Sunday, November 2, 2014

වෙසගන නීතියේ............





වෙසගන නීතියේ............

නුඹ හරිම පාරිශුද්ධයි
පිරිමියෙක් අතින්වත්
අල්ලල නෑලු සත්තයි
ධවල පැහැ සළුවයි
තරාදිය අත රැදි කඩුවයි
කන‍යාවියලු නීතියේ
ඒත් ඊයෙ රෑ සෙයිලමේ
රජුන් අභියස
නිරුවතින් රැගු
නළගනත් නුඹ වගේමයි
මගේ ඇස් වැරදිලා වාගෙයි

මට මතක නෑ කියන
කුඩු බෙදන අහින්සකයින්
ගෑණු කෙළසා පාටි දමනා
බෝධිසත් මැතිවරුන්
අපේ මුදලින් රේස් පදිනා
කුමරුවන් අනෙ වාසනාවන්
උන් සැවොම යහතින්
වැජඹෙනා ලොව
සන්ජීවටම කෙළිනට
කඩුව මුවහත තබනදා
සළුව ගැළවී වැටේවී
කන්යාවිය බලාගෙන
නුඹේ නිරුවත පෙනේවී

අපේ ඇස් අග
සිහින රන්දා
එදා ඉදළම
කළේ බොරුවයි
රජුන් සමගින් සැතපෙනා කළ
කන්යා පටල කොහිවෙද
ඉතින් නුඹ ඉබ්බියෙකි
පිහාටු නොඉල්ලමි තවත්

නුඹේ ඔය තරාදිය
දීපන් හන්දියෙ සෝම අක්කට
අර්තපල් කිරන්නට
කඩුවත් අරන් ඇවිදින්
කොටල දීපන් කොස්
පහළ ගෙදර ආච්චිට
ධවළ සළු තව කුමට
ගලවලා නිරුවතින් හිටපන්
තවත් ඉතින් නුඹ
කුමක්නම් සගවම්ද
පෙරදා රෑයම රජ මැදුරේ
හොර රහසේ
රජු සතුටු කෙරුව නුඹ
මහ දවල් මහ පාරෙ
දොරටු පාලයො එක්කත් බුදියද්දි
වෙන කුමක් කියන්නෙමි මම
වෙසගන නීතියේ............



( https://www.facebook.com/photo.php?fbid=599898803420207&set=pb.100002002790094.-2207520000.1414998826.&type=3&theater )

No comments:

Post a Comment