් දිහාවට යොමුවූවක් වෙන්න ඕනෙ. ඒක පාර්ලිමේන්තුවෙ අනිත් පැත්තෙ වාඩිවෙලා ආණ්ඩුවට හූ කියනවට වඩා සංකීර්ණ වගේම භාර¥ර කාර්්‍යයක්. සැබෑ විරුද්ධ පක්ෂයේ කි‍්‍රයාකාරීත්වය මහ පොළවත් එක්ක බැඳුනක් වෙන්න ඕනෙ. විරුද්ධත්වය කියන මතය ඊළග ඡුන්දෙදි තමන්ට බලය ගන්න හෝ තමන්ගෙ ගොඩ වැඩිකර ගැනීමෙන් එහාට ගිහින් පවතින ක‍්‍රමයට එරෙහි අදහසක් ජනතාව වෙත ගෙනයාමත් ඔවුන් ඒ වටා ගොනු කිරීමත් දිශාවට යොමුවිය යුතුයි. මෙතනදි ආණ්ඩුව කරණ ¥ෂණ වංචා වලට මුණිවත රකින්න ඕනෙ කියල කියවෙන් නෑ. ඒවට විරුද්ධ වෙන්න ඕනෙ හැබැයි මේ සමාජයෙ අර්බුදය මේ ආණ්ඩුවෙ ඉන්න ඇමතියෙක් හරි දෙතුන් දෙනෙක් හරි හොරකන් කරණ එක වගේ තැනකට ලඝුවෙන්න දෙන්න බෑ.
පවතින සමාජය ඇතුළෙ සැබෑ විපක්ෂයෙ භූමිකාව පවතින්නෙ මිනිසුන් අතරයි. සැබෑ විපක්ෂය මතුවෙන්න ඕනෙ ඔවුන් තුළිනුයි. ආණ්ඩුව ගන්න ජනතා විරෝධී කි‍්‍රයාමාර්ග වලට එරෙහිව දැනුවත් වෙලා නැගී සිටින්න ඕනෙ ඔවුන්. එහෙම නැතුව පාර්ලිමේනතුව ඇතුළට යවන ගැළවුම්කරයො ටිකක් ස්වර්ග රාජ්‍යය පහල කරනකන් බලන් ඉදීමෙන් විසදුම් ලැබෙන් නෑ. ඉතිහාසය පුරාම තීරණාත්මක ජනතා විරෝධී තීරණ පරාජය කළේ පාර්ලිමේන්තුව ඇතුළෙ නෙමෙයි, ඉන් එහා මහපාරෙ අරගල ඇතුළෙයි. පහුගිය මහින්ද රාජපක්ෂ සමය ඇතුළෙ පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බහුතරයක් තියෙද්දිත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනත, විශ‍්‍රාම වැටුප් පනත වගේ දේවල් පරාජය කළේ ඒ ප‍්‍රශ්න පාර්ලිමේන්තුවෙ හතර සීමාව පැනල මිනිස්සු ඒව තමන්ගෙ අතට ගත්ත හින්දයි. ඒ නිසා කවුරු බලයට ආවත්, සැබෑ විපක්ෂයවීමේ වගකීම තියෙන්නෙ මිනිස්සු අතේ. ඡුන්දෙදි කාට හරි කතිරය ගහන එක නෙමෙයි වැදගත් දෙය, එතනින් එහා එළඹෙන සමය ඇතුළෙ සකී‍්‍රය වෙන එකයි. වාමාංශික ව්‍යාපාරය වැනි සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්න බලවේග වල වගකීම මේ සැබෑ විපක්ෂය ගොඩනගන එකයි. ඒ විපක්ෂයෙ වගකීම තමන්ගෙ කරට ගැනීමෙන්ම නෙමෙයි මිනිස්සු සංවිධානය කිරීම හරහා ඔවුන්ව විපක්ෂය බවට පත් කිරීමෙණි. එවැනි සකී‍්‍රය ජනතාවක් හරහායි එම ව්‍යාපාර බලාපොරොත්තුවෙන සමාජ වෙනස කරන්න වෙන්නෙ. එහෙම නොවී කොළ පාටට නිල් පාටට වගේම රතු පාටට අත්පුඩි ගහන පිරිසක් හදා ගන්න එකෙන් නෙමෙයි.
විය යුත්තේ ඒක තමයි.......
ReplyDelete:D
Delete