Sunday, December 28, 2014

අපට නොනගතය තාම.............



අපට නොනගතය තාම.............


එරබදු ගහ
කොහේ අද
කපා ගත්තා 
පුටු සෙටිය ගෙට
අළුත් සළු ඉණ
දවටනා දා
තාම කුණු ගද
හමනවා මට
නැවුම් සුවදට
මකාලිය බැරි

සොයුරු පෙම් අද
හරිම සුවදයි
උපවාස බිම පිස
නැගෙන සුළගට
අම්මට කිරි බත්
රහ නෑලු මේ වර
නන්ගි ඔන්චිල්ලාව
බැදල නෑ අද
තල්ලු දෙන්නට
අයිය නෑ ළග
අප්පච්චි තනිවම
වැඩ අල්ලලා අර
අළුත් හේනට

යටත් වුණු වෙර සිදුණු
ලෝකෙට ජවය දෙන
සටන් බිම අත නෑර
අරගලය තුළ රැදුණු
සොයුර නුඹය මට
අවුරුදු කුමරුවන්
මෙදා අවුරුද්දට
මොන තරම් රස උනත්
අම්මගෙ කිරිබත් කට
ගිල්ලෙ අමාරුවෙන්
අව්වෙ වේලෙන
නුඹල සිහිවී

කවි ලියන් නෑ මම
මෙදා අවුරුද්දට
අපට නොනගතය තාම
පතන ලොව බිහි කරණ
නැකත එනවා ළගම
මකුළු දැල් කඩා හදෙහි
දූවිලි පිසිමු අධිටනෙහි
ධයිරය සෝදවා
සහෝදරකම් ඔප දමමු
ධනවාදෙ කුණු ගොඩට
වත්ත කෙළවර ගිණි ගහමු
ඉතින් සැරසෙමු
රතු මල් පිපෙන
අපේ අවුරුද්දට

( https://www.facebook.com/photo.php?fbid=629799553763465&set=pb.100002002790094.-2207520000.1419821379.&type=3&theater )

මරදානෙ පොඩි නන්ගි.....




මරදානෙ පොඩි නන්ගි.....


මරදාන වීදි කෙළවර
මට හරිම අප්‍රියයි
නන්ගියේ නුඹ තවම
ගෙට උනේවත් නෑ නේද
සාය උස්සා මහත්තයායැයි
අදුරු මුල්ලට අඩගසන
පෙති දිග නෑරැණු
පුන්චි මල් පොහොට්ටුව
තලා රොන් ගන්න
බඹරැන් අඩු නැතුව
අම්මගෙන් උරමවූ
රස්සාව නුපුරුදු නිසාදෝ තවම
කකුල් මැද්දෙන් ගැලුවෙ මුත්‍රා
ගැණුම්කරු අභියසදි
නන්ගියේ දන්නවාද
සාය අස්සෙන් ඒ බේරුණේ
මානව ශිෂ්ඨාචාරයම බව
ඔහු සමග නුඹ අදුරෙ
සැගවෙනා කල
කළු ගලක් වගේ හදවත
හරි බරයි නන්ගියේ
එතකොටයි හිතෙන්නෙ
අධිවේගී මාර්ගයක් පොළවේ ගසා
ගුවන් තොටුපළකට පයින් ගහන්න
වරායකට කක්ක කරන්න
කොල්ලො දෙන්නෙක් පේනවා
පාප්ප බාල්දියක්
පොස්ටර් මිටියක්
ගෙවුනු බාටා
සායම් ගිය කමිස
රෑ අදුරටත් හොරෙන් 
ඇලවෙනව පොස්ටරයක්
ඉල්ලනව අයිතියක්.නිදහසක්
නන්ගියේ ඇහෙනවාද
මේ අදුරෙ රජ කරන්නෙ
යක්කු විතරක් නෙමෙයි
ඉවසපන් නන්ගියේ තව ටිකක්
අප සැවොම කෙලසනා
සමාජය පෙරලනා දවසක්
ළගදිම ඒවි නන්ගියේ
ඔන්න උන් දෙන්න
මන් ළගින් ඇදෙනවා
අනේ උන් බදාගෙන
ඉඹින්නට හිතෙනවා
ගිහින් එන්නම් නන්ගියේ.................

( https://www.facebook.com/photo.php?fbid=491567627586659&set=pb.100002002790094.-2207520000.1419821528.&type=3&theater )

ඔව් ඒ ආදරේ හඩ....................

ඔව් ඒ ආදරේ හඩ....................


ඇහුනාද ඒ හඩ
තරු කතා කරන හඩ
මල් සිනහ නගන හඩ
කිටි කිටියෙ හිරවෙච්ච බස් එකක
වාහන හෝන් නද
මියුරු ලෙස කන් පලන
ඉස්සරහට පස්සට
නැගෙන හඩ බෙරිහන
දහසක් ඝෝෂාව මැද
ඇහුනාද ඒ හඩ
සමනළුන් තටු සලන හඩ
මී මැස්සො පැණි උරන හඩ
වෙඩි උණ්ඩ ෂෙල් වෙඩි අතෙර
අත්පොළසන් විසිල් නාද
අදෝනා වැළපිලි එක්ක
සිනහ හඩ දෝරෙ යන
ඇහුනාද ඒ හඩ
පිනිබිදු වැටෙන හඩ
සා පැටව් අඩන හඩ
තනිවෙනා නිමේෂෙක
හිත රිදෙන ඇසිල්ලක
නෙත් තෙමෙන විරහවක
ඉකිබිදුම් සීරුවට
කටොර බස් හති අරින
ඇහුනාද ඒ හඩ
අපේ හදවත් කතා කරන හඩ
ඔව් ඒ ආදරේ හඩ..........

Thursday, December 18, 2014

අපි එපාද ඔය සටනට..................



අපි එපාද ඔය සටනට..................


කවුළුවෙන් එපිට වැසි වැටෙන
රකුසු ඇස් ඉගිකරන
විසල් වූ නගරයක
ගිණිකන වැටෙන කාන්තිය
දහසක් විදුලි බුබුළු මැද
මහා කළුවරක් මට දැනෙන
කේතලය කියන සින්දුවට
කැහැ කැහෑ ළිප ගාව
අම්මා කරන අරගලය
උදෑසන කැන්දගෙන එයි
අපේ ගෙදරට තාම මතකයි
මහා කළු ගලක් වන් අප්පච්චි
වේලිච්ච අත්තකට
පය තිබ්බ කරුමයට
කළු ගලුත් අඩන්නට ඇති
අද වගේ කළුවරයි එදත්
පොඩි මල්ලි දඩබ්බර
කොල්ලො එක්කල රස්තියාදුව
අම්මා අඩ අඩ ලියනව
ඇවිල්ල අනින්නලු ටොකු
නන්ගි හරි හොද කෙල්ල
පවුලට එකම හිනාව
මේ පාරත් පළවෙනියලු පන්තියෙ
කැම්පස් හීන දකින අහින්සකීට
කීයක් හරි යවන්න ඕනෙ ඉක්මනටම
හීන පොදි ගහගෙන
ආවෙ කොළඹට
ජීවිතේ දියවෙන්නෙ ජුකී මැෂිමට
බෝඩිමට කෑමට ලැබෙන සොච්චම
ඉතිරියක් කොහෙද ගෙදරට
පෙම්බර හැගුම් මෝදු කළ
මෝටසයිකල් අනන්ගය මග රැක්ක
ගෑණුකම මට දුන්න
වාෂ්ප උන ඉක්මන
තවත් ගොදුරු හොයනවා ඇති
ඉව අල්ලමින් නොඉදුල්කමක
මේ පළමු රාත්‍රිය
ඇස් වලට කදුළු කොහිද
හදවතක ගෙල මිරිකලයි මෙහි ආවෙ
ජීවිතේ සින්න කළ සමාජෙක
තව ඉතින් කුමක් මන් රකින්නද
නන්නාදුනන කයකට යටවෙවී
ලිගුවකින් කාසි දොවනට
වැහි දියෙන් බොද වෙච්ච
ජනෙල් කවුළු අතරින්
රෑ අදුරට හොරෙන් ඇලවෙන
රතු පාට පෝස්ටර්
මගෙ පස්ස මිරිකලා
සයනෙට අදින මිනිසුන් අතර
පහළ වීදියේ
සටන් කරන දෑස් දිදුලන
මොනතරම් සුන්දරද නුඹලා
ඒත් සහෝදරවරුනි
අපි එපාද ඔය සටනට

( https://www.facebook.com/photo.php?fbid=756492481094171&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

Wednesday, December 10, 2014

ජීවිතේ කොහෙද පැණිරස............


ජීවිතේ කොහෙද පැණිරස............

විදුළි බුබුළු දසතින් දෙන ආලෝක
විහාර මහා උයනයි මේ
ඇස් අදහාගනු කෝම
හැමදේම පිළිවලයි
ලස්සනයි චමත්කාරයි
වතුරමල් සෙල්ලම් උයන්
ආලෙන් වෙලුණු පෙම්වතුන්
ඇග බහින්න තාලෙට දුවන
සිරියාවන්ත බඩ මහත නෝනවරුන්
අපි දැන් හරිම දියුණුයි
" ඒහි පස්සිකෝ "
ඔබාම වර ඇවිත් බලපන්
අනේ මගෙ වීදුරු ෆැන්ටසියට
පත්තර පිටුවක් ගල් ගහන

ඒක පුද්ගල ආදායම
හැට හුට හමාරලු
අජිත් මාම කියනව
ආර්ථික සන්වර්ධනේ
ගහනවලු දොඹේ
ගෙදර යන ගමන්
බඩු අරන් යන රටක
ගෙදරටම ගෙනැවිත්
පීස දෙන රටක
කරවිල කැවෙ මක්කට

ලැම්බෝගිනි පදින
ලිබරල් සිහින මනරම්
පොඩි ගෙයක් හදාගෙන
තාප්පයක් ගේ වටේට
හිටියම මට මොකටද
නරක්වුණාට රජරට වකුගඩු
මන් කොහොම හරි
මගෙ පොඩි එකාව
දානවනම් ඉන්ටනැෂනල්
මන් ඉගෙන ගත්ත ගමේ ඉස්කෝලෙ
වැහුනට මට පාන්ද
ගමට යන පාර කාපට්
ගමේ පාරවල් කොන්ක්‍රීට්
උන් කන්නෙ කරවිල

ජීවිතේ කොහෙද පැණිරස
බඩගින්න ඇවිළෙන ආමාෂෙක
හැමදාම තිත්තයි ජීවිතය
රසයක් සොයා තනිවම
හති වැටුම විතරයි දිවුමක
ජීවිතය සොයා යන ගමනක
ආදරය පැලකරමු පොළවක
කටු අකුළු බාධක මතින්
වැටි වැටී නැගිටින්න
සමාජෙම පැණිරස කරමු
එතෙක් මතකයෙ රන්දන්න
උන් කන්නෙ කරවිල........

( https://www.facebook.com/photo.php?fbid=597837476959673&set=pb.100002002790094.-2207520000.1418275762.&type=3&theater )

අන්සතු කළ හැකිද ප්‍රේමය........................



අන්සතු කළ හැකිද ප්‍රේමය........................


පැතුමක්ය මුමුණනා
රෑ තුන්යම කණට ළන්ව
සැඩ සුළන් හමන කළ
ගිගුම් දී වැසි වැටෙන
දුරක ඇති කෙම් බිමට
පා නගන්නට වෙර ඇතිද
හදවතක දැල්වෙන
ප්‍රේමයේ පහන් සිළ
නිවන්නට හැකිවේද
නපුරු වැහි හිරිකඩට
හිමි උනත් නොවුනත් ශරීරය
අන්සතු කළ හැකිද ප්‍රේමය
සම්මතේ නයි පොළොන්
වග වළස් රුදු සතුන්
පරදවා තරණය කරණු මිස
කෙළසනම් ඉඩ දෙමුද
බිළිවන්නට සම්ප්‍රදායේ තිරිසනුන්ට


Thursday, December 4, 2014

ඊට පස්සෙ සනීපයි......................



ඊට පස්සෙ සනීපයි......................

උතුමානො බලන හැමතැනම
දැකලාම අපිට බඩයන
ලයිට් කණු මත වැඩ ඉන්න
මග යන එන දුගී මහජන
කැන්දලා මැදුරට
ලොබ නැතිව කන්න දෙන
ලැම්බෝගිණි පරදන
බඩේ ගින්දර නැග එන
දිළිසෙනා සන්වර්ධනයක
කළුපාට ජීවිත
කුණු වෙච්ච වකුගඩු
දොර වැහුණු පාසල් ළග
හූල්ලන පොඩි එවුන්
ගගට පැන පන නහගන්න
කිරි සප්පයො එක්ක
පෙළ ගැහුණු අම්මල
මැෂිමක මැහෙන
මඩමක තැලෙන
සයුරෙන් එහා 
දෙව්ලොව අපායක
ඇණ ගැහෙන
කොරියානු හීන ළග හෙම්බත්
ඇස් වල නලියන ප්‍රශ්නය
දෙමළ ඩෑස්පෝරාව
18වන සන්ශෝධනය
යුධ අධිකරණය
විධායක ජනාධිපති ක්‍රමය
දෙමළ ඩෑස් පෝරාවෙ උන්
හන්දියක් ගානෙ එල්ළල
නෙළුම් කුළුණ උඩ
18වන සන්ශෝධනය පුච්චමු
යුධ අධිකරණයෙ කෑලි ගලවල
තව ජොගින් පාත් එකක් හදමු
විධායක ජනාධිපති පුටුව කඩල
හදමු හොද අගමැති අටුවක්
ඊට පස්සෙ සනීපයි...........

( https://www.facebook.com/photo.php?fbid=749903425086410&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )

කථාවත් දැන් බොහෝ දුරකය.................



කථාවත් දැන් බොහෝ දුරකය.................


කථාවත් දැන් බොහෝ දුරකය
හිනාවක් නැති ඇස්
ඉඩෝරෙක අද
සුවද තැවරුණු
හීන අද්දර
කදුළු ඉල්ලයි
නෙතු කවුළු බිදිනට
කෙටි උනත් පණිවිඩයක
අමුණලා එවන්නේ නුඹ හදවතයි
ස්නේහයේ උල්පතක
නිම නොවෙයි වැගිරීම
ආදරේ ජල බිදිති
සාර කොට හදමඩල
ළෙන්ගතු උණුහුමක්
හොයනවා හැම තැනම
ආයෙ ආයෙම වැළදගන්නට
නළියන්නෙ දෙතොළග
හාදුවක් පුදන්නට
ඇස් වසන් ඇසිල්ලක
විදින සුව අපමණ........