හියුමරාන්
සින්ඩරෙල්ලගෙ අවජාතක පුතාගෙ කතාව
මධු සමය කියන්නෙ තරුණියකගෙ ජීවිතේ සුන්දරම රාති‍්‍රයට. පොඩි දේකටත් තරහ යන රජකෙනෙකුගෙ කෝකියෙක් රජතුමාට කන්න කෑමක් හදද්දි ලූණු තුනපහ මොන තරම් සීරුවට පදමට දානවද ඒ වගේ පේ‍්‍රමයත් අනුරාගයත් පදමට ගොනුවෙච්ච සීතල පරිසරයක උණුසුම් සයනකයක ගතකරන ආදරණීය රාති‍්‍රයක්. තමන්ගෙ පෙම්වතා සමග ආදරෙන් බැදිච්ච දවසෙ ඉදල හීන දකින රාති‍්‍රය නොදන්නා මනුස්සයෙකුගේ විකෘතිවූ කාමාශාවන්ට බිලිදෙන්නට සිදුවුණ තරුණියක හදවතේ මොන තරම්වූ වේදනාවේත් වෛරයේත් ගිනි දළු ඇවිළේද? තමන්ගෙ පෙම්බරිය මධු සමයේ රාති‍්‍රයේ වෙනත් මිනිසෙකු හා නිදිවැද එනතුරු බලාසිටීමටවූ තරුණයෙකුගේ හදවතේ මොන තරම්වූ වේදනාවේත් වෛරයේත් ගිනි දළු ඇවිළේද? මේ කතාව පටන් ගන්නෙ මෙතනින් නෙමෙයි. ඒත් මේ කතාවෙ කතාව පටන් ගන්නෙ මෙතනින්. ඒ වෛරයේත් වේදනාවේත් ගිනි දළු මතින්.
වෙසේරියාව කියන්නෙ අගනුවරට ඈතින් තිබුණ ගම්බද ප‍්‍රාදේශීය පාලන ඒකකයක්. රජතුමාට නෑකම් කියන කෙනෙක් තමයි රජතුමා වෙනුවෙන් පාලනය කළේ. බදු විදිහට මිනිස්සුන්ගෙ සාරයම සූරල අරන් මදිවගේ හින්දද කොහෙද තමන් දකින දකින කැමති කැමති ගෑණු තමන්ගෙ මන්දිරයට හොදින් හෝ නරකින් ගෙන්න ගන්න එක අකේසියස්ගෙ පුරුද්ද. එයිනුත් විවාහ මංගල්‍යයක් ගැන ආරංචිවුනොත් මනාලිව ගෙන්න ගන්න ගොඩක් කැමතියි. ඒ හින්දම දැන් මේ පලාතෙ විවාහ උත්සව කියල දේවල් ඇත්තෙම නැති තරම්. රහසෙන් මූලිකම චාරිත‍්‍ර ටිකක් ඉටු කරනව විතරයි. වෙසේරියාවෙ විතරක් නෙමෙයි මුලූ රටේම තත්වෙ ඔහොම තමයි. රජතුමත්, රජතුමා ගාව දැවටෙන රදළයො ටිකත් මිනිස්සුන්ගෙ ජීවිත අපායෙ පැසවෙන ලෝදිය වලින් උන්ගෙ දෙවියලෝකෙ සුවද විලවුන් හදමින් ජීවත් වෙනව.
ඔලිවර් ජීවත්වෙන්නෙ එයාගෙ අම්මත් එක්ක. ඇය අගනුවර උසස් පවුලක කෙනෙක්, සින්ඩරෙල්ලා. මොකක් හරි හේතුවකට අගනුවරින් පැනල ඇවිත් මේ පලාතෙ ජීවත් වෙනව. ඇය ඒ කාලෙ රජකුමාරයගෙ අනියම් බිරිදක් විදිහට තියාගෙන හිටියයි කියල කතාවක් තියෙනව. කොහොම හරි රජකම ගන්න රජකුමාරයව මරල දානවත් එක්ක සින්ඩරෙල්ල මෙහෙට පැනල ආවයි කියන්නෙ. ඔලිවර්ගෙ තාත්ත කවුද වගේ අනවශ්‍ය ප‍්‍රශ්න අහන්න එපා. ඔලිවර් ඇග්නස් එක්ක විවාහ ජීවිතය පටන් ගත්තෙ ජීවිතේ කවදාවත් නැති කරන්න බැරි රික්තකයක් එක්ක. මංගල රාති‍්‍රයෙදි තම පෙම්වතිය රැුකගන්න කිසිම දෙයක් කරගන්න බැරුව අසරණවුන පෙම්වතෙකුගෙ හැගීම් විස්තර කරන්න භාෂාවෙ වචන හොයන්න මං බොරුවට මහන්සි වෙන්නෙ නැහැ. ඔලිවර්ගෙ විතරක් නෙමෙයි රටේ හැම කෙනෙකුගෙම ජීවිත වල යථාර්තය මීට වඩා වැඩි වෙනසක් නෑ. ඒත් කවුරුත් මේ පාලනයට විරුද්ධව මොකුත් කරන් නෑ. කාලෙකට කලින් හියුමරාන් කියල වීරයෙක් කැරළි ගහල ඒ කාලෙ හිටිය පාලකයන්ට අභියෝගයක්වුණා කියල කතාවක් තියෙනව. හැමෝම ලොකු විශ්වාසෙකින් ඉන්නෙ ආයෙත් හියුමරාන් ඇවිත් මේ පාලකයන්ව එළවල සාධාරණ පාලනයක් හදාවි කියල. ඒත් ඒ කවදද? හියුමරාන් කොහෙද ඉන්නෙ? කවුරුවත් දන්නෙ නැහැ.
මල්ලකට වතුර පුරවද්දි, සීමාවකින් එහාට මල්ලෙ කොහෙන් හරි සිදුරක් හදාගෙන වතුර පිටවෙනව. පීඩාවේ උපරිමය පුපුරායෑමකින් අවසන් වෙන්න නියමිතයි. ඒත් වෙඩි බෙහෙත් බැරල් ගණන් තිබුණත් පිපුරුමකට එක ගිණි පුලිගුවක් ඕනෙ. එතකන් වෙඩි බෙහෙත් වලට ඉන්න වෙනව. ඔලිවර්ල වෙඩි බෙහෙත් වගේ, එයාල හොයනව ගිණි පුලිගුවක්, ඒ හියුමරාන්. ඒත් කෝ හියුමරාන්? හිරු පායනකන් බලන් ඉදල ඇතිවුන තැන ඔලිවර් තීරණය කලා හිරු හොයාගෙන යන්න. ඔලිවර්ගෙ අසල්වාසිය වගේම පොඩි කාලෙ ඉදල හොදම යාලූව වුනේ ඇලඩින්. ඇලඩින් පරණ බඩු කඩයක් දාගෙන ජීවත්වුනේ අම්මත් එක්ක. ඇලඩිනුත් එකගවුණා තවත් බලන් ඉන්න බෑ කියන කාරණයත් එක්ක. දෙන්නත් එක්ක හියුමරාන්ව හොයාගෙන යන්න කතාවුණා. හැමෝගෙම විශ්වාසයක් තිබුන රජතුමාගෙ පාලනයෙන් යම් සීමාවකට ස්වාධීනව පාලනය වෙන කදුකර ප‍්‍රාන්තය පැත්තෙ හියුමරාන් සූදානම් වෙමින් ඉන්නව කියල. පහුවදා උදේම ඔලිවර් ඇලඩින් එක්ක ගියා රොබින් කියන වයසක මනුස්සයව හම්බෙන්න. රොබින් එදා ඉදලම කලේ කැලේ ගහක් දෙකක් කපාගෙන ඇවිත් පුටු මේස හදන එක. හැම තිස්සෙම කැලේ ඉන්න හින්දමද කොහෙද මිනිස්සු රොබින්ට කිව්වෙ රොබින් හුඞ් කියල. මොනව උනත් රොබින්ට තමයි මේ දේවල් ගැන වැඩියෙන්ම දැනුමක් තිබුනෙ. ලොකු ඇස් දිගටි නහය එක්ක නළලෙ වම් පැත්තෙ ලොකු උපන් ලපය හියුමරාන් අදුන ගන්න තියෙන හැමෝම දන්න ශරීර අංග. හැමෝම කියනව රොබින්ගෙ ශරීර ලක්ෂණ හියුමරාන්ට ගොඩක් දුරට සමානයි කියල. ඒ ඇරෙන්න හියුමරාන් ඉන්න පුලූවන් පැත්ත ගැන රොබින්ගෙන් හැම දෙයක්ම ඔලිවර්ල අහගත්ත.
පහුවදාම ඔලිවර්, ඇලඩිනුයි තවත් තරුණයො දෙතුන් දෙනෙකුයි එක්ක හියුමරාන් හොයාගෙන පිටත්වුණා. ඒ ගමන ලේසිවුනේ නැහැ. සත්තු, මංකොල්ලකාරයො වගේ ඉවරයක් නැති අනතුරු මැදින් කණ්ඩායම කදුකර ප‍්‍රාන්තතයට ආව. ප‍්‍රධාන නගරයට ඇතුල්වෙන තැනම කාව හරි එල්ලල මරල දාල. දවස් ගාණක් ගෙවිල තිබුණත් කවුරුවත් මිනිය බාන්නවත් හදල තිබුණෙ නෑ. අකේසියස්ටත් වැඩිය දරුණු පාලකයෙක් මෙහෙ පාලනය කරන්නෙ කියල ඔලිවර්ලට තේරුණා. සමහර විට හියුමරාන්ලගෙ කි‍්‍රයාකාරකම් හින්ද ඒව මර්දනයට මේ වගේ දැඩි නීති කි‍්‍රයාත්මක කරනව ඇති. ඒ මිනිස්සුන්ව දැක්ක ගමන් ඔලිවර්ට තවත් දෙයක් තේරුණා. ඒ මිනිස්සුන්ගෙ ඇස්වල ඔලිවර්ලගෙ තරම්වත් බලාපොරොත්තුවක් ඉතුරුවෙලා තිබුනෙ නැහැ. දවස් ගාණක් කට්ටිය මුලූ ප‍්‍රාන්තය පුරා හියුමරාන් ගැන ආරංචියක් හෙව්ව, ඒත් කිසිම හෝඩුවාවක් හම්බවුනේ නැහැ. ඔය අතර ප‍්‍රාන්ත පාලකය අගනගරෙදි ජනතාව අමතන දවස ආව. ඒක සම්ප‍්‍රදායක් විදිහට කෙරෙන දෙයක්. ඔලිවර්ලත් මිනිස්සු එක්ක එතන්ට ගියා. ඇත්තටම ඒ වෙද්දි ආපහු ගමට යනව ඇරෙන්න කරන්න දෙයකුත් ඔලිවර්ලට ඉතුරු වෙලා තිබුනේ නැහැ. පාලකය සදළුතලයට ආව. හේවායන්ගෙ අණට භයෙන් මිනිස්සු ව්‍යාජ පී‍්‍රති ඝෝෂා පැවැත්වුවා. ඒ පාලකයට තිබුනෙ ලොකු ඇස්, දිගටි නහය, නළලෙ උපන් ලපය, ඒ හියුමරාන්.
හදිස්සියෙම අකේසියස්ගෙ බදු එකතු කරන්න ගිය නිළධාරියෙක් හා හමුදා භටයෙක් මරා දැමෙනව. ඒක අහබු දෙයක් වගේ සැළකුවත් පස්සෙ ඒ වගේ සිදුවීම් නිතර වෙන්න ගන්නව. ඒ එක්කම ඒ හැම තැනම හියුමරාන්ගෙ සළකුණ තියල තියෙනව. හියුමරාන් ඇවිත් කියන පණිවිඩය ගම් නගර පුරා පැතිර ගියෙ නියගයෙන් පීඩා විදින ගොවි ගම්මානයකට ඈතින් ඒ දිහාට එන වැහි වළාවක් ගැන ආරංචියක් වගේ වේගෙන් වගේම දස අතේ වැළලිලා තිබුණ හීන වලට ආයෙම පණ දෙන ගමන්. කැළෑවල හියුමරාන් යටතේ සෙනග සංවිධානය වෙන්න ගත්ත. ඒත් හියුමරාන් වැඩිය මිනිස්සු අතරට ආවෙ නැහැ කැළෑවෙ හැංගිලා හිටියෙ. ඒක මිනිස්සුන්ට අදාල නෑ. එයාලට හියුමරාන් ආයෙ ඇවිත් කියන පණිවිඩයම ඇති. අන්තිමට වෙසේරියාවෙ පාලනය හියුමරාන් අල්ල ගන්නවත් එක්කම මුලූ රටම සළිතවුණා. හියුමරාන් ගැන විශ්වාසයෙන් පිට පළාත්වල ඉදන් මිනිස්සු හියුමරාන්ට එකතු වෙන්න වෙසේරියාවට ආව. රජතුමා මේ විෂ බීජය පටන් ගත්ත තැනම නැතිකරල දාන්න දැවැන්ත ආක‍්‍රමණයක් වෙසේරියාවට එල්ල කළා. හියුමරාන්ගෙ සෙබළු අභීතව සටන් වැදුණත් ඒ ආක‍්‍රමණයට මුහුණ දෙන්න තරම් ඒ වෙද්දි හියුමරාන්ගෙ හමුදාව ශක්තිමත් නැහැ. වෙසේරියාව අත ඇරල ඉතුරු වෙච්ච සේනාව වනයට පසු බැස්ස.
රජතුමා හිතුව වැරදියි, ඒ වෙද්දිත් ගිනි දළු නැගිල ඉවරයි. කොයි තරම් නිවන්න හැදුවත් එක තැනක් නිවද්දි තව තැනක ගින්න ඇවිළෙනව. වනයට ඇවිත් හියුමරාන්ගෙ සේනාව සමූලඝාතනය කරන්න රජතුමා උත්සහ කළත් ගොවියන්ගෙන් හා අනිත් කැළෑව ගෙදර වගේ වුණ හියුමරාන්ගෙ සේනාවෙ මිනිස්සු එක්ක කැළේ ඇතුලෙ හැරෙන්නවත් රජතුමාගෙ හමුදාවට බැරිවුණා. අන්තිමට කැළේ ඇතුළට ගිහින් හියුමරාන් මරණ එක සියදිවි නසාගන්නව වගේ වැඩක් කියල රජතුමා තේරුම් ගත්ත. හියුමරාන් හොයාගෙන මිනිස්සු දිගින් දිගටම කැළෑවට එන්න ගත්ත. ටික කාලලෙකින් එකින් එක ගම්බද ප‍්‍රදේශ හියුමරාන්ගෙ සේනාව අල්ල ගත්ත. ඔය අතරෙ හියුමරාන්ගෙන් ජවය ලබපු වෙනත් ප‍්‍රදේශවල තරුණයිනුත් කැරළි ගහන්න ගත්ත හියුමරාන්ගෙ සහයට. ඒව ගොඩක් වෙලාවට ගරිල්ලා කණ්ඩායම්. හියුමරාන්ගෙ සේනාව ඒ ප‍්‍රදේශ ආසන්නයට එද්දි ඒ කණ්ඩායම් එහෙම්ම හියුමරාන්ගෙ හමුදාවට එකතුවුණා. අන්තිමට හියුමරාන්ගෙ සේනාව අගනුවර වටලෑව. දෙපැත්තෙම සේනාවන් අවසන් මහා සංග‍්‍රාමයට සූදානම්වුණා. කවදාවත් බිදවැටෙන් නැහැයි කියන නගර ප‍්‍රකාරය බිදින්න ඒ විශ්වාසය දරපු මිනිස්සුම හරිම විශ්වාසෙන් ආව. ඔලිවර්ල ඇලඩින්ල හැමෝම හියුමරාන්ට එකතුවුනා. රොබිනුත් ගමෙන් අතුරුදහන්වෙලා, ඒ මනුස්සයත් හියුමරාන් ගාවට යන්න ඇති කියලයි හැමෝම කියන්නෙ.
ඒ උදෑසන හරිම අමුතු උදෑසනක්, මරණයේ අන්ධකාරයත් බලාපොරොත්තුවේ ආලෝකයත් එකට එක්වෙච්ච උදෑසනක්. මේ සංග‍්‍රාමය කොහොම ඉවරවුණත් ඒ එක්ක එක යුගයක් ඉවර වෙනව, ඒ වගේම ඒ අවසානයම තවත් යුගයක ආරම්භයවේවි. දහස් ගණන් සෙනග නගර ප‍්‍රකාරය දිහාට ඇදෙන්න ගත්ත, හියුමරාන්ගෙ ළගම සෙනෙවියොවුන ඔලිවර්, ඇලඩින් ඇතුලූ පිරිස ඉස්සරහින්ම ආව. ප‍්‍රාකාරය උඩට වෙලා සෙනග දිහා බලන් හිටපු රජතුමාට මහා ආශ්චර්යක් දකින්න ලැබුන. කෙසග නගර කම්කරුවො එක පාරටම නයිට්වරු බවට පත්වවෙලා රණ හඩ දෙමින් ප‍්‍රාකාරය දිහාට එන්න ගත්ත. දුප්පත් ගොවියො මකරු වෙලා ගිණි පිඹිමින් ප‍්‍රාකාරය දිහාට පියාඹගෙන එන්න ගත්ත. පැය ගාණක් ප‍්‍රාකාරය අද්දර ගැලූම් දහස් ගාණක රුධිරයෙන් සේදුණාට පස්සෙ ප‍්‍රකාරයෙ ප‍්‍රධාන දොරටුව අන්තිමට බිද වැටුණ. රජතුමා ඇතුලූ සෙනෙවිවරු අන්තිම ප‍්‍රහාරයට සූදානමින් බලන් ඉද්දි දහස් ගාණක් සෙනග ප‍්‍රාකාර දොරටුවෙන් පොරකමින් නගරයට කඩා වැදුණ. රජතුමා අන්තිම මොහොතෙ තවත් පුදුමයක් දැක්ක, ඒ හැම කෙනෙක්ගෙම ඇස් ලොකුයි නහය දිගයි නළලෙ වම් පැත්තෙ උපන් ලපයක් තියෙනව. ඒ ඔක්කොමල හියුමරාන්ල.....
රිවිහාර පින්නදුව