Tuesday, February 20, 2018

රිමාන් හිරගෙදර අපේ ළග නෑදෑ ගෙදර

රිමාන්ඩ් හිරගෙදර
අපේ ළග නෑදෑ ගෙදර


රිමාන්ඩ් හිරගෙදර
අපේ ළග නෑදෑ ගෙදර
අපි නිතර යන එන
නෑදෑයො බලල එන්නට
දිය බිදක් නැති කතරක
හරිත පැහැයක ඉගිසොයා
පැතුමන් පවා සෙළවුණු කලෙක
ක්ෂේම භූමියක් හෙව්ව උන්
දින සති මාස ගණනට
ශිරගෙදර ළගින එක
උපිට මේ තරම් සිම්පල්ද
අවුලක් නෑ නතිංද?
හොරුත් භය නැතුවම
අමුඩෙ ගළවා හෙලූව පෙන්නන
හොරු අල්ලන උනුත් හෙලූවෙන්
උන්ගෙ හෙලූව ෂේප් කරණ
නීතියේ කන්‍යාවියගේ කන්‍යා පටලෙන්
හදාගෙන රබානක්
විරිදු කියමුද අපි
මහ බැංකුව ගාව
හදවත් අධෝ මුඛයො ගසාගත්
මිනිසුන්ට ඇසෙන්නට

(රිවිහාර පින්නදුව)

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. --සිරගෙවල් තැනුවෝය සිරකලෝ කවරහුද?--
    සිරගෙවල් තැනූවේ සිරකරන්නට ඔවුන්
    වරදකට හසුවූ හසු කරපු මිනිසුන්
    කවුරුන්ද ඒ උන් කවුරුන්ද ඒ උන්??
    නැති බැරිය අග හිගය දරුවන්ට කන්න නැත
    සොරෙක්විය ඒ පියා උලු ගනින නෙත් අයා
    තව තැනක විලාපෙකි කව්ද ඒ ගැහැනියක්??
    දිවිය සරි කරනුවස් ගතටමිල දුන් සුවහස්
    කතුන්ගෙ විලාපෙකි සිරගෙදර දුක් වෙනා..
    නැතිද මෙහි ධනවතුන් ඇයිද දුප්පත් කමම??
    පොහොසතා මුදල් ඇති මුදල් දී යටකරති
    නීතියත් සගයිනුත් එලිපිටම නිරුවතින්..
    හිරගෙදර වන්ට වූ පොහොසතුන් නැත්තෙමද??
    ධන්වතා හිරකලෙත් තවත් ධනවතෙක් මිස
    කොහිද එක දුප්පතෙක් උන්ට නඩු දා දිනපු..
    එය හැබැයි එය හැබැයි දුප්පතා තැලේමයි.....
    උන්ගෙ ඒදුක දැක්ක කෑගහපු උන් මිසක
    මහා කුඩු රජුන් නොව බැදුම්කර හොරුත් නොව...
    සිරගෙවල් තැනුවෝය සිරකලෝ කවරහුද??
    පීඩිතයො දුප්පතුන් වේල කන්නට කාසි නැති උන්
    ධනපතියො නොවේ ඒ දුක දැක්ක සොහොයුරන්....

    ReplyDelete
  3. අනාගත මුලාව දැක දහස් ගනනක් වූ ධනවතුන් නොවන මහාලොකුවට වෙන්කරන්නට කාසි නැති මුත් නිදහසේ ඉගෙන ගන්නට හීන මවන උන් වෙනුවෙන් දහඩිය කදුලු හෙලූ සිරගත වූ දිවි පිදූ මිනිසුන් ගේ නමට සේවයට උපහාරයක්ම වේවා......

    ReplyDelete