Thursday, November 13, 2014

දස සිල් අරන් ඔක්කොම.................



දස සිල් අරන් ඔක්කොම.................


වයිශාවන්ගෙ නගරෙක
දස සිල් අරන් ඔක්කොම
දානෙ වළදන ලස්සන
සිල් රෙද්දෙ දිස්නය
මළ මිනී උඩින් එළු
පාවඩ මතින් වඩමවන
පාරිශුද්ධ කරඩුව
මරණයක් අද්දර සිනාසුනු
බැතිබර හඩින් නගයි සාදු
උපාසක අම්මලගෙ හැඩරුව
කොච්චරනම් සුන්දරද

පෙරදා රැයේ
කිරි සුවද නැසු පිච්ච මලක
රතු පැහැ වසා ඇදි සුදු සරන්
ගොක් කොළ තොරන් බදින
සත් ගුණවත් උපාසක මහත්වරු
අභිධර්මෙ ගැඹුරු තැන්
කතා කරණ අපූරුව
නෙළුම් මල් වට්ටි හිසින් ගෙන
පිච්ච මල් පාගගෙන
අන්න එනව බණ මඩුවට
කියමු දැන් තවත් සාදුකාරයක්

මේ පින්වත් නගරෙ කෙළසන
එකම වසලිය ඇයයි
බණ මඩුවෙ බාල්කෙ එල්ලල
උපාසක අම්මෙ තාත්තෙ
ඔය පුන්යවන්ත දෑතින්
ගහපන් ඇයට ගල්

( https://www.facebook.com/photo.php?fbid=540172746059480&set=pb.100002002790094.-2207520000.1415936242.&type=3&theater )

No comments:

Post a Comment