මගෙ කවිය නුඹ
දහසක් කවි ලියවෙනා
පන්හිද අතැගිලි අතර නළියනා
හදවතේ ගැඹුරුම තැනින් උනනා
හැගීමකට සමවදින්නට
ඇස් වසන ඇසිල්ලක
නෙතු පියන් යට සිනහ නගනා
සෙනෙහසින් ආතුර වෙන්න
නීරස සටහන් පිටු අතර
නෙතු තියා සිත බොහෝ දුර දුවන
කටු අකුල් මත උනත්
සිනාසෙන්නට සිතෙන
හැගීමකි පේ‍්‍රමය
කවි සිතක් පිටවාන් යන
ජීවිතේ හමුවෙන
දහසක නෙත්
දහසක් කතා අතරෙක
නොසිදෙනා තනිකමක
පිපාසය සංසිදෙන
ගංදෑල අද්දර
නුඹ එක්ක පාව යන්නට
ජීවිතේ නුගගැබ
කළු වළා සුළං කෝඩ
මැද උවද ඉඩ නොදී
බිදෙන්නට අත්වැල්
නිබද කවි ලියුව
අරගලය පේ‍්‍රමය නමට
සැම තැනම මා සෙවූ
පන්හිදෙන් අරුතක්
දෙන්නට නොහැකි
ඒ අසීමාන්තික හැගුම
මගෙ කවිය නුඹ
(රිවිහාර පින්නදූව)
මහ විසල් අහස යට
ReplyDeleteනිදන්නෙමි මම
ජරපත් තුරු පතක් විලසින්
සොයන්නෙමි නුබ පීරමින්
වාෂ්පව ගිය දිය බිඳ
නුඹ මගේ කවිය
ලස්සනයි රවියෝ
ජයවේවා!
බොහෝම ස්තුතියි වර්න
Delete