ආදර බර පුන්චි කෙල්ල...........
සියරා මස්ට්‍රාවේ සුපිපි කුසුම
ඔත්තුකාර රකුසු ඇසින්
වහන් වෙවී තිරිගු ඇද්ද
චේගෙ පස්සෙ වැටුණු
ගරිල්ලාට පෙමින් බැදුණු
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල
ගිණියම් සටන් බිම
සැරි සරන රතු සමනළිය
වෙඩි උන්ඩ සිදුරු මත
ස්නේහයේ ඔසු ගල්වන
හැන්දෑවෙ ගිණිමැලය ළග
ගී කියන කිරිල්ලිය
ඒ ගීය මට නේද?
අසන්නේ මන් කොහොම
සටන් බිම ඇවිළිලා
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල
අප සිහින සමාජය
උදෙසා මහ පොළවෙ අරගලය
චේ ඊයෙත් මට කිව්ව
සහෝදරය ජය අපිට
කියුබානු බිම පුරා
රතු ධජ ලෙළෙනා දිනෙක
ඉඩදෙනවාද මට
ආදරණීය මිනිසුන් අතර
හවානා වීදි කෙලවරක
නුඹේ මුව සිපගන්න
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල
දැරැවාට ගිණි අවිය
හරි බරයි මට මේක
මේ මහා වගකීම
උර මතින් බිම තබන දින
පන්හිදම තුරුළුකොට
ලියමි කවි දහසක්
වෙරෝනික නුඹෙ නමට
ඇතැගිලි බැද නුඹත් එක්ක
ඇවිදින්නට අනන්තයට
තුරුලු කරන් ළය සයනෙට
ළන්වී ඔබෙ සවනට
රණ ගී ගැයු මුවගින්
ආසයි මට මුමුණන්නට
හරිම සරළ පෙම් කවියක්
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල
වෙලාව ඇවිදින් යන්න
හැරදමා සියරා මස්ට්‍රාව
එළිමහනෙ අවදානම්
වීදියෙ සටන් බිමට
එක් වරක් මෙහෙ බලනු
කදුළු පිරි දෙනෙතින්වුව
සිනහවනු දැන්ම
මතකය අරන් යමි යන්න
තුවක්කුව පමනක් නොවේ
දැන් දැන් බර මෙමට
දිනන දා විප්ලවය
රතු ධජය ගෙන දුවන් එමි
හද බැදි සියරා මස්ට්‍රාවටම
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල
ඇත්ත කටුකයි
ඒ කටුක බව ඇත්තයි
යළි නො එන්නට ඉඩ බෝමයි
වෙඩි වැදුණු දින සාය ඉර
නුඹ බැන්ද වෙළුම් පටිය
පපුව ළග උඩ සාක්කුවෙ
ඇත තාම සත්තයි
වෙරෝනිකා
ඉතින් මන් නාවොත්
සියරා මස්ට්‍රාව පාමුල
අපි හදපු පුන්චි ඉස්කෝලෙ
පොඩි උන්ට කියාපන්
එකෝමත් එක කාලෙක
අර පේන කදු අතර
රෝස මල් අතින් ගත්
මිනිස්සු වගයක් හිටිය
ඔයාලට ගොඩක් ආදරය කළ
ඒ ආදරයටම ජීවිතය දිය කළ
නුඹේ පුන්චි ගෝලයො අතර
අන්තිම පෝළිමේ කෙළවර
පොඩි එකෙක්ගෙ දෑසින්
අපි හදපු සොදුරු ලොව
මන් දකින්නම්
ඔසවන්න උන්ව ඉහලට
අපිටත් වඩා දුර ඈත
ලෝකය උන් දකින්නට
පරම වූ ප්‍රේමයක
අරුම කියනුව
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල
( https://www.facebook.com/photo.php?fbid=507355226007899&set=pb.100002002790094.-2207520000.1416543635.&type=3&theater )
http://rivharapinnaduwa.blogspot.com/2014/11/blog-post_41.html
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete