Friday, November 7, 2014

ප්‍රේමයේ සොහොන පාමුල.............




ප්‍රේමයේ සොහොන පාමුල.............


මතකයිද පෙරදාක
වැළලුවා ප්‍රේමය
බහා එය මිනී පෙට්ටියක
කදුළු සැලුවානේද
ඉකි බිදුම් අහවරව
සුසුම් සළමින් ඇවිත්
අපේ දෑතින්ම හෑරුවා
ප්‍රේමයේ මිනී වළ
සිනාසුණු මතකයන්ගෙන්
සාදවා සොහොන් කොත
ඉටි පන්දම් නැති නිසා
දැල්වුවා හදවත
ඉතින් තව කුමට
කනත්තක වැළපෙනා
හැරදමා යනු මැනවි
මතකයේ රතු රෝස
පමණක්ම රදවලා
ප්‍රේමයේ සොහොන පාමුල.............

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=584269228316498&set=pb.100002002790094.-2207520000.1415380075.&type=3&theater )

No comments:

Post a Comment