මේ පේ‍්‍රමයේ මන්දාරමයි
වැහිලිහිණියනි පියාඹනු
වහින්නට කාලය එළැඹිලා
ඉරිතැලූණු පොළව මත
ආදරෙන් සැතපෙන්න
වැහි බිංදු හීන විතරක්ම දුටු කාලය
අවසන් කළ යුතුය
සීතළ කුමක්දැයි නොදන්නා කතරකට
වහිනව කියන්නෙත් ලේසි නැති ගේමක්
වාෂ්ප වෙන බව දැන දැනම
පතිත වන මුල්ම වැහි බිංදු
අවුලවයි ආයෙ ආයෙම
පැතුමන් කෙම්බිමක
පොළවටත් රහසින් සැගවිලා ඇති බීජ
පොළෝ ගැබ පලාගෙන
මතුවේවි විසල් ගස් ලෙස දවසක
ඔව් කවදහරි දවසක
ඒ දවස එන්නට වහින්නට අවැසිමයි නුඹ
නැත්තන් ඉතිං මුන්
කාන්තාරෙට හට් ගගහ
හෙවනවල් හොය හොයම ඉදීවි හැමදාම
කාන්තාරෙ රස්නෙ බව ඇත්ත
ඒක මාකට් කර කර
ගොරවනව විතරයි හැමදාම
දැකලාම ඇතිවෙලා
කාලෙන් කාලෙට එන
විදුලි කෙටිලි ඵලක් නැති
ඉතිං තව බලාගෙන ඉන්නෙ
වැහැපල්ල වැහැපල්ල
ඔය එක එක
කටුසු තලගොයි කබරයන්ට
නිව්මෝනියාව හැදෙන්නට
ස්නේහයෙන් වහින්නට පුලූවන්
ආදරේ පිරුණූ වළාකුලූවලට විතරමයි
ඒ මද අන්ධකාරය ලස්සනයි
මේ පේ‍්‍රමයේ මන්දාරමයි
No comments:
Post a Comment