Wednesday, December 10, 2014

අන්සතු කළ හැකිද ප්‍රේමය........................



අන්සතු කළ හැකිද ප්‍රේමය........................


පැතුමක්ය මුමුණනා
රෑ තුන්යම කණට ළන්ව
සැඩ සුළන් හමන කළ
ගිගුම් දී වැසි වැටෙන
දුරක ඇති කෙම් බිමට
පා නගන්නට වෙර ඇතිද
හදවතක දැල්වෙන
ප්‍රේමයේ පහන් සිළ
නිවන්නට හැකිවේද
නපුරු වැහි හිරිකඩට
හිමි උනත් නොවුනත් ශරීරය
අන්සතු කළ හැකිද ප්‍රේමය
සම්මතේ නයි පොළොන්
වග වළස් රුදු සතුන්
පරදවා තරණය කරණු මිස
කෙළසනම් ඉඩ දෙමුද
බිළිවන්නට සම්ප්‍රදායේ තිරිසනුන්ට


No comments:

Post a Comment