Monday, November 3, 2014

ඔන්න අපි ආදරේ මරණව.................




                ඔන්න අපි ආදරේ මරණව.................


සරසවියෙ පාළු කොණක
අපි මැව්ව දහසක් හීන
හැබෑවෙන දවස ඇවිදින්
ඇත්තමයි අම්මලගෙ 
කැමැත්තත් එක්කම 
මනාලියක් කර ඈව
හැඩ බලන දා ඇවිත්
සබද ඔබ සැමට පවසමි
ඔන්න අපි බදිනවා

තුරුළුවී ඉස්සො වඩේ කන
ගෝල්පේස් සුළග මනරම්
හන්තාන නැති උනත්
කෝළමත් ඉස්තරම්
නුග සෙවණෙ සැනසෙන්න
සින්හය පිටිපස්සෙ බන්කුව හොයපු
ඒ යුගය අවසන්ය
ඔන්න අපි බදිනවා

කපල් පැකේජ් ගන්න ඩුවල් සිම් ෆෝන්
හොය හොයා දුවපු
එළිවෙන තුරා කණ අසළ
දහසක් රහස් කොදුරපු
සිනාසුණු පොඩි දේටත් අඩපු
අපි අපිම හුරතල් වුණු
හාදු දීපු රණ්ඩු කරපු
පෙම්වතිය මට අහිමි කර
ඔන්න අපි බදිනවා

විශ්වීය ප්‍රේමයට
නීති පොතක පිටුවකින්
සීමා දෙන්නෙ කෙළසකද
දකින්නට එළිවෙන තුරා
පැය ගැණපු අපි
නීතියේ යදමකින්
බැද තබන අපූරුව
විවාහය නමින් පාරම්ඹාන 
ආදරේ බලු කූඩුව
නැකත දැන් ළගයි
ඔන්න අපි බදිනවා

ඔබට ඔබ දෙපළට පවුලේ සැමට
කාඩ් එක ලැබුණනේද
ඔයත් එන්න
ලස්සනට ඇදගෙන එන්න
ණය වෙලාගන්න වෙඩිමට
ලියුම් කවරෙක දාල
කීයක් හරි අරන් එන්න
හිනාවෙවී බලන් ඉන්න
පෝරුව මත ඉදන්
ඔන්න අපි ආදරේ මරණවා.................

( රිවිහාර පින්නදූව ) 
(  https://www.facebook.com/photo.php?fbid=591337894276298&set=pb.100002002790094.-2207520000.1414998826.&type=3&theater )

No comments:

Post a Comment