Sunday, December 28, 2014

ඔව් ඒ ආදරේ හඩ....................

ඔව් ඒ ආදරේ හඩ....................


ඇහුනාද ඒ හඩ
තරු කතා කරන හඩ
මල් සිනහ නගන හඩ
කිටි කිටියෙ හිරවෙච්ච බස් එකක
වාහන හෝන් නද
මියුරු ලෙස කන් පලන
ඉස්සරහට පස්සට
නැගෙන හඩ බෙරිහන
දහසක් ඝෝෂාව මැද
ඇහුනාද ඒ හඩ
සමනළුන් තටු සලන හඩ
මී මැස්සො පැණි උරන හඩ
වෙඩි උණ්ඩ ෂෙල් වෙඩි අතෙර
අත්පොළසන් විසිල් නාද
අදෝනා වැළපිලි එක්ක
සිනහ හඩ දෝරෙ යන
ඇහුනාද ඒ හඩ
පිනිබිදු වැටෙන හඩ
සා පැටව් අඩන හඩ
තනිවෙනා නිමේෂෙක
හිත රිදෙන ඇසිල්ලක
නෙත් තෙමෙන විරහවක
ඉකිබිදුම් සීරුවට
කටොර බස් හති අරින
ඇහුනාද ඒ හඩ
අපේ හදවත් කතා කරන හඩ
ඔව් ඒ ආදරේ හඩ..........

No comments:

Post a Comment