Thursday, July 16, 2015

ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


අහන්බෙන් ඇස ගැටුණු මෙම පෝස්ට් එකක් හා එහි වූ කමෙන්ට් තුළින් වමට ඉගෙන ගතයුතු යමක් වේ යැයි සිතුනි. එහි තිබුණේ ජවිපෙ දිනවමු ලෙස මහා මාර්ගයේ ලියූ ප‍්‍රකාශයකි. මෙම පෝස්ට් එක දැමූ හා කමෙන්ට් කළ පිරිසට මෙය අවුලකි. ජවිපෙන් ඔවුන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවේ. මේ වගේ වැඩ කළොත් ඡන්දය දෙන එක ගැන සිතා බැලීමට වන බවත් ඔවුන් පවසයි. අනිත් අතින් ඒ පිරිස සතුටු වන ආකාරයට දේවල් පෙළ ගැසෙමින් තිබෙයි. මෙහි අදහස් දක්වන ජවිපෙ සොහොයුරන් පවසන්නේද පාක්ෂියන්ද මේ ගැන කතා කරණ බවයි. ඒ ඔවුන් අතරේද මෙය අවුලක් යන අදහස මතුව ඇති බවයි. එසේම පෙර ඡන්ද ඉලක්ක කොට වැඩ විදිහට එක රැයින් පධාන පාරවල් විතරක් නෙමෙයි අතුරු පාරවල් පවා සීනු වලින් වැසූ යුගයක් තිබූ බව අපිට මතක ඉතිහාසයේද ඇත. අද එළෙස පචාරක උපකමයක් ලෙස පබලව යොදාගන්නා අයුරු දැකගැනීමට නොහැක.
ලංකාවේ මැද පන්තියට එජාපයේ ශී‍්‍රලනිපයේ ඇති අවුල් නැති හොද ධනේෂ්වර පක්ෂයක් (හොරකන් කරන් නැති බුද්ධිමතුන් ඉන්න දියුණු ධනේෂ්වර පක්ෂ මේ ආකාරය) ඕනෑ කර ඇත තමන්ගේ ඒ උවමනාවට ඔවුන් ජවිපෙ භාවිතා කරයි. පසුගිය කාලය පුරාවට ජවිපෙ සිදුකළේද මෙම කාර්යය භාරයයි. මැද පන්තියේ ඇතැම් ආස්වාදයන් බිදහල මහින්දට එරෙහි වීම, ව්‍යවස්ථා සංශෝදන ආදියම ප‍්‍රමුඛ කර ගැනීම (මේවාද ඇතැම් තැන්වල වම කළ යුතු අතර නමුදු වැඩේ එය කරගෙන ඒ තුළ ගිලීයාම අනෙකකි) වැනි දේ තුළ ඔවුන් මෙම පිරිසට ආස්වාදය ගෙන එන ලදී. හොදින් සමාජය දෙස බැලුවොත් රජරට වකුගඩු අර්බුදයේ පටන් ජවිපෙට තම සංවිධාන හා පිරිස් බලය යොදා ඉහළට එසවිය හැකිව තිබූ පීඩිත අරගල හා සටන් පාඨ රාශියක් තිබුණු නමුත් මහින්ද එළවීම 19 සම්මත කිරීම වැන්නකට හැර ඔවුන් ඒ අරගල කිසිවක් තම ශක්‍යතාවයට සාපේක්ෂව අතට ගත්තේ නැත. අවම වශයෙන් පීඩිත සටන් කරණ බලවේග මර්දනයට හෙට යොදාගන්නා පැය 48 අත්අඩංගුවට ගැනීමේ පනත, පාසල් වලින් ගාස්තු අය කිරීමේ පනත ආදියට පාර්ලිමේන්තුව තුළ අතක් උස්සා විරුද්ධව ඡන්දයක් පාවිච්චි කරන්නට හෝ ඔවුනට උවමනාවක් නොවුණා සේම පාක්ෂිකයන් වෙතින් මෙන්ම වෙන කිසිවෙකු ඒ පිළිබදව ඔවුන් ප‍්‍රශ්න කරණු නොදුටුවෙමු. නමුදු පාරෙහි සීනු ඇදීම ප‍්‍රශ්න කෙරෙන අතරම ජවිපෙ සහෝදරවරුද අපි ගෙනෙන විවේචනයන් හමුවේ ප‍්‍රතිප‍්‍රහාර දක්වන ලෙස නොව මෙය පිළිගන්නා සෙයක් දක්වන අතර මේ පිළිබදව තමන් කතා කරන බවද පවසයි. පෙරකී පනත් නොදුටුවා සේ මගහරින විට ‍පාක්ෂිකයින් ඒ පිළිබදව පාරේ ලිවීම ගැන තරමටවත් සංවාද ගත වූවාද යන්න සිතා බැලිය යුතුය
කම්හලේ බිත්ති මත අගුරු කැටයෙන් ලීව කුරුටු ගී මගේ මහ ගී පොතයි යැයි කීවේ නන්දාය මේ දෘෂ්ඨියෙන් බැලුවොත් එය තමන් සේවය කරණ තැන ලස්සනට තියෙන බිත්ති කැත කරණ අවුල් වැඩකි. පසුගිය කාලයේ ලලිත් කූගන් සහෝදරවරු අතුරුදහන් කළ විට හා කුමාර් සහෝදරයාගේ දේශපාලන නිදහස අහිමි කළ විට මෙම උපක‍්‍රමය පෙසප භාවිතා කරණ ලදී. සමාජවාදී තරුණ සංගමයෙන් ඉස්සර චේ ගේ මුහුණ තාප්ප පුරා ගසා ඒවා කැත කළ අතර අදද පෝස්ටර් තට්ටු ගැළවුණු වෙලාවක එහෙන මෙහෙන් චේ ගේ මුහුණ මතුවෙනවා දකිද්දී ගෙනෙන්නේ ආස්වාදයකි. වමේ සහොදරවරුන්ට කියන්නට ඇත්තේ සහෝ අපි බිත්ති තාප්ප පුරා ලියමු, ජවිපෙ දිනවමු හෝ පෙසප දිනවමු කියා නොව වමේ සඨන් පාඨ මේ හැම තැනම ලියමු. අප මැද පන්තීන් දිනාගත යුතු අතර ඒ ඔවුන්ට අවශ්‍ය දේ කර ව්‍යාපාරයේ සාරය දියකර හැරීමෙන් නොව අද ඔවුන් විකාරයක් හෝ අවුලක් සේ දකින ‍වමේ කතාවට ඔවුන් දිනාගැනීම තුළින්ය. එය ‍මේ වගේ පහසු නොවන වෙහෙසකර හා දිගු දුෂ්කර එමෙන්ම ජනපි‍්‍රය නොවන ව්‍යායාමයක් වනු ඇත. නමුදු වමේ ගමන ඇත්තේ එහිය. 
යමෙකු දියුණු ලෝකයක මේවා ග‍්‍රාම්‍ය උපක‍්‍රම ලෙස පැවසිය හැකිය. නමුදු යුරෝපය වැනි දියුණු ධනේෂ්වර රටවල පවා රැඩිකල් හා වාමාංශික කණ්ඩායම් තම සටන් තුළ මෙම වීදිවල සටන් පාඨ ලිවීමේ උපක‍්‍රමය භාවිතා කරයි. මේවා සිවිල් නීති කැඩීම් විය හැක ගැටළුවක් නැත ඒවා ඇත්තේ කැඩීමටය. (මෙය භය හිතෙන ප‍්‍රකාශයක් උවද මහත්මා ගාන්ධි පවා අනුගමනය කළ දෙයකි) අන්තරයට පා ගමන් නවතන්නට දිගින් දිගටම අධිකරණ නියෝග ගෙන එන විට ඒවා දිගින් දිගටම කඩ කළ අතර අවසන අධිකරණයම පොළිසියට නැවත මෙවැනි ඉල්ලීම් නොකරන ලෙස දැන්වීය. එම සිවිල් නීති කඩ නොකළේනම් සම සෞඛ්‍ය අරගලය ඇතුළු කිසිදු මෑතකාලීන සටනක් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නේ නැත. අවසනට සොහොයුරණි අපි මේ ලස්සන මැදට පැන වකුගඩු රෝගීන් ගැන කුණු කදු වලට යට වෙලා ජීවිත අපායක් වුණ මිනිසුන් ගැන කුරුටු ගා කැත කරමු. මේ නිහඩ බව මැදට පැන වෙළද කලාපවල නැහෙන සොයුරියො ගැන අධ්‍යාපනය විකුණන් කන එක ගැන බෙරිහන් දෙමු. ඔය ලස්සන කියන ඇස් නිලංකාරවෙන ෆැන්ටසියෙ තියෙන්නෙ ලේ කදුළු වලින් හැදුණු මානව ඛේදවාචකයක් මිසක් වෙන මොකුත් නෙමෙයි. එ් හින්ද ඕව කැත කරණ එකම තමයි කරන්න ඔනෙ.

(රිවිහාර පින්නදූව)

Friday, July 10, 2015

කලාවට සදළුතලාවෙ ඉන්නදෙමුද?


කලාවට සදළුතලාවෙ ඉන්නදෙමුද?


ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරය නිරන්තරයෙන් විවිධ පොත් එළි දැක්වීම්, සම්මන්ත‍්‍රණ ආදියට වෙන් වෙයි. කවි සංවාද, සිනමා රසාස්වාදන වැඩසටහන්, ජාත්‍යන්තර සිනමා උළෙලවල් මේ ආදී කලාවට අදාල සංවාද තලයේ යම් යම් දේ කොළඹ කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙයි. නමුත් මේ සංවාද වල සහභාගීත්වය මෙන්ම එහි විෂය පරාසයන්ද යම් නිෂ්චිත සීමාවක් තුළට කොටු වී ඇති බව අපට හදුනාගත හැකියි. මේ හැම තැනකම කැරකවෙන්නේ කොළඹ ආශි‍්‍රත නාගරික තරුණයින් කේන්ද්‍ර කරගත් එකම මුහුණු ටිකක්ය. මෙවැනි සංවාද වලටම සහභාගීවී ඔවුන් සියල්ලෝම එකිනෙකා හදුනන මිතුරු කව බවට පත්ව ඇත. නමුත් ලාංකීය කලාවේ හෝ කලා රසිකයා ගැන නිවැරදි කියවීමක් මේ තුළින් අපට ලබා ගත හැකිද? මේ ගැන සරළ අදහසක් ගන්න සිදුවීමක් පසුගිය වසරෙ කොළඹ අන්තර් අන්තර් ජාතික සිනමා උළෙල කාලෙ මං අත්වින්ද. සිනමා උළෙලෙ සිනමා ශාලා බොහොමයක් තිබුණෙ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදන් පයින් යන දුරින්. සිනමා උළෙල නරඹන්න නොමිළේ ප‍්‍රවේශපත් ඒ ආසන්නයේම පදනම් ආයතනයේදී වගේම සිනමා ශාලා අසළත් ලබා ගන්න පුළුවන්කම තිබුණ. නමුත් එහෙන් මෙහෙන් මේ මොකක්ද බලන්න ආපු කෙනෙක් ඇරෙන්න එතනත් වැඩි හරියක් තිබුණෙ පුරුදු මූණු ටිකමයි. කොළඹ ඉන්න ග‍්‍රාමීය තරුණ ප‍්‍රජාව වැඩි පිරිසක් එකට එකතු වුණ තැනක් තමයි කොළඹ විශ්ව විද්‍යාලය. ඒ ආසන්නයේම මෙවැනි ජාත්‍යන්තර චිත‍්‍රපට ප‍්‍රදර්ශනයක් තිබුණත් එහි උණුසුම විශ්ව විද්‍යාලය ඇතුළට දැනුනෙ හරිම අඩුවෙන්. එහෙන් මෙහෙන් කෙනෙක් දෙන්නෙක් මිසක් සාමූහිකව ඒ අවස්ථාවට සහභාගිවෙන්න උනන්දුවක් ඔවුන් තුළ තිබුන් නෑ. සත්‍ය ලෙසම ඔවුන් නියෝජනය කරන්නෙ හුදෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නොව මේ රටේ බහුතර සාමාන්‍ය ජනතාවගේ රුචිකත්වයයි, රසවින්දනයයි.
අපේ රටේ ජනපි‍්‍රය කතාවක් තමයි දැන් හැදෙන ළමයි අමරදේවගෙ නන්දා මාලිනීගෙ සිංදු අහන් නෑ මේ අය අහන්නෙ බාතිය සංතුෂ්ගෙ ඉරාජ්ගෙ සිංදු කියන එක. ඒත් අපේ රටේ තරුණය වැඩියෙන්ම කැමති භාතිය සංතුෂ්ලගෙ ඒ සංගීතයටද? පහුගිය සිකුරාද දවසක හැන්දෑවෙ මං කොටුවෙ පදික වේදිකාවෙ ඇවිදිමින් ඉන්නාවිට එහි ක්‍ෘ අළෙවි සැල් අවට සති අන්තයේ නිවෙස් වලට යාමට පෙර තරුණයින් ගෙදර රැුගෙනයාමට ක්‍ෘ පට මිළදී ගණිමින් සිටිය. ඔවුන් වැඩි දෙනෙක් මිළට ගත්තෙ චිත‍්‍රපට හෝ වෙනයම් දෙයක් නොවෙයි ජනපි‍්‍රය සංගීත කණ්ඩායම්වල සජීවී සංගීත ප‍්‍රසංග වල වීඩියෝ දර්ශන. බස් රථවල නිරන්තරයෙන් ප‍්‍රචාරණය වන්නෙත් මෙම ගීතය. නාගරික තරුණයාගෙන් බැහැරව ග‍්‍රාමීය තරුණයින්ගේ ප‍්‍රධානම රසවින්දන මාධ්‍යය වී ඇත්තේ මෙම සංගීත ප‍්‍රසංගය. ”මේ සතියෙ කොහෙවත් සංගීතයක් නැද්ද?” ”සංගීතෙ ගහන්නෙ කවුද?” මේවා මිතුරන් පිරිසක් එකතුවූ විට සුලභ වදන්ය. මිතුරන් එකතුවී ? යතුරුපැදිවල නැගී කෑගසමින් එද භූමියට යන ගමනේ සිට සංගීතයට සවන් දීම, නර්තනය හා මත් ද්‍රව්‍ය භාවිතය ඇතුළු සාමූහික කි‍්‍රයාකාරකම් රැුසක් මීට අයත්ය. මේ සංගීත සම්ප‍්‍රදායට ග‍්‍රාමීය තරුණ තරුණියන් ආකාර්ෂණයට හේතු කිහිපයක් උපකල්පනය කළ හැකිය. 
මේ සංදර්ශන බොහෝමයක් නොමිළේ පැවැත්වීම, නැතිනම් ඉතා අඩු මුදලකට පැවැත්වීම නිසා ඔවුනගේ දුෂ්කර ආර්ථික ජීවිතයට මෙය එතරම් අමතර බරක් නොවෙයි. මෙය අප සංසන්දනය කළ යුත්තේ නෙළුම් පොකුණේ මහසමයම නැරඹීමට හෝ ලයනල් වෙන්ට් රඟහලේ ෙවිදිකා නාට්‍යයක් නැරඹීමට ප‍්‍රවේශ පතකට වැය වන මිළත් සමඟය. වේදිකා නාට්‍ය,වෙනත් සංගීත ප‍්‍රසංග ආදිය බොහෝ  විට පැවැත්වෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගනිමින්ය. එබැවින් ඈත ප‍්‍රදේශවල සිටින පිරිස් වලට මෙවැනි අවකාශයන්ට ප‍්‍රවේශවීම අපහසු වෙයි. නමුත් මෙම එළිමහන් සජීවී සංගීත ප‍්‍රසංග රටපුරා හැම තැනකම පැවැත්වෙයි. තම ගමේ පාසලේ කී‍්‍රඩා පිටියේ, ආසන්න නගරයේ නිතර මෙවැනි සංදර්ශන සංවිධානය වෙයි. රාතී‍්‍ර කාලයේ පැවැත්වෙන බැවිනුත් බොහෝ විට සති අන්තයේ පැවැත්වෙන බැවිනුත් තම දෛනික කටයුතු වලට බාධාවක් කර නොගෙන සහභාගීවීමට අවස්ථාව ලැබෙනව. ඒ වගේම මේක සාමූහික කි‍්‍රයාකාරකමක් හැමෝම එකට එකතුවෙලා යන්නෙ නටන්නෙ ගැටුම් ඇතිකරගත්තත් එතනත් යම් විදිහක සාමූහික කි‍්‍රයාකාරීත්වයක් තියෙනව. දහස් ගණනක් සෙනග මැද්දෙ දහඩිය පෙරාගෙන නටමින් ලබන ඒ අත්දැකීම වාහනයකින් පැමිණ වායුසමනය කළ ශාලාවක ලබන දියුණු සංගීතමය අත්දැකීමකට වඩා වෙනස්. 
මීළගට මේ ගීත දිහාවට අවධානය යොමු කළොත් ඉතා සරළ පදවැල් මෙහි පොදු ලක්ෂණයක්. සරළ කිව්වද එය සරළ බවටත් වඩා වචන සංස්කරණයකින් තොරව නැතිනම් ව්‍යවහාර භාෂාවෙන් පැවසුවහොත් අමුවෙන් අදහස් ඉදිරිපත් කරනු දැකගත හැකිය. ඒ බොහොමයක් විරහව වැනි කරුණු මුල් කරගෙන රචනා වී ඇති අතර මව්පිය ගුණ කියවෙන ගීතද ඉහළ ආකර්ෂණයක් හිමිකර ගන්නා අයුරු දැකගත හැකිය. සංකීර්ණ තනු දියුණු සංගීත සංයෝජනයන් වෙනුවට යම් ආකාරයක ඒකාකාරී බවක්ද මෙම ගීත තුළ දැකගත හැකියි. මෙහිදී සමහර වියතිරේඛයන් පවතින බවද අමතක නොකළ යුතුයි. මොවුන් මෙම ගීත වලට මෙතරම් ආකර්ෂණය වන්නේ මන්ද යන්න සිතන විට මා හට මුහුණ දුන් තවත් අත්දැකීමක් මතකයට නැගෙයි. මා මිතුරන් කිහිප දෙනෙකු සමග මිතුරෙකුගේ බෝඩිමකට වී විභාගයකට සූදානම් වෙමින් සිටින අතර තුර දිනක් අප හා කතා බහට එක්වූ එම බෝඩිමේ අයිතිකාරය තම මිතුරාට පැවසුවේ ”මචං මුන් බලන ෆිල්ම් බැලූවම ඔළුව විකාර වෙනව. මටනම් කල්පනා කරන්න ජීවිතේ ඇති තරම් ප‍්‍රශ්න තියෙනව ඔය වෙලාවත් මොනවගෙන් හරි ඔළුව පුරවගෙන බර කරගන්නෙ මොකටද? මටනම්  ඕනෙ එ වෙලාව ජොලියෙන් ඉන්න”. ඔහුගේ කතාව ඉතා සාධාරණය. ජීවිතේ පුරා වෙහෙස වී හෙම්බත් වී සිටින මිනිසුන්ට අවැසි වන්නේ සැහැල්ලූවකි. තම ආතතීන් සමනය කර ගැනීමට මගකි. 
මේ දිහා විමසිලිමත්ව බලන විට පැහැදිලිවන කාරණයනම් කලාවේ උසස්ම නිර්මාණයන් රසවිදීමේ අවස්ථාව මෙන්ම ඒවා රස විදීමේ වින්දන හැකියාවද ඇත්තේ ධනපතීන් හා යම් තාක් දුරකට මැද පන්තියෙහි පිරිස් අතෙහිය. කලා කරුවන් සිටින්නේද එම සමාජ ස්ථරයන් තුළය. එම කාරණය පැහැදිලිය. කලා නිර්මාණකරනයට මෙන්ම ඒවා රසවින්දනයටද යම් නිදහසක් හා අධ්‍යන හැකියාවක් තිබිය යුතුය. එම ශක්‍යතාවය මුළු කාලයම එදා වේල හොයා ගැනීමට දිය කරන මිනිසුන්ට ලබා ගැනීමට අපහසුය. මේ කරුණ එදා සෝවියට් රුසියාවේද විවාදයට ලක්වූ කාරණයකි. කලාව ජනතාව උදෙසා විය යුතුය යන සමාජ සත්තා යථාර්තවාදී දෘෂ්ඨියෙන් තර්ක කල ඇතමුන් පැවසුවේ පීඩිත ජනතාවගේ කලාවක් ගොඩනැගිය යුතුය යනුවෙනි. ට්‍රොස්කි මෙහිදී පැවසුවේ සෑම විටම කලාව දියුණුවූයේ බලය හිමි පංතිය වටාය. මානව සමාජය මේ වන විට යම් තැනකට රැුගෙන පැමිණ ඇත. ඒ අනුව කල යුත්තේ එය පීඩක පංතියේ කලාව ලෙසින් ප‍්‍රතික්ෂේප කිරීම නොව එම කලාව පීඩිත පංතිය වෙත දිනා ගැනීමයි. මම මේ මතයන් දෙක ඔබ හමුවේ විවෘතව තබමි.
කලාව ජනතාව අතරට ගෙනයන්නේ කෙසේද? ඔවුන් පුළුල් රසවින්දනයක් වෙත ළගා කරන්නේ කොහොමද? මෙය විකල්ප දේශපාලන අදහස් දරණ කලා කරුවන් පුළුල්ව ප‍්‍රවේශ විය යුතු ප‍්‍රශ්නයකි. විශේෂයෙන්ම කොළඹ ආශි‍්‍රතව විකල්ප ගීත ඇතුළු සම්මත ධාරාවෙන් බැහැර කලා කරුවන්ටද මෙම බහුතරය වෙත ප‍්‍රවේශ වීම අපහසුය. මන්දයත් ඔවුන්ගේ ආමන්ත‍්‍රණය මෙම පිරිසට බොහෝ දුර බැවිනි. අනිත් අතට කලා කරුවන් නිර්මාණකරනයේ යෙදෙනවා විනා එය නිශ්චිත දේශපාලන අරමුණු තුළ සිරකල යුතුද යන්න පිළිබදවද විවාදයක් පවතී. කෙසේ නමුදු බහුතර ජනතාවගේ කලා රසිකත්වය පිලිබද මෙගා බලල බුදියගන්න මිනිස්සු වැනි හුුදු විවේචනයකින් ඔබ්බට ගොස් එම කලා අවකාශයට ප‍්‍රවේශ වීමටත් ඔවුන් දියුණු රසිකත්වයක් වෙත ගෙන ඒමට මං සෙවිය යුතුය. 

රිවිහාර පින්නදුව