දහඩියෙන් කදුළින් ඔපවැටුණු
ඒ නුඹේ ප්‍රේමයයි
අයන්නෙන් අම්මා
හෝඩිපොත අතට ගත් දවසෙ ඉදලම
ගණදෙවි පහන වාගේ
අදුර නසමින් හැමදාම
දැල්වුණේ ඔබලයි
සුදු ඇදුමෙ දවටලා
අරන් ගියෙ ඉස්කෝලෙ
කොටුරූල් දික්රූල්
පිටු අතර තැවරුණේ
දහඩියෙන් කදුළින් ඔපවැටුණු
ඒ නුඹේ ප්‍රෙමයයි
ජීවිතේ කඩඉම්
එකින් එක පසුකරන සද
සෙවණැල්ල ලෙස ආවෙ නෑ
මගේ පසුපස
අදුරෙදී සැගවෙද්දි එය
කෙළස සමකරන්නද මම
උණුසුමට සිසිලසත්
සිසිලසට උණුසුමත්
රැගෙන ආවේ නුඹලයි
නිදිමරන දා පොත් අතර
ප්ලේන්ටියෙ උණුසුමත්
නුඹයි ඒ නුඹලමයි
හැමදාම වගේම
අරගල බිමෙත් අද
තනිකරන් නෑ මාව
මට පුදුම නෑ ඒක
ඒ මගෙ අම්මයි තාත්තයිනෙ
ඇස් අග රැුදුණු
මේ හීන අම්මාට
ඒ හීන තුළ පිරුණු
ආදරය තාත්තට
(රිවිහාර පින්නදුව)
+++++++
ReplyDelete