Wednesday, April 1, 2015

අධි පීඩන මල් වැස්ස යටින්........


අධි පීඩන මල් වැස්ස යටින්........


අම්මගෙ ආදරේ
කිරි පිටි පැකට් එකක හිර කරපු
තාත්තගෙ රැකවරණය
රක්ෂණ ඔප්පුවෙන් මනින
ලස්සන කරන්නම දගලන
කැතම කැත නගරෙක
Macdonald ළගින්
KFC පහු කරන්
අපි යනව පෙළපාලි
ODEL එක ගාවදි
ඇස් කඩන් යන දැන්වීම් පුවරැ යට
උගුර ලේ රහ කරන්
මොර දෙන සටන් පාඨය
"අධයාපනය වෙළද භණ්ඩයක් නොවේ "
අධි පීඩන මල් වැස්ස යටින්
කදුලු ගෑස් මීදුම අතරින්
ගිණියම් කාපට් පොළව
දහඩියෙන් පෙගිල මදිනම්
බැටන් පොලු සන්ග්‍රහයට
බොහෝම ස්තුතියි
එවාපන් වෙඩි උණ්ඩ
රතු ලෙයින් දෝවනය වන දාට
ටිකක්වත් මග ඇරෙයි
ආශ්චර්යයේ මළ පුලුටු ගද........

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=495503170526438&set=pb.100002002790094.-2207520000.1427893978.&type=3&theater )

2 comments:

  1. අාණ්ඩුව මොකක් වුණත් සටන් නොකර බේරගන්න බැරි දේ තමයි නිදහස් අධ්‍යාපනය

    ReplyDelete
    Replies
    1. තාම වෙළදපළ කරණයට හරියට ලක් නොවිච්ච ලාබ උල්පතක්නෙ. මිනිස්සු නොකා නොබී උන්නත් දරැවන්ට උගන්නන් නැත=ව ඉන් නෑනෙ

      Delete