දෙනවද ඔය සිනහව............
කථාකරණ ඇස් වලට ළන්ව
හාදුවක් ඔය මුවග
තවරනා ඇසිල්ලක
පූජනීය නිහඩබව
ගහකොළත් අවනත අපට
සිමෙන්ති බන්කුවක්
මොන තරම් සිනිදුයිද
හිතයි මට අත්වැල් බැද
දිවයන්න නුවරට
පයින්ම මහ රෑක
නුඹ එක්ක දොඩවමින්
බොළද බස් කප්පරක්
ඉන්නවද බලන්න
ගැරඩියෙක් පේරාදෙණියෙ
වැව් බැම්මෙ සුළග
තාමත් සීතළද
පාන්දර කෝච්චියෙ
නිදිසුව විදින
නුඹේ හැඩ බලන්නට
රෑ අදුර ඉරිසියයි
මන් නුඹේ මුව සිඹිනවට
බසයට නැගී සිනහවෙන සද
හිතුන ඉල්ලන්න
දෙනවද ඔය සිනහව
ගෙදර ගෙනියන්න....
No comments:
Post a Comment