Thursday, November 13, 2014

ස්පාටකස් මැයි ගීතය



ආදරේ සදාතනික පැහැය..........................

කම්හලක යකඩ ගොඩවල් අතර
දියව යන මිනිසුන්ට
ජීවිතේ වැරදුණු මැහුම
හොය හොයා ජන්ගි මහන
කලාපෙ සොයුරියනට
පිට පැළෙන ගිණි අව්වෙ
පිට කොටුවෙ වේල් අදින
නාටාමි සොයුරන්ට
වියළි කටොර බිම
දහඩියෙන් දෝවනය කර
සරුබිම් කරණ
වකුගඩු අහිමි ගොවියන්ට
දස අතේ රතු ධජ
දෑකැතිද මිටි
තොපේ සතුරන්ම වේදිකාමත
තොපිට විරුවන් කරණ
රුපියල් පන්සීයට 
ගල් කාලට
මහේශාඛ්‍යය වේදිකා අද්දර
වෙරිමරගාතෙ සරන් කඩන්
නුඹලා හදවතට ඇණ ගහන
උඹලගෙම කිව්ව දවසක
අයිතියත් උන් අරගෙන
පෑගෙන තැලෙන පොඩිවෙන
දුක් විදින මිනිසුන්ට
කියන්නට ඇත කථාවක්
ජීවිතෙත් උඹලගෙන් උදුරගෙන
ක්ෂිජ ඉම පොළවේ ගැහුව
නුඹලා දකින හීනවත්
නුඹලගෙද හිතුවද

මිනුසුනේ කල් ඇවිත්
අළුත් ඉරකට නැගෙන්නට
උදාගිරින් ඉඩ නැත්නම්
අවරගිර අහසින්
දවාලක නොවේනම්
රෑ මැදියමක හෝ
කඩා පනින්නට අහසට
දුක් විදින මිනිසුනේ
ආදරේ කරල්ලා
දහඩියට කදුළට
නුඹලගේ සුසුමකට
කරගැට නැගුණු දෑත්
සිපගනිල්ලා තදින්
අත්වැල් බැදන් කිටි කිටියෙ
ඇවිදන් වරෙව් සටන් බිමට
ජීවිතේ ලබන්නට
හීනයක් හොයන්නට
ආදරේ දිනන්නට
ඒ සෙනෙහෙ දිනන දා
නව ලොවක් ගොඩ නැගේවි
ඇත්තමයි ඒ ලෝකෙ
උඹලගෙයි උඹලගෙමයි
දන්නවද දෙයක්
ආදරේ සදාතනික පැහැය
රතු පාට මිස කුමක්...............

( https://www.facebook.com/photo.php?fbid=640072646069489&set=pb.100002002790094.-2207520000.1415933402.&type=3&theater )

No comments:

Post a Comment