Monday, November 3, 2014

අනිමිසලෝචනය අද.....................



අනිමිසලෝචනය අද.....................

ඉකිගසන කදුළකට
ඉඩදෙන්නෙ සතුටටද
දුකටදවත් නොදැන
හඩන්නට හිතයි මට
කොපුල් කදුළින් දෝවනය කර

උරතලයෙ නිදි සුව ව්දින
අවදිකරණට සිත් ලොබින
එකදු මොහොතක් නුඹේ දසුනක
මග අරින්නේ කෙළෙස නිදිවැද
අනිමිසලෝචනය අද
ප්‍රේමයේ නාමයට

වැටවල් ගහපු ජීවිතය
ගේට්ටුව උසයි මානව බැදීමට
නුඹේ අත් වැල් පටල
සිතයි මට
වැටවල් කඩන් දිවයන්න
ජීවිතේ හොයාගෙන

පෙම්වතුන් නම් දුන්න
ගණුදෙණුකාරයෝ බෝම
ගිවිසුමක් නැති අපේ ප්‍රේමෙට
පාවෙන්න ඉඩ දෙන්න

ජීවිතේ සියුම් තත්
වයන්නේ බලාගෙන
ආදරේ හදවතේ පුරෝගෙන
ඔබ එන්න ප්‍රේමයේ විල් තෙරට
නුඹේ මුව සිපගන්න ඇසිල්ලක
විශ්වයම දැහැන් ගතවෙන
කඩදාසි ඔරු හදමු අපි
විවාහ සහතිකයකින් අද............

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=647853005291453&set=pb.100002002790094.-2207520000.1415004738.&type=3&theater )


No comments:

Post a Comment