Monday, August 24, 2015

විවෘතය ළග දණ ගහපු පිසාචයා පේනවා




විවෘතය ළග දණ ගහපු පිසාචයා පේනවා


පියඹා ආව ඒ පිසාචයා
තටු දිගැර සරන්නට හැම තැනම
සාධුකාර දිදී ඉඩ දුන්න කරුමය
උරා බිව්ව පැතුම් සිහින
කශේරුකාවල ඇට මිදුළු පවා
කෙළින් හිටගන්න බැරිවෙන්න
අවි දැරුව ඌට විරුද්ධව
මොර දුන්නු ”මේකා පිසාචයෙක්”
ඌ අනුභව කළා හැම දෙනාම
අත්පොළසන් විසිල් මැද්දෙ

ලේසි උනේ නෑ කවදත්
සරසවියේ ඉම පනින්න
ලේ කදුළැලි දහඩිය
පවුරක් වී රකිනා කළ

සිහිනයකට රොද බැන්ද
සොයුරන් පවා අද
සිහිනය සිහිනයක්ව දකිනා කළ
අඳුරුවූ මූසල අහසක
සොයන්නෙමි තරුවක් 
ප‍්‍රාර්ථනා දල්වන්න

දින ගෙවුණු අට්ටාලය 
විවෘතය ළග පාගමන
අඩුකළේ ගාස්තුනොව
වැඩිකළේ විශ්වාසය
පුළුවන් අපිට
පිසාචය ටිකක් හොඳ කරන්න
නොව ඌව සතපන්න
සදාකාලික නින්දක

වීරයෙක් ඇවිත්
හොම්බට ඇන පිසාචයගෙ
විමුක්තිය ගෙන ඒවි අපට
නොසිතන්න විශ්වාස නොකරන්න
විශ්වාස කරමු අපි අපිම
විතරක්ම විතරක්ම
කම්හලේ ගොවි බිමේ
ටයි දාන් දහඩියේ තැම්බෙන
කාර්යාල දුම්රියේ
සැරිසරා හැම තැනම
පීඩිත සවනතට ළංව
කියමු එකම එක පණිවිඩයක්
සහෝදරය පුළුවන් අපිට
සටන් කරන්න 
සටන් කරන්න
සටන් කරන්න
සතුකකට බොඳවෙච්ච ඇස්වලට
විවෘතය ළග දණ ගහපු පිසාචයා පේනවා

(රිවිහාර පින්නදූව)

No comments:

Post a Comment