Thursday, February 8, 2018

හේදෙන්නෙ නැති මතකයන් පොගනට


හේදෙන්නෙ නැති මතකයන් පොගනට


පියඹන්න අහස ඉඩමදිවුණු
ලිහිණි ජෝඩුවක් ආයෙම
දශක දෙකකින් ඉක්බිති
අහම්බෙන් හම්බුණා බම්බලපිටියෙදි
අදත් ඒ වාගේම
වැහිකෝඩෙ අහස බරකළ
සරසවියෙ ගස්වදුළු අතරෙක
හාදු වැහි මතකය
නැති කලා වැහැකෝඩ සීතල
කාර් එකකින් ගෙනත් ඇරලූව ලිහිණිට
කරගැට හැදුණු පියාපත් ඇති
ලිහිණියාගේ සිත ගිය
අලූත් විහගුන් මේච්චල් කරන කාලෙදි
පේ‍්‍රමය පිළිගත්ත යට බැජ් එකේ ලිහිණිය
බේරෙ වැවේ රැළි ගාණට
හැදෙන බිදෙනා පේ‍්‍රමය
ඇසවහක් නෑ ෆයිනල් ලියද්දිත්
දෙන්න ගාවම පට්ට ලව් එක
එයින් ඉක්බිති එසැවුණි වාන් දොරටුව
වැවක නිසසළ බවක් කොහිවෙද
කඩාහැලෙනා ගගක දිවියක
හොස්ටල් එකේ නොතිබුණ බොහෝ දේ
තිබුණි ඇයගේ සදළුතලයේ
එතකොටයි ඈට තේරුණේ
පරතරය බැජ් එකකට වැඩි වගක්
ඉනික්බිති ටික කාලයක්
දිවා නොමැතිව
කදුළු ගැලූවා ෆෝන් එකකින්
හූල්ලන සමය අවසන
කෑලි පොඩිවිය කපල් සිම්වල
පත්තරෙන් ගෙන්නුව
මහත තාරාවෙකු සමග
ඇය ඉතිං ඉගිලූණි
ඉඩදී මදක් කාලයට
ටවුම පැත්තෙ වලි කිකිළියක්
ඔහුත් ගෙන ආව ගෙදරට
මගඇර වෙනද දුම්රිය
ඊළග කෝච්චිය එනකන්
එදා අත්වැල් බැදන්
පාගමන් ගිය මාවත් දිගේ
දෙන්න ඇවිදන් ගියා
කොල්ලූපිටිය පැත්තට
එදා පෙරළුව බැරියර්
තාම එහෙ තියෙනවා
එදා මග ඇරණු සටන් පාඨයක්
ගෝල් ෆේස් සුළගෙ හමනවා
ආදරේ අයිතියක්
වෙළද භාණ්ඩයක් නොවේ
ටොන් ගණන් මතකයන්
තබාගෙන හිත් කර මතක
පැටව් හඩනා කැදළි වෙත
ඔහු ඉගිලෙද්දි ගාලූ කුමරියේ නැග
ඔෆිස් අවසන්ව තාරාව ආව
ඇයව ගන්නට ඵක්‍ එක ගාවට
මෙතෙක් වේලා දරාගෙන ඉද
බැරිම තැන ඒ කොළඹ අහසම
කදුළු වැහි අතඇරිය පොළවට
හේදෙන්නෙ නැති මතකයන් පොගනට

(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment