Thursday, December 18, 2014

අපි එපාද ඔය සටනට..................



අපි එපාද ඔය සටනට..................


කවුළුවෙන් එපිට වැසි වැටෙන
රකුසු ඇස් ඉගිකරන
විසල් වූ නගරයක
ගිණිකන වැටෙන කාන්තිය
දහසක් විදුලි බුබුළු මැද
මහා කළුවරක් මට දැනෙන
කේතලය කියන සින්දුවට
කැහැ කැහෑ ළිප ගාව
අම්මා කරන අරගලය
උදෑසන කැන්දගෙන එයි
අපේ ගෙදරට තාම මතකයි
මහා කළු ගලක් වන් අප්පච්චි
වේලිච්ච අත්තකට
පය තිබ්බ කරුමයට
කළු ගලුත් අඩන්නට ඇති
අද වගේ කළුවරයි එදත්
පොඩි මල්ලි දඩබ්බර
කොල්ලො එක්කල රස්තියාදුව
අම්මා අඩ අඩ ලියනව
ඇවිල්ල අනින්නලු ටොකු
නන්ගි හරි හොද කෙල්ල
පවුලට එකම හිනාව
මේ පාරත් පළවෙනියලු පන්තියෙ
කැම්පස් හීන දකින අහින්සකීට
කීයක් හරි යවන්න ඕනෙ ඉක්මනටම
හීන පොදි ගහගෙන
ආවෙ කොළඹට
ජීවිතේ දියවෙන්නෙ ජුකී මැෂිමට
බෝඩිමට කෑමට ලැබෙන සොච්චම
ඉතිරියක් කොහෙද ගෙදරට
පෙම්බර හැගුම් මෝදු කළ
මෝටසයිකල් අනන්ගය මග රැක්ක
ගෑණුකම මට දුන්න
වාෂ්ප උන ඉක්මන
තවත් ගොදුරු හොයනවා ඇති
ඉව අල්ලමින් නොඉදුල්කමක
මේ පළමු රාත්‍රිය
ඇස් වලට කදුළු කොහිද
හදවතක ගෙල මිරිකලයි මෙහි ආවෙ
ජීවිතේ සින්න කළ සමාජෙක
තව ඉතින් කුමක් මන් රකින්නද
නන්නාදුනන කයකට යටවෙවී
ලිගුවකින් කාසි දොවනට
වැහි දියෙන් බොද වෙච්ච
ජනෙල් කවුළු අතරින්
රෑ අදුරට හොරෙන් ඇලවෙන
රතු පාට පෝස්ටර්
මගෙ පස්ස මිරිකලා
සයනෙට අදින මිනිසුන් අතර
පහළ වීදියේ
සටන් කරන දෑස් දිදුලන
මොනතරම් සුන්දරද නුඹලා
ඒත් සහෝදරවරුනි
අපි එපාද ඔය සටනට

( https://www.facebook.com/photo.php?fbid=756492481094171&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

No comments:

Post a Comment