Friday, March 23, 2018

හොර බළලූනි ඉතිං ඕනෙමනම් ගලේ පහරපන් දැන්


හොර බළලූනි ඉතිං ඕනෙමනම්
ගලේ පහරපන් දැන්


පෙම්වතුන් ඒ පේ‍්‍රමය අරන්
අද ආයෙ එනවලූ කොළඹ
නිදන්නට බල කෙරුණු ලෝකයක
ඇහැරිලා ඉන්න එකමත් ඇති
වවුචරයක දවටා නිළ ඇදුමට
ගේම දුන්න උන්
සාමල අමරල
සල් ගහ යට නෑ
උන් අච්චු පොත් ගන්න පෝළිමේ අන්න
පොහොර නෑ ගොවියන්ට
වතුර නෑ වකුගඩු රෝගීන්ට
රස්සා නෑ උපාධිධාරීන්ට
විශ‍්‍රාමෙ නෑ රජයේ සේවකයින්ට
ජීවිතේ නෑ අපි ඔක්කොටම
සයිටම් එක්ක දානවනම්
එක එක අයිටම්
හොර බළලූනි ඉතිං ඕනෙමනම්
ගලේ පහරපන් දැන්
වැදගත්ම දේ ඒකයි
උන් සුපර් මෑන්ල හොයන් නැති එකයි
උත්තර හොයාගෙන 
උන්ම ගේමට බහින එකයි
දූෂණ විරෝධයේ ක‍්‍රම විරෝධී
ටයිම් පාස් කිරිලි මැද
ධනවාදයේ බොටුව මිරිකන
ගලඋඩ සටන් මේවයි
ඕන රෙද්දකට ඡුන්දෙ දීපන්
බැරිමනම් ඡුන්ද කොළයෙන් 
රොකට් ඇරපන්
ඒත් හඩ කොළය අතනෑර
වරෙන් අරගල බිමට

(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment