රසවත් බිරියානි නීරස ජීවිත හා ඇය
‘බිරියානි’ අපට හුරුපුරුදු මලයාලම් සිනමා නිර්මාණයන් තුළ අපි දකින සුන්දරත්වයින් වෙනස්ව යම් වේදනාකාරී යථාර්තයක් අප හමුවට ගෙන එන චිත‍්‍රපටයක්. ලිංගික දර්ශන, සත්ව ඝාතන දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක්වූ වර්ගීකරණය යටතේ නිකුත්වූ බිරියානි ඉංදියානු සාම්ප‍්‍රදායික පවුල තුළ හා එම සම්ප‍්‍රදායන් තුළ කාන්තාව පීඩාවට පත්වන ආකාරය මැනවින් නිරුපණය කරණ අතර එම තේමාව රැුගත් වෙනත් ඉංදියානු චිත‍්‍රපට අභිබවා මෙය අපව තිගැස්මකට ලක්කරයි.
චිත‍්‍රපටය ආරම්භවන්නේම කඞීජා හා ඇගේ මුල් සැමියා වන නසීර් අතර ලිංගික දර්ශනයකින් වන අතර සමස්ථ චිත‍්‍රපටයේ අර්ථය එහි නිරූපිතය. ඔවුන්ගේ ලිංගික එක්වීම හුදෙක්ම පිරිමියාගේ ආශ්වාදය සදහාම වන්නක් වන අතර ලිංගික එක්වීම තුළ ඇය මළමිනියක ස්වරුපයෙන් සිටින ආකාරයක් දැකගත හැකිය. නසීර්ගේ සුරාන්තයෙන් එම කි‍්‍රයාව අවසන් වන අතර ඇය එයින් තෘප්තියක් නොලබයි. ලිංගික එක්වීමකින් අනතුරුව ඇයට ස්වයං වින්දනයේ යෙදෙන්නට වන්නේ එබැවිනි. එම නිවසේ එළදෙනක් කෘතිමව ගැබ් ගන්වන දර්ශනයද මෙම කාරණය තවත් ගම්‍ය කරයි. මෙය හුදෙක් ලිංගික තෘප්තිය සම්බන්ධ කාරණයක් පමණක් නොව පිරිමියා කේන්ද්‍ර කොටගෙන ගොඩනැගී ඇති සම්ප‍්‍රදායන් තුළ ඇයට තම ජීවිතයේ සෑම සියළු දෑ අහිමිවෙයි. සිය සහෝදරයා උසස් අධ්‍යාපනය ලබන විට ඇයට තම අධ්‍යාපනය අතර මැද අතහැර දමා අඩු වයසින් විවාහවන්නට සිදුවන අතර මෙම කලාපයේ බොහෝ ස්තී‍්‍රන්ගේ යථාර්තය නම් විවාහය නම් නව දිවියක ආරම්භය නොව තම ජීවිතය ජීවත්වීමේ අවසානය වන බවට මෙම චිත‍්‍රපටය සාක්ෂි දරයි.
කදීජාගේ සහෝදරයා ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට පුවතක් පුවත් පතක පළවීමත් සමග මෙහි කතාව වේගයෙන් වෙනස් වන අතර ඇය ඇතුළු පවුල තම ජන කොට්ඨාෂයෙන් ඉවත් කරණ අතර පසුව මව මියගිය විට පල්ලියේ කනත්තේ ඇයව වැළලීමට හෝ අවස්ථාවක් ලබානොදෙයි. මවගේ මරණයෙන් පසුව ඇය වෙනත් විකල්පයක් නොමැතිව ලිංගික ශ‍්‍රමික වෘත්තියේ යෙදෙන අතර එහිදී ඇය පළමු වරට ඒ ආකාරයට ඇසුරක් පවත්වන කඩෙහි මුදලාලි සමග ලිංගිකව එක්වන අවස්ථාවේ ඔහු උමතුවෙන් මෙන් ඇගේ සිරුර සිපගන්නා විට ඇය එයින් තම සැමියාගෙන් නොලද ආස්වාදයක් ලබන බවක් ඇගවෙයි. ඕෂෝගේ දාර්ශනික ආලෝකය මෙහි නිර්මාණකරුවා ලබාඇති බව බැලූබැල්මට පෙනෙන අතර චිත‍්‍රපටයේ දර්ශනයක කදීජා ආසන්න අසුනක දුම්රියේ ගමන් කරණ මගියෙකු පොතක් කියවමින් සිටින අතර එය ඕෂෝගේ ග‍්‍රන්ථයකි.
සාත්තරකරුවෙකුගේ සාත්තරය අනුව ඇය නිසා ඔවුන්ගේ පවුල විනාශවන බව පවසන අතර ඒ අනුව කදීජා නසීර් අතහැර දමන අතර ඇයගේ පුත‍්‍රයාව බැලීමට හෝ ඇයට අවස්ථාවක් ලබා නොදෙයි. ඇය මානසික රෝගී මව සමග තනිවෙයි. ත‍්‍රස්තවාදී ලේබලය ඇළවීමත් සමග එම පවුල් වල සාමාජිකයින් මුහුණ දෙන ඛේදාන්තයද මෙහි නිරුපණයවෙයි. චිත‍්‍රපටය පුරාවට වරින් වර ත‍්‍රස්තවාදය පිළිබදව සිදුවන රුපවාහිනී සාකච්ඡුා වල දර්ශන පෙන්වන අතර එහි වියතුන් විවිධ අදහස් දක්වමින් විවාද කරන අතර අනිත් අතින් චිත‍්‍රපටය තුළ එහි සැබෑ වින්දිතයින්ගේ ජීවිතය පෙන්වන අතර එම සැබෑ මිනිසුන්ගේ හඩට එහි ඉඩක් නොලැබෙයි.
ආගමික හා සංස්කෘතික විශ්වාසයන් තුළ එනයින්ම කාන්තාව අසාධාරණයට ලක්වන අයුරු මෙහි නි?පණය වෙයි. සුභාහීර් හා කදීජා නැවත විවාහය ගැන සාකච්ඡුා කරණ විට කදීජා පවසන්නේ ‘ඔයාටනම් සල්ලි තියෙනවනම් ආයෙ හතර දෙනෙක් උනත් බදින්න පුලූවන් අනික මැරිල දෙවියලෝකෙ ගියත් දිව්‍යංගනාවො හම්බෙනව අපිට තමයි ඔය මොකුත් නැත්තෙ’ යනුවෙනි. අවසානයේ කදීජා ගැබිණියක් වන අතර සුභාහීර් ඇය සමග වාසයට පැමිණෙයි. ඇය මවගේ බලාපොරොත්තුව අනුව පියාගේ මරණ සැමරුම් දින ගමේ අයට ආහාර (දානයක්) ලබාදීමට සැරසෙයි. ඇය ගමේ පල්ලියට කෝවිලේ සාමිට, කොමියුනිට්ස් පක්ෂ කාර්්‍යාලයේ අයට ආදී සෑම සියළු දෙනාටම ආරාධනය කරයි. එම දානයට ගමේ සාමාන්‍ය ගැමියන් වෙනුවෙන් නොව ප‍්‍රභූන් වෙනුවෙන් සංවිධානය වන අතර ඒ අයට සංග‍්‍රහ කරන බිරියානි වල විශේෂත්වයක් ඇති අතර එය දැනගැනීමට චිත‍්‍රපටය නැරඹීමට අව්‍යයය.
චිත‍්‍රපටය අවසානයේ කදීජා ගගකට පැන සියදිවි නසා ගන්නා අතර ඇය පන අදින හඩ මැදින් ලිංගික එක්වීමක හඩ ඇසෙන අතර චිත‍්‍රපටයේ අවසන් ජවනිකාව වන්නේ එහි ආරම්භක ජවනිකාවේම අනිත් පස වන අතර මෙහි ඇගේ සැමියා වන නසීර් ඇදේ දිගාවී සිටින අතර ඇය සංසර්ග ඉරියව් වෙනස් කොට ඔහු මත සිටින අතර ඇය එම ලිංගික එක්වීම තුළ තෘප්තියක් ලබයි. එය සැබෑවට නොවු ඇගේ ආශාව නිරෑපනය කරන්නකි.
(රිවිහාර පින්නදුව)