Sunday, November 9, 2014

සිනාවක් දෝතට රැගෙන රත්තරනෙ එනවාද...............



සිනාවක් දෝතට රැගෙන
රත්තරනෙ එනවාද...............

පන්හිදත් අසරණව
බලා හිදිනා අරුම
මේ හැගුම් පවසන්න
වදන් ඇත්තේ කොහිද
නුඹ නොදැක දෙනුවනට
නියන් සායක් මෙදින
දෙතොළගට ඉවසුම් නොදෙන
හාදුවක කුසගින්න
උරතලය ඉකිබිදින
නුඹේ උණුසුම සොයන
ළය මඩල අසරණය
හාදු ගෙන එන
ලේන හිතවත
හාදු නොව අද
නුඹට හැකිනම්
ඇයව ගෙන එනු
සුරැක මා වෙත
සින්හයෝ උඹ ළග
තනිවෙන්නෙ කොහොමද
ඇය නොමැති හැන්දෑව
දොර පඩිය සුව වින්ද
තාමත් උණුහුමයි
ගිම්හාන නැවතුම
කුළුදුල් හාදුවක මතකය රැදුණු
මන් මාව මගහලත්
ඔය දෑස් මග හරින්නේ කොහොම
නුඹ කොහොම හිතුවාද
නුඹේ එක සිනාවක්
දකිනා පැතුමකට
දිනක් පැය මිනිත්තු
නොවේ අද තත්පරත්
ගනිනවා මම
අදරේ තුරුළු කොට
සිනාවක් දෝතට රැගෙන
රත්තරනෙ එනවාද...............

1 comment:

  1. හාදුවක් කුමකටද
    හාදු වැස්සක්ම ඇත
    දෙතොල් අග තවරලා
    ගෙනෙමි ස්නේහයේ මිහිර..

    ඔබේ සුසුමක සුවය
    නොලැබ මා ළය මඩල
    මියැදෙන්න වෙර දරයි
    උණුහුමක් නැත සොවින..

    පපුතුරෙහි සැගවෙන්න
    වෙර දරන ආත්මය
    මග හරින්නේ කොහොම
    හදවතින් හද ගැස්ම...

    ReplyDelete