Sunday, June 3, 2018

ෆුට් බෝඞ් පේ‍්‍රමය


ෆුට් බෝඞ් පේ‍්‍රමය


ඔහු සරසවියෙ අවසන් වසරෙ
පාට් ටයිම් ජොබ් එකකට 
යන අතරමග
කෝච්චි ඉස්ට‍්‍රයික් දවසක
බස් එකකට පොරකන අතර
අහම්බෙන් හම්බුන 
ෆුට් බෝඞ් පේ‍්‍රමය
සම්මතයෙ සීමා ඉරි
අමු අමුවෙ ජෝක් කළ
දශක ගණනක වයස් පරතරය
දශම ගණනට ගණන් නොනැගුන
හෙටක් නැති අද දවසෙ ආලය
ඉතිං උන් වින්ද නිහඩව
සති අන්තෙ
මොහොතකට උන්ගෙ ලෝකෙක තනිවෙන්න
එද්දි ඔහු කැමතිම
රතු පාට ලොකු මල් වැටුණු ගවුමට
සිහිනවල පියෑඹුව වගේ නොව
යථාර්තය සිරගෙයකි
සරසවිය හැරයන දා
යොවුන් විහග දිවියට ඉඩදී
ඈ පියෑඹුව ඈතට
කාලය ගෙවුණි නොදැනිම
මතකයන් ගල් ගැසී
අතීතෙක ගං පතුලෙ තනිවෙද්දි
සුදු පාට පොඩි මල් වැටුණු ගවුම් ඇදපු
රැුකියා බිමේ සමනළියකට
හිත ගියා ඔහුගෙ
මතකයන් තුවාල මත
තවරා ස්නේහයේ ඔසු
අද වගේම හෙට දවසකුත්
තිබුණ ඒ ආලය
ගැළපුනා සම්මතයෙ
සිල්පද ඔක්කෝටම
කල් මරන්නේ කුමට තව
කැදලි තනන්නේ නැතිව විහගුන්
ඔහු ගියා සුභ මොහොතක් බලා
අත පතා ඇගෙ
දෙගුරුන් හමුවෙන්න
සුදු පාට පොඩි මල් වැටුණු ගවුම
ඇදගෙන ඒ ළෙන්ගතු
සිනහවෙන් සැරසී
ඇය ආව පෙරමගට
ගේ ඇතුලට පය තැබූ ඇසිල්ලෙන්
නිසල සිත් වා තලය
කැළඹී අකුණු ගසමින්
ධාරානිපාත වැසි 
ඇදහැලෙන්නට විය
අන්දමන්දව ඔහු නිවසින් 
පිටව යන සද
ඇය බලා උන්නා ඇස් හයාගෙන
ගේ පිටිපස්සෙ වැලක
රතුපාට ලොකු මල් වැටුණු ගවුමක්
වතුර බේරෙමින් තිබුන

(රිවිහාර පින්නදුව)


No comments:

Post a Comment