Monday, October 22, 2018

ගිණිසිළුව අන්තරේ


ගිණිසිළුව අන්තරේ


හීන ගල්වුණු ලෝකෙක
චේ ත් කිචවී විකිණෙන
රතු පාට ජෝක් අද්දර
අතනාරිනා අරගලයක
පාවා නොදෙන දිවුරුම
උන් වළිකෑව පැළ කරන්නට
ඉරි තැලී වියළුණු පොළවක
ලෙයින් දහඩියෙන් දෝවනය කර
දහසක් අවලාද ගල් මුල්
කදුළු ගෑස් ටිං ගාණට
මඩ බැරල් පෙරළුණු
ඉවසන්න බැරි හින්ද
අඩහැරය අන්තරේ
ආතල් කැඩෙන හින්ද
නවලිබරල් සීලයේ
සමාජෙක කුණු කසළ
ගොඩගහල කර මතට
කොල්ලො කෙල්ලන්ගෙන්
දාර්ශනික අප්පල
මස් රාත්තල ඉල්ලූව
අරන් වරෙව් සගයිනි
විශ්වාසය පොළවට
මොරදියව් සටන් පාඨ
කිදාබහිනතුරු අරගලය
සමාජෙක ඇටමිදුළු වලටම
බැරියර් මත මල් පිපී
හිනැහෙනා හීනයට
අතවනා යා යුතුය
තවත් බෝ දුර අපි
ප‍්‍රාර්ථනාවේ කෙම්බිම සොයාගෙන
වෙළදපල හීනයට
ගල් ගහන මන්තරේ
නිමානැති අරගලයෙ
ගිණිසිළුව අන්තරේ

(රිවිහාර පින්නදුව)