Monday, November 3, 2014

ආයෙත් එන්න අයියෙ......



ඒ මීට අවුරුදු නමයකට විතර කළින් මේ ආසන්න දවසක් මට මතක විදිහට මට ඒ පත්තර පිටුව හම්බවුණේ යාලුවෙක් බත් ඔතාගෙන ඇවිත් ඒකෙ කියුබාවෙ නිදහස් දිනය වෙනුවෙන් ලිපියක් තිබුණ. කියුබාව ගැන චේ ගැන මන් මුළින්ම කියෙව්වෙ එදා. ඒ ලිපිය මොන තරම් ආකර්ෂණීයව ලියල තිබ්බද කියනවනම් මන් එදාම ඉස්කෝලෙ පුස්තකාලෙට ගිහින් කියුබාව කියන්නෙ මොකක්ද චේ කියන්නෙ කවුද කියල හොයන්න ගත්ත. ඇත්තටම මගෙ ජීවිතේ ඒ ලිපිය හින්ද ගොඩක් වෙනස් වුණා. ඒ පත්තරේ ලන්කා, ලේඛකය සුනිල් මාධව ප්‍රේමතිලක. මන් ඒ පත්තරේටයි ලේඛකයටයි ගොඩක් ආදරේ කළා. සුනිල් අයියෙ මන් දන්නව ඔයා අවන්කයි ඒත් බල්ලොත් එක්ක ළගිද්දි මට දැනුනෙ මගෙ පෙම්වතිය මන් ඉස්සරහ වෙන මිනිහෙක් එක්ක බුදියනව වගේ හැගීමක්. මොනව උනත් ඒ වීරය කරපු කියපු දේවල් වලට මන් තාම ගරු කරණව. උඹ නැතුව සටන් බිම පාලුයි. ආයෙත් එන්න අයියෙ......

( රිවිහාර පින්නදුව )


No comments:

Post a Comment