Sunday, September 20, 2015

මගෙ කවිය නුඹ



මගෙ කවිය නුඹ


දහසක් කවි ලියවෙනා
පන්හිද අතැගිලි අතර නළියනා
හදවතේ ගැඹුරුම තැනින් උනනා
හැගීමකට සමවදින්නට
ඇස් වසන ඇසිල්ලක
නෙතු පියන් යට සිනහ නගනා
සෙනෙහසින් ආතුර වෙන්න
නීරස සටහන් පිටු අතර
නෙතු තියා සිත බොහෝ දුර දුවන
කටු අකුල් මත උනත්
සිනාසෙන්නට සිතෙන
හැගීමකි පේ‍්‍රමය
කවි සිතක් පිටවාන් යන
ජීවිතේ හමුවෙන
දහසක නෙත්
දහසක් කතා අතරෙක
නොසිදෙනා තනිකමක
පිපාසය සංසිදෙන
ගංදෑල අද්දර
නුඹ එක්ක පාව යන්නට
ජීවිතේ නුගගැබ
කළු වළා සුළං කෝඩ
මැද උවද ඉඩ නොදී
බිදෙන්නට අත්වැල්
නිබද කවි ලියුව
අරගලය පේ‍්‍රමය නමට
සැම තැනම මා සෙවූ
පන්හිදෙන් අරුතක්
දෙන්නට නොහැකි
ඒ අසීමාන්තික හැගුම
මගෙ කවිය නුඹ

(රිවිහාර පින්නදූව)

Saturday, September 12, 2015

වහලිය නොවේ නුඹ ජීවිතේ


දොරගුළු දමන්නේ කුමට පේ‍්‍රමයේ


නෙත් මානයෙන් බැහැරක
නුඹ ඉන්නවාද සතුටින
අපි අපිව අයදින මොහොතක
මගේ හඩ දුර ඈතක
අත වනනවාදෝ කදුළකට
තනිකමක් දැනෙනවානම් නුඹට
සිත් කොනක මහ පාළුවක්
නම් නොදන්නා සාංකාවක්
නෙතු පිය වසා මොහොතකට
සීරුවට විදගන්න
නුඹව සිපගන්න මදපවනෙ
සෙනෙහසක් වී තැවරිලා
මං ඉන්නවා හැම තැනම
බොරු නොවේ මේ දැනුත්
නුඹ ළගම
දොරගුළු දමන්නේ කුමට පේ‍්‍රමයේ
පියඹන්න ඉඩතියේ ආකහේ
වහලිය නොවේ නුඹ ජීවිතේ
හිමිකාරිය මගෙ ආදරේ

(රිවිහාර පින්නදූව)