Thursday, November 20, 2014

ප්‍රමාද වූ කවියකි මේක..................




ප්‍රමාද වූ කවියකි මේක..................

ප්‍රමාදවූ කවියක්
ලියන්නට මම
මග ඇරුණු අකුරු අද
හොයනවා හැම තැනම
කැඩපතක් අද්දර
පැමිණිල්ල ගොනු කරන්නට
කදුළු පිරි නුඹෙ දෙනෙත යට
සිනාවක් තවරන්න
මහමෙරක ආදරේ
හකුළුවා හාදුවක
නුඹේ නළලත වැඩ ඉන්න
ප්‍රේමයේ හුස්මක්
මොනතරම් සැහැල්ලුද
පියඹමුද අපි
කිරළ පැටවුන් එක්ක
උදුපියළිය අරන්
හදේ හාවට දෙන්න
නුවර යමු කොච්චියක
ගැරඩියෙක් හොයාගෙන
අතර මැද මහන්සියට
ඉස්සො වඩයක් කමුද
මතකයන් රාමු කර
නිදහස් චතුරස්‍රෙ එල්ලමුද
බලන්නට එන අයට
වෝකර්ස් කැෆේ එකෙන්
ආප්ප දෙමු නේද
රතු පාට සිත්තම
නුඹේ පින්සල් පාරෙන්
තව තවත් හැඩ වෙන්න
සෙනෙහසක් අද්දර
අර මහා කදු ශිඛර
සමතලා වනු ඇත
ජීවිතේ වන්දනාවක
ප්‍රේමයක් මතුරමින්
එන්න යමු හොයාගෙන
සිසිළ දෙන නිම්නයක්
සැනසුම් සුසුම්
මද පවන විදින්නට
සිහිනයක් මත නැගිට
ප්‍රමාද වූ කවියකි මේක
තවම පරක්කු නැති..........

( https://www.facebook.com/photo.php?fbid=709976649079088&set=pb.100002002790094.-2207520000.1416542591.&type=3&theater )

No comments:

Post a Comment