Showing posts with label උපුටන. Show all posts
Showing posts with label උපුටන. Show all posts

Wednesday, November 12, 2014

ගිනි පුපුරක් පමණක් එහි දමන්න.......




බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක් පමණක් එහි දමන්න. ගිනි ගන්නා සුළු කිසියම් දෙයක් එහි වේ නම් එය ගිනි ගනු ඇත.

( ඇනටෝල් ෆ්‍රාන්ස් )
( පරිවර්තනය - වී. අන්ද්‍රාදි )

Sunday, November 9, 2014

සැබෑ නිදහස.........






යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා ගැනීමක් මගින් සෑබෑ විමුක්තිය සක්ෂාත් වීම හෝ එකී ක්‍රමය මුළුමනින් බිඳ දැමීම සිදු නොවන බවයි. කොල්ලකාරී, අධිරාජ්‍යවාදී ආර්ථීක ආධිපත්‍යයේ අවසානය ළඟා කරවීමෙන් පමණක් සැබෑ නිදහස උදාවේ.
චේ
( බූන්දි )

Monday, November 3, 2014

එම අරගලය එලඹෙන්නට නියමිතයි.............




මම මට පැවරී ඇති වගකීම ඉටුකිරීමට සූදානම්.

මම හිතනවා මගේ මරණය සිදුවන්න ඕනේ හදිසි රිය අනතුරකින් නොවෙයි කියලා.

මම හිතනවා මගේ මරණය සිදු වන්න ඔනේ පය ලිස්සා ඇද වැටීමකින් නොවේ කියලා.

මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ හෘදයාබාධයකින් මිය යන්නට කියලා.

එහෙමත් නැත්තම් මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ පෙනහළු පිළිකාවකින් මැරෙන්නට කියලා.

ඔබ හිතනවා නම් ඔබ මැරනේන තරුණ වැඩියි. ඔබට තව කාලයක් ජීවත් වෙන්න අවශ්‍යයි කියලා, එහෙම නම් සහෝදර සහෝදරියනි ඔබ දැනටමත් මරණයට පත් වී අවසානයි.

මම විශ්වාස කරනවා මට පැවරී ඇති කාර්යය සිදු කිරීමට මට හැකියාවක් තියෙනවා කියා.

මම විශ්වාස කරනවා කම්කරු පන්තියට වඩා හොඳ ජීවිතයක් ලබා දීමට මගේ ජීවිතය පරිත්‍යාග කිරීමට හැකි යැයි කියා.

මම විශ්වාස කරනවා ජාත්‍යන්තර කම්කරු අරගලයේ විප්ලවවාදීයෙක් හැටියට මට මරණයට පත් වන්නට හැකි යයි කියා.

ඔබ සියළු දෙනාම අවසානයේ එයත් සමග ජීවත් වේවි.

එම අරගලය එලඹෙන්නට නියමිතයි.

(ෆ්‍රෙඩ් හැම්ප්ටන්)
බූන්දි

මට පිස්සු කියල හිතන්න සර්........




මුළු පලාතෙම තිබ්බ පීදෙන්න ළන් වුණ තරුණ ගස්වල මැද ගොබය කුරුමිණියො කන්න පටන් ගත්තා
මුදුන් මුලේ සිට දල්ලටත් දල්ලේ සිට මුදුන් මුලටත්
කොළ අතු නාරටිවල පවා සුදු පුල්ලි මතුවුණා 
කුෂ්ඨ රෝගයක්
දල්ල කොඩවෙලා මැරුණා
මුදුන් මුලට පණුවෝ ගහපු හින්දා
ඊටපස්සෙ මුළු පලාතම කාන්තාරයක් වෙනකම්
පීදෙන්න ලන් වුණ ගස්ටික
බිමට පෙරළන්න සිද්ධ වුණා
පෙරළලා කුඩා කොටස් වලට කෙපුවා
කපල පිච්චුවා
අළු ගන්ගා ඇළ දොළ වල පාකරල යැවුවා
මුල් කුණු උනේ ඇයි කියලා හෙව්වේ නැ
හැමොටම ඔනෙ උනේ ඒක එතනින් නවත්ත ගන්න
ඒත් කුරුමිණියො තාම ඉන්නවා
පුදුමෙ කියන්නෙ 
මුදුන් මුල් නැති ගස්වලට 
ඔය වසන්ගතය බලපෑවෙ නෑ 
දැනට ඔය ඉතිරිවෙලා තියෙන්නේ
ඒ වද ගස් ටික
මේ කියපුව දරාගන්න අමාරුයි වගේනම්
මට පිස්සු කියල හිතන්න සර්........

( ග්ලැඩියේටර් ප්‍රේමය )