Wednesday, December 10, 2014

ජීවිතේ කොහෙද පැණිරස............


ජීවිතේ කොහෙද පැණිරස............

විදුළි බුබුළු දසතින් දෙන ආලෝක
විහාර මහා උයනයි මේ
ඇස් අදහාගනු කෝම
හැමදේම පිළිවලයි
ලස්සනයි චමත්කාරයි
වතුරමල් සෙල්ලම් උයන්
ආලෙන් වෙලුණු පෙම්වතුන්
ඇග බහින්න තාලෙට දුවන
සිරියාවන්ත බඩ මහත නෝනවරුන්
අපි දැන් හරිම දියුණුයි
" ඒහි පස්සිකෝ "
ඔබාම වර ඇවිත් බලපන්
අනේ මගෙ වීදුරු ෆැන්ටසියට
පත්තර පිටුවක් ගල් ගහන

ඒක පුද්ගල ආදායම
හැට හුට හමාරලු
අජිත් මාම කියනව
ආර්ථික සන්වර්ධනේ
ගහනවලු දොඹේ
ගෙදර යන ගමන්
බඩු අරන් යන රටක
ගෙදරටම ගෙනැවිත්
පීස දෙන රටක
කරවිල කැවෙ මක්කට

ලැම්බෝගිනි පදින
ලිබරල් සිහින මනරම්
පොඩි ගෙයක් හදාගෙන
තාප්පයක් ගේ වටේට
හිටියම මට මොකටද
නරක්වුණාට රජරට වකුගඩු
මන් කොහොම හරි
මගෙ පොඩි එකාව
දානවනම් ඉන්ටනැෂනල්
මන් ඉගෙන ගත්ත ගමේ ඉස්කෝලෙ
වැහුනට මට පාන්ද
ගමට යන පාර කාපට්
ගමේ පාරවල් කොන්ක්‍රීට්
උන් කන්නෙ කරවිල

ජීවිතේ කොහෙද පැණිරස
බඩගින්න ඇවිළෙන ආමාෂෙක
හැමදාම තිත්තයි ජීවිතය
රසයක් සොයා තනිවම
හති වැටුම විතරයි දිවුමක
ජීවිතය සොයා යන ගමනක
ආදරය පැලකරමු පොළවක
කටු අකුළු බාධක මතින්
වැටි වැටී නැගිටින්න
සමාජෙම පැණිරස කරමු
එතෙක් මතකයෙ රන්දන්න
උන් කන්නෙ කරවිල........

( https://www.facebook.com/photo.php?fbid=597837476959673&set=pb.100002002790094.-2207520000.1418275762.&type=3&theater )

No comments:

Post a Comment