Monday, November 3, 2014

අරන් එන්න ඉර අහසට...........................



අරන් එන්න ඉර අහසට...........................

බන්ධනාගාර බසයක 
යකඩ කූරු අතරින්
පාන කිරි සිනහවක්
පැටියො මොන තරම්
බර කරණවද හිතක්
අම්ම එක්කල
මල් කැකුළකට
යන්න වුණෙ අපායට
යම පල්ලො අපි ඔක්කොම
හදවතේ රුහිරු බොන
හිතුන මට ගෙළ තියන්නට
නුඹ යනෙන බසයටම
කදින් වෙන්වුණු
තාත්තගෙ හිසකට
අම්මෙක්ගෙ දෑතට
ආවෙ කොහෙන්ද මන්නයක්
නුඹටවත් මටවත් නොතේරෙන
අවනඩුවක වැරදිකාරයා කවුද
පෝරකේ එල්ලුව
පුන්චි සමනළ සිහින
නෙක පාට බැලුම් බෝල
පාට පාට රැළි එල්ලල
lesisure world එකේ
ළමා දින සැමරුම
හොදම දේ දරුවන්ටයි
ලෙනින් කිව්වට
කිරි පිටිත් විකිණෙනව ගජරාමෙට
සිර කුටියෙ කවුළුවෙන්
පෙරළ එන සුළගක
සුවයක් වේද නුඹ හට
පුන්චි බටිති කිරිල්ලිය
පියඹන්න ආසයි නේද
තටු දිගැර අහසක
හැන්ගි මුත්තු හැන්ගියෝ
පුතේ හොයාපන්
අපට මග ඇරුණු
නුඹෙන් දුරු කළ
අළුත් ලෝකයක් හොයාපන්
අතුරු මිතුරු දඹදිවතුරු
නුඹ වගේ ලස්සන නෑ
වටේ දත් විලිස්සන් ඉන්න
මේ ධර්මිෂ්ඨ සමාජය
ගොදුරු සොයන
පදඩ වෘකයො අපි
මුව පැටව් දැක්කම
කෙළ උනන
ජේලර්ට හොරෙන්
සිර ගෙදර බිත්තියක
අගුරු කැටයකින්
නුඹ අදින චිත්‍රයක
කදු මුදුන් එළිය දී
අළුත් ඉරක් පායනව
පැටියො කාපන් හොදට
හයිය එන්නට නුඹට
බලන් උන්නට මෙහෙම
ඉරක් පායන් නෑ අපිට
අරන් එන්න ඉර අහසට...........................

( රිවිහාර පින්නදුව ) 
(  https://www.facebook.com/photo.php?fbid=717265535016866&set=pb.100002002790094.-2207520000.1415004723.&type=3&theater )

No comments:

Post a Comment