Tuesday, November 11, 2014

පරාජිත පෙම්වතා වෙමි.................



පරාජිත පෙම්වතා වෙමි.................
(ඉතිහාසයෙන් සගවනලද සින්ඩරෙල්ලාගේ පෙම්වතාගේ අවසන් සටහන )

රජ මැදුරට ගිය සින්ඩරෙල්ල
සේද සළු නැති
විළවුන් සුවද නැති
ගොමස්කඩ ගවුමට ඉසිණු
දහඩිය සුවද හැර
රජ කුමරුවන්
අහක බලන් ගිය කාලෙක
නුඹ කොච්චරනම් ලස්සනද
මම කිව්ව මතකද

නපුරු කුඩාම්මයි
සොහොයුරියො දෙන්නයි
උපන්නත් මැදුරෙ
නුඹ හිටියෙ අපේ පන්තියෙ
නුඹ වළන් හෝදද්දි
උදළු මිටට හේත්තු වෙලා
පැය ගණන් නුඹ දිහා
බලන් සිටි අසරණය
එහා ගෙදර වත්තෙ වෙඩ කරපු
කොල්ල දැන් අමතකද

මුනිවත රැකපු
නෙත් සැරය විනිවිදපු
හදවතත් නතරවුණු
මදහසක අරුමය
කුමරුවන්ගෙ ඉතිහාසෙක
පිටු කඩා සගවපු
සුරගනක් ඇවිත් ගිණිබින්ද
අපෙ අහින්සක ප්රේණමයට

මාත් එක්ක පැනයන්න
කදුකරයෙ සැගවෙන්න
පුන්චි පැල්පතක අපි
සෙනහසින් ගුළි වෙන්න
හිටියෙ නුඹ ඇගිලි ගැන ගැන
රජ මැදුරෙ සැප හීන
සරුව පිත්තල ලෝක
නුඹෙ දෑස් අන්ධ කළ
ධනවාදෙ සුරගන
ලස්සනට හිටියට
ඔය ගෑණි නපුරුයි
වඩා නුඹෙ කුඩාම්මට

නුඹ ගියා රජ මැදුරට
කදුළු සගවා මාගෙ ඇස් අග
නුඹේ මන්ගල පෙරහැර
වැඩකාර කෙල්ලො ඔක්කොම
අත වැනුවෙ උඩ පැන පැන
අපේ එකෙක් ගොඩ ගියා සතුටට
ඒත් උන් තවමත්
ඒ තැන්වලම හෙම්බත්
රජ මැදුරෙ කුස්සියට
ගියාද නුඹ නිකමට
සින්ඩරෙල්ලලා තවමත්
වළන් හෝදනව දැක්කද

නුඹේ සැමියගෙන්
මරණ දඩුවම ලැබූ
කැරළිකාරයා මමයි
හෙට උදේ එල්ලන
ඔහු ළගින් වාඩිවී
නුඹත් නරඹනු සතුටින
නුඹේ කුස්සියෙ සින්ඩරෙල්ලලා
අතේ අසිපත් ළෙලදෙනා දින
සුරගනන් කුමටද
උන්ම දිනාවි
උන්ගෙ උරුමය
බර වෙච්චි හදවතින්
නුඹෙන් සමුගන්නා
පරාජිත පෙම්වතා වෙමි.........

( https://www.facebook.com/photo.php?fbid=554091571334264&set=pb.100002002790094.-2207520000.1415771507.&type=3&theater )

No comments:

Post a Comment